වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




වීණාවි වැඩ ඇරැඹෙයි

වීණාවි වැඩ ඇරැඹෙයි

උත්පලා සහ නිල් නෙතු (අවසාන අදියර) මල් දෙවට (පළමු අදියර) ආදී ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය කළ චන්දන එදිරිසිංහගේ නවතම ටෙලි සිතුවම වූ වීණාවී හි මූලික වැඩ කටයුතු නුගේගොඩ සිනෙලින්ක් ආයතනයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ.

යොවුන් ආදර කතාවක් වන මෙහි කමල් දේශප්‍රිය, වීණා ජයකොඩි, අකිල සඳකැළුම්, ගයාත්‍රි රාජපක්ෂ, සුරංගි රුවන්මලී, භාග්‍යා හෙට්ටිආරච්චි, බුවිනි චාපා දියලගොඩ, ධනුෂ්කා ඉරෝෂනී, රෝහිත ඩයස්, මහින්ද සිල්වා, අරවින්ද දොඹගහවත්ත, චතුර පෙරේරා, තුසිත වීරසිංහ, කුමුදුනී අධිකාරි, ඉන්දික ප්‍රසන්න, ෂර්ලි ජයසිංහ, සංජය ජයසිංහ, රනිල් කුලසිංහ, නදීෂා සඳමාලි, රංජිත් රූබන්, චම්පික, නිලුක්ෂි, ධනංජය ආදී පිරිස රංගනයෙන් දායක වෙති.

රංගන ශිල්පි අකිල සඳකැළුම් ප්‍රථම වතාවට තිර රචකයකු වශයෙන් හමුවන වීණාවි ඔහුගේ කතා සංකල්පය යටතේ නිර්මාණය වේ.

චන්දන විජේකෝන් සහාය අධ්‍යක්ෂණයෙන් ද, ආනන්ද පොල්ගහවෙල කලා අධ්‍යක්ෂණයෙන් ද, සුරේෂ් ඉන්දික අංග රචනයෙන් ද, කිත්සිරි හේවගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, වීණාවි හැඩ වී තිබේ. ෂෙහාන් ගලහිටියාවගේ ගේය පද රචනයකි. ෆර්හාන් ෂාන් සංගීත නිමවුමෙන් එක් විය.

සංජය ජයසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි. නිෂ්පාදන විධායක ලෙස ඉෂාංග විරාජ් හෙට්ටිආරච්චි දායක වෙයි. බණ්ඩාර අබේසේකර නිෂ්පාදන උපදේශකවරයාය. දර්ශන තල සම්බන්ධීකරණයෙන් මහින්ද සිල්වා දායක වී ඇත.

වීණාවි සිනෙලින්ක් වෙනුවෙන් කුමාරි මාතරගේ සහ චමින්ද කහදවආරච්චිගේ නිෂ්පාදනයකි.