වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සාක් සිනමා උළෙල 26 දා

සාක් සිනමා උළෙල 26 දා

සාක් කලාපයේ නිර්මාණය වූ චිත්‍රපට රැසක එකතුවෙන් තුන්වන වරටත් පැවැත්වෙන සාක් චිත්‍රපට උළෙල මෙම 26 වැනිදා සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ඇරැඹෙනු ඇත. සමාරම්භක උළෙල ඛනිජ තෙල් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර 31 වැනිදා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙනුයේ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙනි.

එහි චිත්‍රපට ප්‍රදර්ශනය වන පිළිවෙල මෙසේය.

26 වැනිදා

දහවල් 1 ට

ලොක්නායක් කන්ගල් හරිනාත් ඇන්ඩ් අලබඩාර් (බංගලා දේශය) වාර්තා චිත්‍රපටය සහ භූතාන වෘතාන්ත චිත්‍රපටය

සවස 6.30 ට

ගරිල්ලා ( බංග්ලා දේශය)

27 වැනිදා

උදෑසන 10.00

කාටල් ඇන්ඩ් ආෆ්ටර් ග්ලොවි (ඉන්දියා) සහ වේක් අප් (නේපාල්) වර්තා චිත්‍රපට

සවස 3.30 ට

ලව් ස්ටෝරි (මාල දිවයින)

සවස 6.30 ට

සාං සිං ටොමාර් (ඉන්දීය)

28 වැනිදා

උදෑසන 10.00 ට

බ්ලඩ් ඇන්ඩ් සිලෝන් ටී වාර්තා චිත්‍රපටය (ශ්‍රී ලංකාව)

සවස 3.30 ට

අමාර් බන්දු රෂීඩ් (බංග්ලා දේශය)

සවස 6.30 ට

සීඩ්ලිංග්ස් (පාකිස්ථානය)

29 වැනිදා

සවස 3.30 ට

ඉන්සාෆ් (මාලි දිවයින)

සවස 6.30 ට

ගාමනී (ශ්‍රී ලංකාව)

30 වැනිදා

සවස 3.30 ට

දාග් (ඉන්දියා)

6.30 නේපාල වෘතාන්ත චිත්‍රපටය

31 වැනිදා

සවස 2.00

මවුස් (ශ්‍රී ලංකාව)

මෙන්ම 29 වැනිදා උදෑසන 10.00 ට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කලා ශිල්පීන් වෙනුවෙන් වැඩ මුළුවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වීමට නියමිතය.

උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය 31 වැනිදා සවස 6.30 ට තරංගනී ශාලාවේදී පැවැත්විණි. ප්‍රසාද්