වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඉම්පාලා හෙට රෑ සමුගනී

ඉම්පාලා හෙට රෑ සමුගනී

මෙරට තිබෙන පැරැණි සිනමා ශාලාවක් වන රාජගිරිය ඉම්පාලා හෙට 10 වැනිදා චිත්‍රපට ප්‍රදර්ශනයෙන් තාවකාලිකව සමු ගනී. ඒ වෙනුවට තව නොබෝ දිනකින් එය සියලු තාක්ෂණයෙන් යුතු සිනමා ශාලා තුනක් සහිත සිනමා සංකීර්ණයක් එහි ඉදි කෙරෙනු ඇත. පුරා අවුරුදු 52 ක් තිස්සේ ප්‍රේක්ෂක ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් කටයුතු කළ මෙම සිනමාහල 1963 වසරේ ඉදිකළ ඊ. ඒ. පී. සමාගමේ මුල්්ම සිනමාහල විය. එය ඉදි කරන ලද්දේ සමාගමේ නිර්මාතෘ ඊ. ඒ. පී. එදිරිසිංහ මහතාය.

ඊ. ඒ. පී. සමාගම නිපද වූ කපටිකම එහි මුල්ම චිත්‍රපටය විය. සාරවිට, අල්ලපු ගෙදර, බිනරමලී, ලොකුම හිනාව, කවුද රජා, දුලීකා, රත්තරං අම්මා, බහුබූතයෝ පසුකාලීනව එහි තිරගත වූ චිත්‍රපට වේ. චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික සමාගම්වලට පැවරිමට පෙර ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සතු ප්‍රදර්ශන මණ්ඩල පහෙන් දෙවන ප්‍රදර්ශන මණ්ඩලයේ ආරම්භක සිනමා ශාලාව ලෙස වසර ගණනාවක් තිස්සේ සිනමා ක්ෂේත්‍රය වෙනඅවෙන් මාහැඟි සේවයක් කළ ඉම්පාලා පිළිබඳ මෙරට ප්‍රේක්ෂක ජනතාව තුළ ඇත්තේ ඉමහත් ප්‍රසන්න හැඟීමකි. දැනට තිරගත වන මහරජ ගැමුණු චිත්‍රපටය හෙට 10 වන දින රාත්‍රී 7 දර්ශනයෙන් පසු පැරුණි ඉම්පාලා ශාලාව ඉවත් කෙරෙනු ඇත.