වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සිරිල් ධර්මවර්ධන සමරා ගිලන් රථ පරිත්‍යාගයක්

සිරිල් ධර්මවර්ධන සමරා ගිලන් රථ පරිත්‍යාගයක්

පිළිකා රෝගයට ගොදුරුව සිට ජීවිතයෙන් සමුගත් රංගධර සිරිල් ධර්මවර්ධන වෙනුවෙන් පිහිටුවන ලද සිරිල් ධර්මවර්ධන පදනම විසින් පසුගිය මාර්තු 26 වැනිදා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට බෙන්ස් වර්ගයේ අගනා ගිලන් රථ දෙකක් සහ රෝද පුටු පනහක් පරිත්‍යාග කරන ලදී.

සිරිල් ධර්මවර්ධන පදනම ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පිහිටුවා ඇති අතර ඔහුගේ පුත් බිනර ධර්මවර්ධන විසින් එහි සභාපතිත්වය දරනු ලබයි. ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව සංවිධානය වූ මේ සඳහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ආධාර කර ඇත.

ගාල්ල කරාපිටිය රෝහලේ පරිශ්‍රයේ පැවැති මෙම පරිත්‍යාග කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපති පූජ්‍ය තලංගල්ලේ විජිත හිමි, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර ඇතුළුව ශ්‍රියාණි අමරසේන, මොරින් චාරුණි. චම්පා ශ්‍රියාණි, සුසන්තා චන්ද්‍රමාලි, නිර්ධා උයන්හේවා, සඳුන් විජේසිරි, සේමිණි ඉද්දමල්ගොඩ, අමිත්ත වීරසිංහ, වසන්ත කුමාරසිරි, සාරංග දිසාසේකර, සමාධි අරුණ චායා, සංජය මොරගොල්ල, අනුර වරාගොඩ, කුමුදු නිශාන්ත, අනුර ශ්‍රීනාත් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි වූහ. කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහ විසින් මෙම අවස්ථාව මෙහෙයවන ලදී.