වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ශිහාන් – හේෂාන් - නිරෝෂා වැඩ සටහන වර්ණවත් කරයි

සිරස සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන ශිහාන්, හේෂාන් සහ නිරෝෂා යන මේ තිදෙනා මෙම වැඩසටහන වර්ණවත් කරයි. නව ආරකින් නැවුම් බවකින් සහ තරගකාරී බවකින් යුක්ත නිසා සිරස සුපර් ස්ටාර් සීසන් 5 සාර්ථක වී තිබෙනු දකින්නට හැකියි.

විනිශ්චය මණ්ඩලයේ සිටින මේ තිදෙනා ලංකාවේ සුපිරි තරු නිසාත් ඔවුන්ගේ හැසිරීම වඩාත් උද්‍යෝගයෙන් යුතු නිසාත් මෙම වැඩසටහන මා මුල සිට නැරැඹුවේ හරිම ආසාවෙනි.

ශෂිකලා සෙව්වන්දි

ෂාමිලා නදීමාලි

කොළඹ

ධර්මසේන පතිරාජ නැවත සිනමාවට ඒම සුබදායකයි

ඉතා දිගු කාලයකට පසු විශිෂ්්ට සිනමාපට අධ්‍යක්ෂ ධරමසේන පතිරාජයන් නැවත සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීම සුබදායී ආරංචියකි. එමෙන්ම සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වර්ණවත් කළ විමල් කුමාර් ද කොස්තා වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක් එමඟින් අපට දක්නට ලැබෙන එක ඊටත් වඩා සතුටුදායක පුවතක් බව කිව යුතුමයි.

ධර්මා ඒකනායක

මාතලේ

සුජාත පුත්‍ර ට කැප වූ හැමෝටම කන්දෙ දෙයියන්ගේ පිහිටයි

සුජාත පුත්‍ර නම් වූ වැව හා බැඳි අපේ එවුන්ගේ ජීවිත සටන, කැපවීම, හද ගැස්ම රූපවාහිනී මහ ගෙදරින් අපේ උන්ට පෙන් වූ මහ ගෙදර සියලු සුජාත පුත්‍රයන්ට, සුජාත පුත්‍රයන් නිර්මාණය කළ සරත් ධර්මසිරි උන්දෑ ඇතුළු එහි ඔක්කොම වරිගයාට එම නිර්මාණය තුළ ජීවත් වූ මගේ අප්පලාට, ආරච්චිලට, දිසාපති සහ කේමදාසයන්ගේ අඩුව පුරවාලූ සමන්ත පෙරේරා සංගීත මැවුම්කරුට කන්දෙ දෙයියන්ගේ පිහිටයි.

සරසවිය රසික කැල වෙනුවෙන්

විමලදාස හපුතන්ත්‍රී

අත්තනගල්ල

එකම පැරැණි චිත්‍රපට නැවත නැවත පෙන්වන්න එපා

පෞද්ගලික නාලිකා ඔස්සේ සෑම සති අන්තයේ දිනවල විකාශය කරනුයේ එකම පැරැණි චිත්‍රපට පෙළය. එකම දේ නැවත නැවත බැලීමට නොහැකි බැවින් ඒවාට අමතරව තවත් ගුණාත්මක චිත්‍රපට තිබෙන බැවින් එකම දේ පෙන්වීමෙන් වළකින මෙන් අදාළ බලධාරීන්ගෙන් මම ඉතාම වගකීමෙන් ඉල්ලා සිටිමි.

පාලක සමන් පෙරේරා

හැඳල

ගීතාගේ සමාජ මෙහෙවර කාටත් ආදර්ශයක්

ගීතා කුමාරසිංහගේ අබිමන් ලිය නමින් යුත් තරුණ තරුණියන් උදෙසා කෙරෙන සමාජීය මෙහෙවර අනෙකුත් නළු නිළියන් ද ආදර්ශයට ගන්නේ නම් කොතරම් අගනේද.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

සඳා මානුෂීයයි

සඳා ටෙලි සිතුවමේ සෑම චරිතයක්ම සිදුවීමක්ම පුදුමාකාර මානුෂික හැඟීමකින් යුක්තය. එම සිතැඟි චරිතයෙන් චරිතයට නිරූපණය කරන අයුරු ද ඉතාම අගනේය.

