වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




බ්‍රෙට් ලී බොලිවුඩ් සිනමාවට

බ්‍රෙට් ලී බොලිවුඩ් සිනමාවට

ඔස්ට්‍රෙලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බ්‍රෙට් ලී බොලිවුඩයට ඇවිත්. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන විටදීත් ඔහු කලාවට දැක්වූවේ විශේෂත්වයක්. බ්‍රෙට් ලී මේවන විට බොලිවුඩ් චිත්‍රපටයකට දායක වෙමිනුයි සිටින්නේ.

පසුගිය දවසක මෙම චිත්‍රපටයේ ගීතයක් රූගත කළා. එහි තණිෂ්තා චැටර්ජී සහ බ්‍රෙට් ලී රංගනයෙන් දායක වෙනවා. අනූපම් ෂර්මා අධ්‍යක්ෂණය කරන Unindian නම් වූ මෙම චිත්‍රපටයේ බ්‍රෙට් ලී විල් නම් ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ චරිතයට පණ පොවනවා. තණිෂ්තා මීරා නම් චරිතය නිරූපණය කරනවා. ආදරය සහ හාස්‍ය රැගත් මෙම චිත්‍රපටය සිඩ්නිහි වෙසෙන ඉන්දීය ජාතික එක් දරු මවක් වන මීරා වටා ගෙතී තියෙනවා. ඇය ඔස්ට්‍රෙලියානු ජාතික විල් සමඟින් පේ‍්‍රමයෙන් බැදීමත් සමඟ මුහුණ දෙන සිදුවීම් මෙම චිත්‍රපටයෙන් ගෙන එනවා.

බ්‍රෙට් ලී රංගනයෙන් දායක වන ප්‍රථම චිත්‍රපටය මෙය වුණත් කලාවට සම්බන්ධවන ප්‍රථම අවස්ථාව නම් මෙය නොවේ. ඔහු මීට පෙර ආශා බොස්ලේ සමඟින් ගීතයක් ගායනා කළා. 2007 වසරේදී එළිදැක්වූ You are the One නම් වූ එම ගීතය රචනා කළෙත් බ්‍රෙට් ලී විසින්මයි.