වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය -113
 

ඒක දිග කතාවක්

තිරගත වූ දිනය – 1982 මැයි 08

ඉදිරිපත් කිරීම - සෙවන් ආට්ස්

නිෂ්පාදනය – බැප්ටිස් ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය, කතාව, දෙබස්, තිර රචනය සහ ගීත රචනය - ශ්‍රීී නිහාල් ජයසිංහ

සහාය අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්, ගාමිණී නවරත්න

කැමරා අධ්‍යක්ෂණය – ලලිත් ගුණවර්ධන

කැමරා සහාය – ඇන්ටනි සිල්වා, ගනේෂ් කුමාර්

සංස්කරණය - ඩබ්ලිව්. ඩී. කේ. රූබන්

සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, ගාමිණී නවරත්න, සුනිල් උපාලි

අංග රචනය - කේ. සුබ්බයියා සහාය ඇන්ඩෘ ප්‍රනාන්දු

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, පී. සුන්දරරාජා, ටී. ඇලෝසියස් රුද්‍රිගු, වී. කරුණාරත්න

රසායනාගාර කටයුතු – ඇස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී.)

රසායනාගාර සහාය – ඇම්. ජී. මුත්තුසාමි, ඇම්. රාමචන්ද්‍රන්, ආර්. ජෝන්, ඒ. එම්. ප්‍රේමදාස, ඩේවිඩ්සන්, එන්. යෝගරාජා, සී. ආර්. රාජා

සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල – වත්තල

නිෂ්පාදන කළමනාකරණය – හැමිල්ටන් අක්මීමන, ඩී. ඩී. ඇඩ්මන්

විදුලි ආලෝකය – බී. සෝමදාස, ජේ. එච්. ඒ. ෆ‍්‍රැන්සිස්, ඩබ්ලිව්. ඇල්බට්, ඩබ්ලිව්. ඔස්ටින් මොරායස්, අයි. පී. චන්ද්‍රසිරි, ආර්. එම්. ෂ;ජ්රත්න, එඩ්වඩ් ජයසිංහ

කොණ්ඩා සැකසුම – පාලිත කුමාර්

ඇඳුම් නිර්මාණය - මුණියන්ඩි

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රෙක්සාමි

ගීත - අන් සතු ළඳේ මාගේ – එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් – බැප්ටිස් ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර, රෙක්ස් කොඩිප්පිලි, ෆෙ‍්‍රඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, මානෙල් වානගුරු, පියදාස විජේකෝන්, ඩීන් කුමාර්, ගුණපාල වීරසේකර, සුනිල්සෝම පීරිස්, පියසෝම අබේසිංහ, ටියුඩර් කරුණාතිලක, රිචඩ් ප්‍රනාන්දු, ලයනල් තමිල්, දයා ජයසිංහ, කලේ චෙල්වම්

ආරම්භක සිනමා ශාලා – රොක්සි - වැල්ලවත්ත, කල්පනා - කිරුළපන, චිත්‍රා - කළුතර, රාජ් – මීගමුව, චන්ද්‍රා - අවිස්සාවේල්ල, සමුද්‍රා – වත්තල, පබ්ලික් හෝල් - ගම්පහ, ඕඩියන් මහනුවර, කුවින්ස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, ඡායා - කෑගල්ල, පර්ල් - හලාවත, ජීවනී – අලව්ව

*******************************************************************************

සනසන්න මා

තිරගත වූ දිනය – 1982 මැයි 21

ඉදිරිපත් කිරීම - සුහේර් ෆිල්ම්ස්

නිෂ්පාදනය - සෙයින් සුහේර්

කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – වින්සන්ට් සෙනෙවිරත්න

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

අංග රචනය - කේ. සුබ්බයියා, ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය – සාලිය ඩයස්

සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර

කැබරේ නැටුම් - ශ්‍රීමා කොඩිකාරගේ

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර කටයුතු – හොංකොං කලර් මූවී ලැබ්

සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල

නිශ්චල ඡායාරූප - මොහොමඩ් අලි

දෙබස් කැවීම – නිහාල් ජයවර්ධන (සෙයින් සුහේර්) සන්ධ්‍යා රඹුක්කනගේ (විශාඛා සිරිවර්ධන)

කොණ්ඩා සැරසිලි - සුවිනීතා පීරිස්

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත - මගේ පැතුම ඔබ ළඟයි ජීවිතේ- එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

රුං රුං සමනලුන් වලේ නිල්ලොව - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

සැප සම්පත් විඳිනා කළ - එච්. ආර්. ජෝතිපාල

හිතනා විටයි සුව දැනෙන්නේ – ඇන්ජලින් ගුණතිලක

හිත මාගේ පරිනත වී – ලතා වල්පොල

මා දැන් ඔබෙ දෝ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල

නළු නිළියන් – ජගත් පෙරේරා, සබීතා පෙරේරා, සෙයින් සුහේර්, විශාඛා සිරිවර්ධන, ශ්‍රීමා රාණි, රේමන් වාස්, සීතා කුමාරි, වික්ටර් සෙනෙවිරත්න, ජෝශප් සෙනෙවිරත්න, දයානන්ද ජයවර්ධන, රංජිත් සුරංග, ටෙඩී විද්‍යාලංකාර, සුරංග ප්‍රනාන්දු, රන්ජන් කොඩිකාර, වින්සන් සෙනෙවිරත්න, ආනන්ද රංජිත්, රූපා ගෝමස්

ආරම්භක සිනමා ශාලා - ලිඩෝ – බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, කුවින්ලන් - නුගේගොඩ, මේඛලා - ගම්පහ, අප්සරා – හෝමාගම, ප්‍රින්ස් - ගාල්ල, රීගල් - මීගමුව, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, නිව් ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල

*******************************************************************************

අනුරාධා

තිරගත කළ දිනය – 1982 ජූනි 04

ඉදිරිපත් කිරීම - දිල්හාරා චිත්‍රපට

නිෂ්පාදනය - සිරිල් වීරසිංහ

කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය - සිරි කුලරත්න

කතාව, දෙබස් සහ තිර රචනය – ජයසේකර අපොන්සු

සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක, ප්‍රේමදාස හේවාකුරුප්පු

කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා - සහාය – බන්දුල කුරේ

සංස්කරණය - කොලින් පෙරේරා

අංග රචනය – එස්. පී. කොස්තා - සහාය - කේ. ඩී. සිරිපාල

කලා අධ්‍යක්ෂණය - සිරිල් වීරසිංහ

නැටුම් අධ්‍යක්ෂණය - ශ්‍රීමා කොඩිකාර

නිෂ්පාදන සහාය - කේ. ජී. මෝහන්, සුනිල් ප්‍රේමදාස

කොණ්ඩා මෝස්තර – ලලිත් පෙරේරා

කැමරා උපකරණ සැපයීම - සිනෙක්වීප් ආයතනය, දිසානායක චිත්‍රපට, රාජපක්ෂ ෆිල්ම්ස්, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද පරිපාලන සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, ලාල් පාලිත සිල්වා

ශබ්ද සංයෝජන සහාය - ඩෙනිස් රුද්‍රිගු, බර්ටි රුද්‍රිගු

රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිෂ්පාදන අධිකාරි - සිඩ්නි වික්‍රමසිංහ

සංගීත අධ්‍යක්ෂණය – කිංස්ලි රාජසිංහ, ලයනල් අමරසිංහ

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන

ගීත -පියමං කළා ද මා - එච්. ආර්. ජෝතිපාල

මායා අතීතයේ - ලතා වල්පොල

තාරකා දිහා නෙතු හෙලා - මිල්ටන් මල්ලවආරච්චි

ආශා දෑසේ සිහිනේ – ඉන්ද්‍රාණි පෙරේරා

නළු නිළියන් – මාලිනී ෆොන්සේකා, ජයසේකර අපොන්සු, මර්වින් ජයතුංග, එඩ්මන්ඩ් ජයසිංහ, විශාකා සිරිවර්ධන, දෙනවක හාමිනේ, රූබි ද මෙල්, දයානන්ද ජයවර්ධන, ලයනල් දැරණියගල, විල්සන් කරුණාරත්න, රංජිත් සුරංග, චන්දි රසිකා, දේවේන්ද්‍ර මාකස්