නිමල් කුලසේකර

අඟුලාන

විශ්ව - උපේක්ෂා ඔබේ රංගනය ඉතා බොළඳයි

බෝම්බ සහ රෝස චිත්‍රපටයේ විශ්ව සහ උපේක්ෂාගේ රංගනය ඉතා බොළඳය.

අයලීන් සෝවිස්

රාගම



 

මේ SMS ප්‍රතිචාර තීරයයි

තාරාවෝ ඉගිලෙති, රතු හැට්ටකාරි නැවත කරළියට ගෙන ඒම ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවක් ඉටු කිරීමකි. නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ පිබිදීම ප්‍රේක්ෂකයන්ගේ පිබිදීමක් ලෙස මම දකිමි.

ශාන්ත

කුරුණෑගල

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ගගන් මලික්ගේ සහ අන්චල් සිංහ්ග්ගේ රංගනය ඉතාම ලස්සනයි. මගේ ප්‍රියතම නළු නිළියන් දෙපොළ ඒ දෙන්නයි.

නිලුකා

අවිස්සාවේල්ල

වර්තමාන නළු නිළියෝ එන්නේ හරියට හතු පිපෙන්නා වාගේ. ඒත් ඒ එන අයගේ කිසිම පැවැත්මක් නැහැ, තාවකාලිකයි. එක් කෙනෙක් දෙන්නෙක් ඇරුණු කොට ලංකාවේ නළු නිළියන්ට මොකක් ද වෙලා තියෙන්නේ. අද නළු නිළියන් වාණිජමය බලාපොරොත්තු පස්සේ දුවනවා. අතීත කලාකරුවන්ගේ ජීවන චරිත ගැන හොයලා ඔවුන්ගේ හොඳ ගතිගුණ ආදර්ශයට ගන්න.

දිලිප් ප්‍රසන්න

ආරච්චිකට්ටුව

චතුරිකා පීරිස් අක්කේ, ඔයා සේපාළිකා නාට්‍යයේ බොහොම අපූරු අවිහිංසක චරිතයක් රැඟුවා. නැවත වතාවක් එවන් වූ චරිතයකින් අප හමුවන්න.

ශාමලි

කලවාන

ප්‍රියා සූරියසේන කලාකරුවාණෙනි, ඔබේ ගම ඔබට අමතක වෙලාද? මෙහි ඇවිත් යන්න ආරාධනා කරමි.

කරු මන්දාවල

නාත්තණ්ඩිය

තරුමලී නාට්‍යයේ තරුමලී ලෙස රඟන විනූ උදානිට කලා ලොවේ දීර්ඝ ගමනක් යාමට ඉත සිතින් සුබ පතමි.

පවිත්‍රා

බෙලිඅත්ත

ඉඳුවරී නාට්‍යයේ නිම්සරා ඇත්තටම අහිංසකයි.

ධනුෂ්ක

අවිස්සාවේල්ල

මේ ලොව තිබෙන යම් කලක් වේද ඒ කාලය තුළ එච්. ආර්. ජෝතිපාල යන නාමය පවතියි.

චමින්ද හේරත්

අඹදෙනිය

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ත්‍රීතාල්’ සංගීතමය වැඩසටහන ඉතා රසවත් මෙන්ම එය අතීතය, වර්තමානය යන්නෙහි සුසංයෝගයකි.

ඩබ්ලිව්. දමයන්ති කුමාරි

හොරණ

සිරස ගුවන් විදුලියේ දහසක් මල් වැඩසටහන කරන සමන්ති එදිරිසිංහ අක්කගේ කටහඬට හැමෝම වශීවනවා.

