වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිරි පැරකුම් 30 දා එයි

සිරි පැරකුම් 30 දා එයි

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටයක් වූ ‘සිරිපැරකුම්’ මෙම මස 30 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වේ.

දඹදෙණිය යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ ළමා විය සම්බන්ධ ජනප්‍රවාද ඇසුරෙන් නිර්මාණය වූ මෙම සිනමා කෘතිය එයට පාදක වූ දඹදෙණියේම රූගත කොට තිබීම විශේෂත්වයකි.

ඉට්ස් අ මැටර් ඔෆ් ලව් මංගල දැක්මදා

බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමාශාලාවේදී පැවැත්වූ රෝයි ද සිල්වාගේ නවතම සිනමා කෘතිය වූ ඉට්ස් ද මැටර් ඔෆ් ලව් හි මංගල දැක්ම ද සේයාරූ කිහිපයකි මේ.