වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සක්විති ගාමිණී ඔබ නැති සිනමාවම පාළුයි, අඳුරුයි

‘රේඛාව‘ චිත්‍රපටයේ සිට ‘අන්තිම රැය’ දක්වා සිංහල චිත්‍රපට රැසක රඟපෑ සිනමා සක්වති ගාමිණී ෆොන්සේකා චිත්‍රපට 9 ක් නිර්මාණය කළේය. ඉංග්‍රීසි සහ දමිළ චිත්‍රපට කිහිපයක රඟපෑ හෙතෙම නොමැති වීම හෙළ සිනමාවට අති දැවැන්ත පාඩුවකි.

සිසිර කුමාරසිංහ

උඩලවත්ත

ස්වාධීන රූපවාහිනියට පුරසඳ පායයි

පසුගියදා විකාශය වූ චැට් ඇන්ඩ් මියුසික් අප නැරැඹුවේ ඉහවහ ගිය සතුටකිනි. ඒ අපේ නිළි රැජන නිසයි. රසිකයන් සහ සහෝදර ශිල්පීන් ඈ ගැන ගුණ වයද්දී කුඩා දරුවකු මෙන් අහිංසකව සිනාසෙමින් එය විඳගත් අයුරු ගැන ලිවීමට මා ඉගෙන ගත් වචන මදිය. ස්වාධීන රූපවාහිනියට පුරසඳ පෑයූදා අප නිවෙස්වලටත් එහි රශ්මිය නිතැතින්ම දැනිණි. නිළි රැජනියේ ඔබේ දිවිය තව තවත් වාසනාවන්ත වී ඉදිරියටත් අප නෙත සිත පිනවන්නට සිය දහස් වාරයක් ඔබට තවත් අවස්ථාව ලැබේවා.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

අභීත දියණියන් තවත් ඕනෑ

ජාතික රූපවාහිනියෙන් විකාශය වූ කොරියානු ටෙලි නාට්‍යයක් වන සුජාත දියණි මෙරට ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අතර පසුව එම රටේම අභීත දියණි දැන් විකාශය වේ. ඉන් පසුත් ප්‍රේක්ෂක අපට එවන්ම ටෙලි නාට්‍යයක් කරන්න.

තිලකරත්න විල්වල

කෑගල්ල

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී

හැත්තෑව අසූව දශකවල මෙන් නොව අද සිංහල සිනමා ශිල්පින් ගොඩක් දෙනා අතර සමඟියක් ළෙංගතුකමක් ඇත්තේම නැත. ප්‍රසිද්ධියේම මාධ්‍ය උපයෝගී කර ගනිමින් එකිනෙකාට දෝෂාරෝපණය කර ගනිති. ඉන් ඔවුනට සිදුවනුයේ අවැඩක්මය. රසික සිත්වල ඔවුන්ට තිබූ ආදරය ගිලිහෙනවා පමණක් නොව කලා ලෝකයෙන් ද ඔවුනට හිමි වනුයේ ගැරහුම් අවමන්ය. එය ඔවුන්ගේ ඉදිරි පැවැත්මට ද බාධකයකි.

අද බහුල වශයෙන් මෙවන් දෑ සිදු වනුයේ සිනමාව තුළට වඩා පුංචි තිරයේ ශිල්පිනියන් ශිල්පීන් අතරේ. ඔවුන් සමගියෙන් ආදරයෙන් ළෙංගතුකමින් පසුවන්නේ නම් ඔවුන් සිටින කලා මාධ්‍යය දියුණු වෙනවා පමණක් නොව රසික සිත් අතරේ ද ඔවුන්ට නිසි තැන හිමිවනවා ඇත.

කරු මන්දාවල

නාත්තණ්ඩිය

උදය කුමාරිගේ රංගනය අපූරුයි

සඳා ටෙලි සිතුවමේ රඟන උදය කුමාරි රණසිංහගේ රඟපෑම් ඉතාමත් රසවත්. දිගු නිහැඬියාවකින් පසුව ලස්සන රඟපෑමක් ඉදිරිපත් කරන ඔබට තව තවත් ටෙලි නාට්‍යවල රඟපෑමේ ශක්තිය ධෛර්ය ලැබේවා.

