වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




නව තනතුරක් ලැබිලා

නව තනතුරක් ලැබිලා

අයාල්, පියවි, යාය 4 වගේ අනගි ටෙලි සිතුවම් තැනූ චාමර පීරිස් ආයේ ටික කලකට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නැතිලු. ඔහු එහෙම දැඩි තීරණයක් අරගෙන. ඒ විස්තරය අහලා චාමරගේ යාළුවෝ ටිකක් බයත් වෙලා. චාමර ක්ෂේත්‍රය ගැන කලකිරිලා කියලයි ඒ අය හිතලා තියෙන්නේ. නමුත් වෙලා තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. චාමරට නව තුනතුරක් ලැබිලා. ඒ කැපිටල් මහරාජා සමාගම යටතේ පවතින සිරස ස්ටයින් මැදිරියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා හැටියට.

දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන එහි වැඩසටහන් කළමනාකරණය කරනවා කියන රාජාකාරිය සුලුපටු නැහැ. මේ හින්දා තමයි ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් ඈත් වෙලා තියෙන්නේ. චාමර කලක් ලේක්හවුසියේද සේවය කළා. ඔහුගේ පියා ලේක්හවුසියේ හිටපු සභාපතිවරයකු වන ජනදාස පීරිස් මහතා. චාමර ඉතින් මේ දිනවල සිය රාජකාරිය අකුරටම කරකමින් සිටිනවාලු.