වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රටවිරුවෝ තරු හයක්

රටවිරුවෝ තරු හයක්

නිමල් එස්.ගුණරත්න

මිලානි පෙරේරා

කරුණාමුනි මර්වින් සිල්වා

ආශා ක්ලැරන්ස්

හන්සනී චමෝදිකා

හේමාල් රත්නායක

විදෙස් සේවයේ නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන, නර්තන දක්ෂතා දක්වන්නට ඉදි වූ ‘රටවිරුවෝ රියල් ස්ටාර්’ වේදිකාවේ මෙවර සිය කලා කුසලතා එළිදක්වන රටවිරුවන් හඳුන්වා දෙන්නයි මේ සූදානම. ලෙබනනයේ සිට ඔවුන් දැක් වූ ඒ හැකියාවන් ලබන 26 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබට දැකබලා ගැනීමට ලැබෙනු ඇත.

කුඩා අවදියේ සිටම ගායනයට තිබූ දස්කම් දක්වන්න ලෙබනනයේදී වාසනාව හිමි වූ සමරවීර ආරච්චිගේ සමන්ත රටවිරු තරුවක්. ලෙබනනයේ ගබඩා පාලකවරයකු ලෙස සේවයේ නිරත සමන්ත විචිත්‍රවත් නර්තනයකින් මෙවර රටවිරුවෝ වේදිකාව විචිත්‍රවත් කිරීමට සූදානම් ය. නාරාහේන්පිට පදිංචි සමන්ත විදේශ සේවයට එක් වී ඇත්තේ 1977 වසරේදී.

මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන්නේ ආශා ක්ලැරන්ස් සිල්වා. කුඩා කාලයේ පටන් ගායනයට උනන්දු වූ ඇය පැසල් කාලයේදී ගායන තරග සඳහා ද ඉදිරිපත් වී ඇත. පසුගිය වසරේදී ලෙබනනයේ පැවැති සුපර් ස්ටාර් තරගාවලිියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ද ආශා ක්ලැරන්ස් සමත් වී ඇත. රාගම ප්‍රදේශයේ පදිංචි ඇය විදෙස් සේවයට එක්ව ඇත්තේ 2007 වසරේදීය.

නිකවැරටියේ හංසනි චමෝදිතා කුරුකුලසූරිය විදේශ සේවයට එක් වෙන්නේ සිය මව්පියන් ලෙබනනයේ සේවයේ නියුතු නිසාවෙනි. ඇය සතු නර්තන හැකියාවෙන් දස්කම් දක්වන්න අද රටවිරුවෝ රියල් ස්ටාර් තරගය සමඟ එක්වන්නීය.

වත්තල මිලානි පෙරේරා මෙවර රටවිරුවෝ වේදිකාවට එක්වන්නේ සිය ගායන හැකියාවන් දැක්වීමටයි. පාසල් කාලයේදී සංගීත ක්ෂේත්‍රයට යොමු වූ ඇය තරග ජයග්‍රහණ පවා දිනා ගත් අයෙක්. ඉන් පසුව ඇයට තම ගායන හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නේ ලෙබනන්හි රටවිරුවෝ වේදිකාවෙනි.

කරුණාමුණි මර්වින් සිල්වා රටවිරුවෝ රියල් ස්ටාර් වේදිකාවට පැමිණෙන්නේ ගායන තරුවක් ලෙසයි. සහජයෙන් ලද ගායන හැකියාව හිමි ඔහු ශ්‍රී ලංකාවේදී සංගීත කණ්ඩායම් සමඟින් ගීත ගායනයට යොමු වී ඇත. සිය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු විදෙස් සේවයට එක් වී ඇත්තේ 1992 වසරේදීය.

මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කිරීමට පැමිණෙන්නේ නිමල් එස්. ගුණතුංගය. පාසල් අවදියේ සිටම සංගීත ක්ෂේත්‍රයට යොමු වූ නිමල් වාදනයට ද දස්කම් දක්වන්නෙකි. ගාල්ලේ පදිංචි නිමල් ගුණතුංග ලෙබනනයේ විදෙස් සේවයට එක්වෙන්නේ 1988 වසරේ සිට ය.
 

යතේජා ඥානරත්න