වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සුපර් හීරෝ IORN MAN 3

අපේ සුපර් හීරෝ IORN MAN 3

එක් ශ්‍රේෂ්ඨ නායකයෙක් හෝ කිහිපදෙනෙක් මුල් කර ගනිමින් මානුෂිකත්වය ඉක්මවූ හැසිරීම් සමුදායකින් ගැටලුවකට පිළියම් සෙවීම සුපර් හීරෝ චිත්‍රපටවලටම  (Superhero movie)  ආවේණික වූ ලක්ෂණයි.

එවැනි චිත්‍රපට අතර සුපර් මෑන් (Super Man) ස්පයිඩර් මෑන් (Spiderman) බැට් මෑන්(Batman) අයන් මෑන් (Iron Man) ඇවෙන්ජර්ස් (Avengers) යන චිත්‍රපට කිසිදු වයස් භේදයකින් තොරව ක්‍රියාදාම චිත්‍රපට රසවිඳීමට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂක කා අතරත් එක සේ ජනප්‍රිය ය. අයන් මෑන් ද මේ චරිත අතරඉතාම ජනප්‍රිය චරිතයකි. මේ නිසාම අයන් මෑන් චරිතය මුල් කොට ගත් චිත්‍රපට තුනක් මේ වන විට නිෂ්පාදනය වී තිබේ. ඒවා ආදායම් අතින් ද ඉතා සාර්ථක ය. මේ දිනවල ලෝකය පුරා තිර ගත වන්නේ අයන් මෑන් 3 චිත්‍රපටයයි.

2008 වර්ෂයේ දී තිරගත වූ අයන් මෑන් චිත්‍රපටය Jon Favreau  ගේ අධ්‍යක්ෂණයක් වන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 140 ක් වැය කොට ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 585,174,222 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

2010 වර්ෂයේ දී තිරගත වූ අයන් මෑන් 2 චිත්‍රපටය Jon Favreau  ගේ අධ්‍යක්ෂණයක්වන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 170-200 ක් අතර මුදලක් වැය කොට ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 623,933,331 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

2013 දී නිෂ්පාදනය වූ අයන් මෑන් 3 චිත්‍රපටය Shane Black  අධ්‍යක්ෂණයකි. ඔහු ඉතා දක්ෂ තිර රචකයෙකි, නිෂ්පාදකයෙකි, අධ්‍යක්ෂවරයෙකි. අයන් මෑන් චිත්‍රපටයේ ද තිරපිටපත Drew pearce සමඟ Shane Black විසින් රචනා කරන ලදි. නවීන තාක්ෂණය සිනමාවට උපරිම අයුරින් යොදා ගනිමින් ඉතා ආකර්ෂණීය චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මොහුගේ අධ්‍යක්ෂණය මෙන්ම තිරරචනයද බෙහෙවින් බලපා තිබේ.

අයන් මෑන් 3 චිත්‍රපටය ඉතා රසවත් කතාවකින් යුක්ත වේ. අයන් මෑන් විසින් ඉහළ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද යුද ඇඳුම් කට්ටලය උපයෝගී කරගනිමින් සතුරා පරාජයට පත් කරමින් ජනාධිපති බේරා ගන්නා අන්දම ඉතාම සිත් ඇදගන්නා සුළුය. මුළු චිත්‍රපටය පුරාවටම කුතුහලය ප්‍රේක්ෂකයා තුළ රදවමින් ප්‍රේක්ෂකයාට ත්‍රාසජනක අත්දැකීමක් මොහොතකට තනි වීමට ඉඩලබා දී තිබේ.

අයන් මෑන් චිත්‍රපටයේ අති දක්ෂ රංගනයක නිරත වන Robert Downey, Gwyneth Paltrow, Don Cheadle, Guy pearce  රංගනයෙන් චිත්‍රපටයට ආලෝකයක් එක්කර තිබේ.

අයන් මෑන් 3 සඳහා පෙර චිත්‍රපට දෙකට වඩා වැඩි වියදමක් දරා ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 200 කි. මේ වන විට ලෝකය පුරා ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැලඳගෙන ඇති මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 1,073,273,000 ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබා ඇත. ඇමරිකාවේ ඉහළ ආදායම් වාර්තාවක් උපයමින් වීකෙන්ඩ් ටොප් ටෙන් අතර දෙවන තැන හිමි කරගෙන තිබේ.

මෙම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සඳහා Golden Trailer Awards සම්මානය ලැබිණි. එහිදි අංශ කිහිපයක් යටතේ අයන් මෑන් 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට තෝරා ගැනිණ. Summer 2013 Blockbuster Trailer  යටතේ සම්මානය හිමි වුණ ද අංශ කිහිපයක් යටතේ සම්මාන සඳහා නිර්දේශ විය.

මිනිත්තු 130 ක් පුරා ප්‍රේක්ෂක හදවත් ත්‍රාසයෙන් කුළුගන්වමින් ඉතාම ආකර්ෂණීය අයන් මෑන් 3 ර්චපමඥත ඉබභඤඪධඵ හි නිෂ්පාදනය වූ අතර වෝල්ටර් ඩිස්නි බෙදාහැරීමකි. සුපර් හීරෝ චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ Marvel Studios අයන් මෑන් 3 චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ය.