ආරම්භක සිනමා ශාලා - රීගල්- කොටුව, රිට්ස් - බොරැල්ල, ටියෝ - දෙහිවල, ජයන්තා – ගම්පහ ඇතුළු සිනමා ශාලා 14 කදී ප්‍රදර්ශනය විය

*******************************************************************************

රහසක් නැති රහසක්

තිරගත වූ දිනය – 1982 ජුනි 18

ඉදිරිපත් කිරීම - ජෙනි නිෂ්පාදකයෝ

නිෂ්පාදනය – කැමිලස් ජෙරී ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය - එම්. වී. බාලන්

කතාව, දෙබස් සහ තිර රචනය -

සිරිල් ඒ. සීලවිමල, ඇස්. වී. අලගේෂන්

සහාය අධ්‍යක්ෂණය – බර්ටි තලගල, උපාලි පියරත්න

නිෂ්පාදන සහාය – එස්. වී. රන්ජන්, එම්. නජිම්, ජස්ටින් පියතිස්ස

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

කැමරා සහාය – එස්. රත්නසිරි, ඇන්තනි පෙරේරා, ඒ. ආර්. මාටින්

සංස්කරණය - සිරි කේ. විතාරණ

සංස්කරණ සහාය – එම්. එස්. අලිමාන්, එල්මෝ හැලිඩේ, විල්ෆ‍්‍රඩ් පෙරේරා

අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා

නැටුම් අධ්‍යක්ෂණය - හෙලන් කුමාරි

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - සෙන්ට් ජෝන්, එල්රෝයි අල්මේදා, ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

රසායනාගාර සහාය – කමල්ඩීන්, වේලායුදන්, රොමියෙල් සිල්වා, එන්. ඇතුලත්මුදලි

සැකසුම – ලංකා චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

නාමාවලිය – ජී. තිලක් තොටහගේ

නිශ්චල ඡායාරූප – ඒ. ආර්. මොහොමඩ්

ගීත පටිගත කිරීම –

රාජ්‍ය චිත්‍රපට සංස්ථා ශබ්දාගාරය

ප්‍රචාරක කටයුතු - ප්‍රේම් ජයන්ත්

නිෂ්පාදන කළමනාකරණය - රොනී ලීනස් ප්‍රනාන්දු

නිෂ්පාදන කෘත්‍යාධිකාරී – බර්ටි තලගල

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, කරුණාරත්න අබේසේකර

ගීත - යෞවනයේ මල් කැකුළු පිපෙන්නේ – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, වර්නන් පෙරේරා, ෆ්ලොරින්ඩ් පෙරේරා

සැමියෙකු හට මේ ලෝකේ – එච්. ආර්. ජෝතිපාල

අපි හිනැහෙන්න – ලතා වල්පොල

මිනිසෙකු වී ලොව උපදින්නේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා

නළු නිළියන්- විජය කුමාරණතුංග, ශ්‍රියාණි අමරසේන, රොබින් ප්‍රනාන්දු, සෝනියා දිසානායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මානෙල් වානගුරු, හෙලන් කුමාරි, ප්‍රියදර්ශනි පුෂ්පකුමාර, බී. ඇස්. පෙරේරා, මොරිස් දහනායක, එන්. එම්. සරත් කුමාර, එස්. ජෝර්ජ් රුද්‍රිගු, හේමන්ත සෙනෙවිරත්න, රොනී ලීනස් ප්‍රනාන්දු, සුමනා අමරසිංහ

ආරම්භක ප්‍රදර්ශනය – අශෝකා, ප්ලාසා, එමෙස්, ඉම්පාලා ඇතුළු සිනමා ශාලා