වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




පත්තිනි කැපෙයි

පත්තිනි කැපෙයි

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පත්තිනි සිනමාපටයේ රූගත කිරීම් පසුගියදා නිම විය. එය මේ දිනවල මැජික් ලැන්ටර්න් සංස්කරණ මැදිරියේ තිස්ස සුරේන්ද්‍ර අතින් සංස්කරණය වෙමින් පවතියි. සුමති චිත්‍රපට වෙනුවෙන් මිලිනා සුමතිපාල නිෂ්පාදනය කළ මෙහි රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, සනත් ගුණතිලක, උද්දික ප්‍රේමරත්න, පූජා උමා ශංකර්, දයා අල්විස්, අරුණි රාජපක්ෂ, විනු සිරිවර්ධන, අමා විජේසේකර, රමණී සිරිවර්ධන, අවන්ති අපෝන්සු, වසන්ත විට්ටච්චි, ගාමිණී ජයලත්, අනුර බණ්ඩාර රාජගුරු, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ ඇතුළු නළු නිළියන් රැසක් රංගන දායකත්වය සපයති.

චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් ද, වෙනුක වික්‍රමආරච්චි වස්ත්‍රාභරණ නිර්මාණයෙන් ද පත්තිනි සඳහා එක් වෙයි. බිමල් දුෂ්මන්තගේ කලා අධ්‍යක්ෂණයකි. සමීර මධු කිඳෙල්පිටිය අංග රචනා ශිල්පියාය. රුචිර දිනෙෂ්ක කේෂාලංකාරකරණයේ දායක විය. මනෝහාරි හේවාවසම්ගේ නිෂ්පාදන කළමනාකරණයකි.