දිනේෂා

ඇහැලියගොඩ

අභීත දියණි වත්මනහි ළමා පරපුරට මහත් වූ ආදර්ශයකි.

රොෂෙන් මධුරංග

හොරොම්බාව

චංගුමී ආයෙත් එන්න. අපි බලා ඉන්නවා.

තනුරි

මගලෙගොඩ

යස් මැඩම් නාට්‍යය කිසිම තේරුමක් නැතිව අවසාන වන්නේ. එහෙම නොවී ලස්සන අවසානයක් දකින්න ආසයි.

ශානිකා

එඬේරමුල්ල

තීක්ෂණ අනුරාධගේ ගීත අනර්ඝයි.

ඉෂානි

රත්නපුර

සාරංගගේ ගැයුම් ගී ලොවට එළියකි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

ගායනයේ ලාලිත්‍යත්, විරහවේ සොඳුරු බවත්, ගැයුමෙන් විරාජමාන වූ විරාජිනිය ඔබයි නිරෝෂා.

සංඛ

පානදුර

පැරැණි ගීත නව පරපුරේ ගායකයන් නැවත ගැයීමෙන් පෙනී යන්නේ අලුත් අයගේ බංකොලොත්භාවයයි.

වික්‍රම

දංකොටුව

නියම පිරිමි කටහඬක් ඇති සේනානායක වේරලියද්ද ‘ඇහිදාර’ ගීතය සමඟ යළි ගායන ලොවට පිවිසීම ගැන තුති.

සුදම්

පිටකෝට්ටේ

ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි.

ගායකයන් කොතෙක් සිටියත් ඔබේ කටහඬ අදටත් ප්‍රියංකරයි.

නිමල් ගුණසේකර ගායකයාණෙනි, ඔබේ ගීත අවශ්‍ය යුගයයි මේ.

සෙනුරි

කිරිබත්කුඹුර

අග්නි ටෙලි නාට්‍යයේ මොරීන් චාරුනී හොඳ රංගනයක යෙදෙනවා.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

 

කීර්ති පැස්කුවල්ගේ ගැයුම් වඩාත් උචිත සැන්දෑ කාලයටය. කාර්යබහුල වූ අපට ඔහුගේ ගැයුම් එම මොහොතේදී දිව්‍ය ඔසුවක් වැනිය.
 

සුගත් ලාල්

ක්වේට්

නවකයන් රැසක් කරළියට හඳුන්වා දුන් තරු මංසල වැඩ සටහන ආයෙත් ඕනෑ.
 

නදී

ගයා

ගම්පහ

සී. ටී. ප්‍රනාන්දු නම් අමරණීය ගායනවේදියා ගීත ලෝකයේ සදා නෙමැකෙන නමක් තබා ඇත.
 

අනුරාධ

අතුරුගිරිය

දවස් තුන්සිය හැටපහේම යශෝධා විමලධර්මව නොපෙනුණත් අප හදවත් තුළ ඔබ සැමදා සිටියි.
 

සජීව

ප්‍රියන්ත

කෙහෙල්ගමුව

බොරලු පාරහි වෙන්දඩුව වූ වසන්ත කුමාරසිරි මරේ මරු.
 

සනත්

ශීලා

පානදුර

මට නම් චංගුමීට වඩා අපේ නිම්මි හරස්ගගම හොඳයි. චංගුමී හොඳයි. නිම්මි හොඳායි.
 

කමලා සෙනෙවිරත්න

හෝකන්දර

නමට අකුරු දෙකයි
එනමින් හැමෝම දනිති
බයිලා චක්‍රවර්ති
එම්. එස්. ගී රජෙකි
 

හරීන්ද්‍ර

පොල්ගස්ඕවිට

මේ සරසවිය ප්‍රතිචාර තීරයයි. සුපුරුදු පරිදි 0752805047 යන අංකයට කෙටි පණිවුඩ අයුරින් ප්‍රතිචාර එවිය හැකිය.

ප්‍රතිචාර ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය තැපැල්පත්වල ලියා එවන ප්‍රතිචාර වෙනුවෙනි.