වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




රීගල් සිනමාශාලාවේ පැවති සක්කාරං මංගල දැක්මදා

රීගල් සිනමාශාලාවේ පැවති සක්කාරං මංගල දැක්මදා

ආචාර්ය ධර්මසේන පතිරාජයන් පහන් සිළුව දල්වමින්. පසෙකින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නිෂ්පාදක එච්.ඩී.පේ‍්‍රමසිරි, චම්මින්ද වෙලගෙදර.

ආචාර්ය පතිරාජ, ජනමාධ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ චිත්‍රපට නිෂ්පාදක බන්දුල ගුණවර්ධන සමඟ

ජයසිරි සහ කැමරා අධ්‍යක්ෂ ඩොන්ලඩ් කරුණාරත්න බඹරු ඇවිත් සිට සක්කාරං දක්වා

 

රීගල් සිනමාහල ඉදිරිපිට බෙර වාද්‍යකරුවන්

මාරම්බරී කැනඩාවේ සංවිධානය කිත්සිරි උපේඛා යුවලගෙන්

එඩ්වඩ් චරිතා සුසංයෝගයෙන් මෙරටදී අති සාර්ථක අන්දමින් පැවැත් වූ මාරම්බරී ප්‍රසංග මාලාවේ තවත් පියවරක් මෙම මස 30 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ දොන් බොස්කෝ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

එයට අමතරව එළඹෙන මැයි මාසයේ 07 වැනිදා මැනිටොබා විනිපෙග් ප්‍රෙසරි ශාලාවේද මැයි 14 වැනිදා කැල්ගරි ග්‍රීක් ශ්‍රවණාගාරයේද මාරම්බරී ප්‍රසංගය පැවැත්වෙනු ඇත.

මම ප්‍රසංග මාලාවෙහි සංවිධානය කිත්සිරි ජයසේකර සහ උපේඛා ගංගොඩවිල යුවළගෙනි. යුග ගායනා ශාරණ්‍යා ජයකොඩි සහ කැළුම් ගීගනගේ ගෙනි.

රංජනී පූසාන් කෙටි චිත්‍රපට උලෙළේ ජූරියට

ආසියා පැසිපික් සිනමාවේ ප්‍රවර්ධනය සඳහා වූ ජාලයේ විධායක කමිටු සාමාජික සහ ආසියානු සිනමා කේන්ද්‍රයේ ලේකම්වරිය වූ රංජනී රත්න විභූෂණ අප්‍රේල් මස කොරියාවේ 33 වැනි අන්තර් ජාතික පූසාන් කෙටි චිත්‍රපට උලෙළේ ජූරියේ කටයුතු කිරීම සඳහා දිවයිනෙන් බැහැරව ගියාය. ඇය සමඟ ජූරිය නියෝජනය කරන අනෙකුත් සාමාජිකයන් වනුයේ පූසාන් චිත්‍රපට සංගමයේ උප සභාපති කිමියි සියොක් සහ ජපානයේ කවාකිතා අනුස්මරණ සිනමා ආයතනයේ යුකා සකානෝය.

හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර් ආරම්භවේ

කීර්ති බණ්ඩාර තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන 'හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්' චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය 20 වන දින පෙරවරුවේ සුභ මොහොතින් දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්විණි.

ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. හස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිතය ටෙනිසන් කුරේ විසින් රංගනයේ යෙදෙයි.

සනේජා බිබිලේ, නයනා කුමාරි, ගයාත්‍රි ඩයස්, විජේරත්න වරකාගොඩ , රූපා ගෝමස්, රොජර් සෙනෙවිරත්න, විල්සන් කරුණාරත්න, නෝමන් පළිහවඩන, උපුල් වීරසිංහ, සුගත් මොරගහකුඹුර, විශාඛා සිරිවර්ධන ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය දක්වන 'හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්' චිත්‍රපටය කීර්ති බණ්ඩාරයන්ගේ සිව් වන චිත්‍රපට අධ්‍යක්ෂණයයි.