සරත් සේනාධීර

ජාඇල, කළඑළිය

සොඳුරු අතීතයේ සුමියුරු ගී අප වෙනුවෙන් දිගටම ගයන්න

සුභාවිත ගී කෙත පෝෂණය කිරීමෙහිලා හරවත් ගීත රැසක් පද රචනය කළ මාලිනී ජයරත්න නම් දයාබර බිරියගේ අසනීපය හේතුවෙන් එයටම කැප වී වසර ගණනාවක්ම ගායන ක්ෂේත්‍රයෙන් ඈත් වී යළි කිසිදු දිනෙක ගීත ගායනා නොකිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් පසු වූ ටී. එම්. ජයරත්න නම් ප්‍රවීණ ගායකයාණෙනි, බිරිය මාලිනීගේ නොපසු බසිනා උත්සාහය නිසා දිගු නිහඬතාවයට විරාමයක් තබමින් යළි ගීත ගායනයට පිවිසීම අප ලද අස්වැසිල්ලකි. සොඳුරු අතීතයේ ඔබගේ සුමියුරු හඬින් ගැයූ අම්මා සඳකි, ජීවිතයේ අමධාරා, අඳුරු කුටිය තුළ, ඔබ හා මෙමා, නොබලන් කුමරිය, මුලු ලොවම ඇතුළු මුතුවන් ගීත පොකුරට මෙන්ම ඔබට ආදරය කරන සුවහසක් රසික රසිකාවන් තවමත් මේ පුංචි රටේ සිටිනා බව අමතක නොකරන්න. සොඳුරු අතීතය ගී ප්‍රසංගයෙන් නොනැවතී අප වෙනුවෙන් දිගටම ගයන්න.

ඩබ්ලිව. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

දූනගහ.

ලෙඩ වුණත්, සිරුර පුෂ්ටිමත්?

ජාතික රූපවාහිනියේ විකාශය වන ඉසිංභවය ටෙලි නාට්‍යයයේ රඟපාන මේනක රාජපක්ෂගේ රඟපෑම් හොඳයි. නමුත් ලෙඩ ඇඳේ සිටින ඔහුගේ සිරුර වැහැරෙනවා වෙනුවට කාවර්ධන ශිල්පියකු සේ දිස් වෙයි. එයින් ප්‍රේක්ෂකයා විමතියට පත් වෙයි.

අයලීන් සෝවිස්

රාගම

දඟකාර නෙහාරා හරිම අපූරුයි

අප ආස කරන දඟකාර අහිංසකාවිය නෙහාරා පීරිස්, ඔයා ටෙලි නාට්‍යවල හරිම අපූරුයි.

සුනේත්‍රා

මහව

ප්‍රේක්ෂක රුචියට නිගා දෙන්න එපා

දේශිය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමක් තිබුණු කාලයක් විය. ප්‍රේක්ෂකයන්ට හරවත් මෙන්ම වින්දනය කළ හැකි නැවත නැවත නැරැඹුවත් එපා නොවන රසවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම නැරැඹීමට මුල් යුගයේ අපට හැකි විය. පළිගු මැණිකේ, යශෝරාමය, හිමි අහිමි, දඬුබස්නාමානය, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍යයන් ඒ අතර වෙයි. එහෙත් අවාසනාවකට මෑත කාලයේ දේශීය ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ ඒකාකාරී කිසිම හරවත් බවක් නැති ටෙලි නාට්‍ය මාලාවක්ම දක්නට ලැබේ. මේ නිසා ටෙලි නාට්‍ය ගෙදර ආලින්දයේ සිට සුවපහසුව රූපවාහිනී තිරය හරහා බැලීට හැකි වුවත්, ටෙලි නාට්‍ය බලන පිරිසට වඩා නොබලන පිරිස වැඩි වී ඇති බව අපට අසන්න ලැබේ.

මෙයට ප්‍රධානම හේතුව ප්‍රේක්ෂක බුද්ධි වර්ධනය සඳහා නොව බුද්ධියට නිගා කරන ටෙලි නාට්‍යයන් වැඩි බවයි. ඇතැම් දක්ෂ රංගන ශිල්පීන් ද පවසන්නේ දවස පඩියට වැඩි කරන කුලීකාරයින් බවට ඔවුන් පත් කොට ඇති බවයි. නියමිත තිර පිටපතක් කියවා චරිත අධ්‍යනය කර ඒ චරිතය තුළට පිවිසීමට ඔවුන්ට නොහැකි වීම හේතුවෙන් නළු නිළියන් රූකඩ චරිත බවට පත්ව ඇත. මෙනිසා ටෙලි නාට්‍යයක් තුළ නළු නිළියන් හිටිගමන් අතුරුදන් වීම අහම්බෙන් ඒ වෙනුවට කඩා පාත්වන චරිත නළු නිළියන් මෙන්ම ග්‍රාම්‍ය මට්ටමේ විහිළු රැගත් විකට චරිත නිසා අද ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක රුචිකත්වයෙන් බැහැරව විකාශය වේ. මීට අමතරව අතොරත් නැතිව වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය ද වෙහෙසකරය. කළ යුත්තේ සමස්ත ප්‍රේක්ෂක ජනතාවගේ රුචිකත්වය හඳුනාගෙන, හොඳ කතා සංකල්ප රැගත් නිර්මාණ කිරීමයි.

ධර්මා ඒකනායක

මාතලේ

ප්‍ර ති චා ර
ක්ෂණිකව 0752805047 අංකයට.
නැතිනම් ලියන්න මේ ලිපිනයට,
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

මේ SMS ප්‍රතිචාර තීරයයි

ලෝචනා හොඳයි

තූර්යා ටෙලි නාට්‍යයේ ලෝචනා ඉමාෂි හොඳට රඟපානවා.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ඇක්ටිං සුපිරියි

රන්ජන් අයියේ ඔයා මියුසික් වීඩියෝ එකක ඉන්නකෝ. ඔයාගේ ඇක්ටිං තවමත් සුපිරියි.

දිල්හාන්

පානදුර

පැරැණි චිත්‍රපට ඇසුරෙන් අලුත් චිත්‍රපට හදන්න එපා. ඒක එම ශිල්පින්ට කරන අපහාසයකි.

අනුලාවතී

කුඩගම

සොඳුරු අතීතය නැවතත් ගෙන එන්න ටී. එම්. ජයරත්න කලාකරුවාණෙනි.

රෝයි රාජ්

ඉතාලි

කලකට පෙර ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ දක්ෂ ගිටාර් වාදකයකු ලෙස කටයුත කළ එසේම දක්ෂ ගායකයකු වූ උපාලි කන්නන්ගර කලාකරුවා අමතකව තිබීම රසික දනත්වය අමතක කිරීමකි.

දමයන්ති කුමාරි

හොරණ

නිල්මිණිගේ හිනාවට රටක් වසඟ වෙනවා.

අශෝකා, චන්දන, වත්සලා

අම්බලන්තොට

ක්ලීටස් මෙන්ඩිස්ට,

ඔබව රිදී තිරයෙන් අප දුටුවේ සටන් නළුවකු ලෙසිනි. නමුත් මෑතක සිට ඔහු රඟපාන්නේ පියාගේ චරිතයයි. එම චරිතය ක්ලීටස්ට හොඳට ගැළපෙනවා.

ජෙසිකා

මීගමුව

ජූඩ් රොගෑන්ස් අයියේ,

ඔයා තමා මම ආසම ගායකයා. ඔයාගේ හිනැහෙන්නෙ ඇයි ඔහොම සහ කඳුළැල් උහුලන් ගීතය ගොඩක් ලස්සනයි.

සකුරා

මීගමුව

රොෂාන් රණවන අයියේ ඔයා බඳින දවසට ඔයාගෙම සිංදුවක් කියන්න.

ශානි

නුවර

වසන්ත කුමාරවිල තමයි සිංහල සිනමාවේ සුපිරිතම සටන් නළුවා. ඔහු රඟපෑ රන්ජා චිත්‍රපටය දකින්න ඉන්නේ මං හරිම ආසාවෙන්.

වික්‍රම

මිද්දෙණිය

අභීත දියණි ආදර්ශවත්.

කමල්

බිබිල

සිංහල සිනමාවේ අද්විතීය සටන් නළුවකු වන සුමිත් මුදන්නායක කලාකරුවාණන් අලුත් චිත්‍රපටයකින් දකින්න ආසයි.

නාමල්

අකුරැස්ස

හිරු නාලිකාවේ ටොප් ටුවෙන්ටි වැඩසටහන ශලනි අක්කා සහ විරාජ් අයියා ලස්සනට ඉදිරිපත් කරනවා.

පවිත්‍රා

බෙලිඅත්ත

කාංචනා මෙන්ඩිස්,

ඔබ තවමත් එදා වගේම ලස්සනයි.

සුදත්, නිශාන්ත

මීගමුව

හපන් පැදුරේ ගී ගැයූ කසුන් චාමර සොයුරාණෙනි, ඔබේ ළමා විය දෙස හැරී බලන විට ඔබේ කටහඬ නැවත අහන්න ආසයි.

රුවන් කුමාර

රත්නපුර

දමිත් අසංක අයියගේ ‘සිත මගෙ රිදුනා’ ගීතය අපේ හිතට දැනෙන, වදින ගීතයකි.

මුතු

ගම්පහ

ඉන්ද්‍රාණි පෙරේරා ඇයගේම මව වෙනුවෙන් ක්ලැරන්ස් නිර්මාණය කළ මතකය ඇසුරෙන් ගීතය ගැයීමට තහනම් කර ඇති වග දැන් රහසක් නෙවෙයි. එය ඇයට වුණ මහත් අසාධාරණයක්. ඇය වෙනුවෙන් කවුරුවත් කතා නොකරන එකයි පුදුමේ.

ලක්මාලි

වරකපොළ