වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 105

සිංහල සිනමා විස්තරය - 105

සතර පෙර නිමිති

තිරගත වූ දිනය – 1981 මැයි 15

ඉදිරිපත් කිරීම – ධාරාණි චලන චිත්‍රපට

නිෂ්පාදනය - මෝතිලාල් ගුණසේකර, ගාමිණී කුලතුංග

අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න

රචනය, දෙබස්, තිර නාටකය – නිශාන්ත ද අල්විස්

කතා තේමාව සහ අතිරේක දෙබස් - මෝතිලාල් ගුණසේකර

ඒකක කළමනාකරණය - ධර්ම ශ්‍රී ගුණතිලක, එච්. පියතිස්ස, කේ. එන්. හේමපාල පෙරේරා

සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ද අල්විස්, කේ. ඩී. සෝමතිලක

කැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි

සංස්කරණය - නිව්ටන් වීරසිංහ

අංග රචනය – එස්. පී. කොස්තා

නාමාවලිය – ඇල්බට් ඒ. අධිකාරි

කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක

ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම් සහාය – එස්. සාරංගරාජා

ගීත පටිගත කිරීම - කේ. බාලසුබ්‍රමනියම්

රසායනාගාර පාලක - වී. සිවදාසන්

සැකසීම – විජය චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප – ප්‍රියාණි ස්ටුඩියෝ - පිටකෝට්ටේ

සංගීත අධ්‍යක්ෂණය - සරත් බාලසූරිය

ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, ආනන්ද එස්. විජේසිරි, දයා ආනන්ද රණසිංහ

ගීත - කෙලෙස් මලින් - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව - පද - සුනිල් ආරියරත්න
නව යෞවනයේ මධුර වසන්තේ – ටී. එම්. ජයරත්න – පද - සුනිල් ආරියරත්න
පෙම් සඳ පහන් ගලන්නේ – විශාරද නන්දා මාලිනී – පද – ආනන්ද එස්. විජේසිරි
ප්‍රේම සිහින නගරයේ - ටී. එම්. ජයරත්න, නන්දා මාලිනී
ගී පොතේ ගී තනු විසිරී – විශාරද නන්දා මාලිනී – පද - සුනිල් ආරියරත්න
මාමේ මූ මීමා – අතුල සෝමසිරි – පද - ප්‍රේමකීර්ති ද අල්විස්
යුක්ති ධර්මේ ශක්ති ධර්මේ – අතුල සෝමසිරි, ලෙස්ලි ශාන්ත, ටී. එම්. ජයරත්න

නළු නිළියන් -

ධර්මසිරි බණ්ඩාරනායක (සුදත්ත හිමි), ජෝ අබේවික්‍රම (තොටියා), ශ්‍රියාණි අමරසේන (මව), ජෙනිටා සමරවීර, මෝතිලාල් ගුණසේකර, බන්දුල විතානගේ, සුනෙත් වික්‍රමසිංහ, චන්දි රසිකා, ගාමිණී සමරකෝන්, නීල් අලස්, සොමී රත්නායක, සිසිර කුමාරතුංග, අබේරත්න ජයසූරිය

විශේෂතා - 1982 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී දක්ෂතම පසුබිම් ගායක හා ගායිකාව, දක්ෂතම ශබ්ද පරිපාලන ශිල්පි සම්මානයට පාත්‍ර වූ අතර ගීත රචනය වෙනුවෙන් සුනිල් ආරියරත්නයන්ට කුසලතා පදක්කමක් ද හිමි විය.

ආරම්භක සිනමා ශාලා - ක්‍රවුන් – මරදාන, මානෙල් - දෙමටගොඩ, නිව් මෙට්රෝ - නුගේගොඩ, ඕඩියන් – ගල්කිස්ස, එමෙස් - මොරටුව, ජයමිණි – පානදුර, හිමාලි - කිරිබත්ගොඩ , චන්ද්‍රා - අවිස්සාවේල්ල, වෙම්බ්ලි - මහනුවර, කිංග්ස් - මීගමුව, නිව්සිනමා - මාතර, ඡායා - කෑගල්ල, රීගල් - අම්බලන්ගොඩ, නිව් ඉම්පීරියල් - කුරුණෑගල

එක් දවසක් රෑ

තිරගත වූ දිනය – 1981 මැයි 29

ඉදිරිපත් කිරීම - සිනමාංජලී

නිෂ්පාදනය – චන්ද්‍රා අබේවික්‍රම

කතාව, දෙබස්, තිර රචනය – ඇන්ටන් අල්විස්

අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක

සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්

කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ

කැමරා සහාය – එම්. ජී. සී. මනමේන්ද්‍ර, සුමින්ද වීරසිංහ

සංස්කරණය – එම්. පී. රූපසේන

කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල

සහාය – එරල් කෙලී

වේශ නිරූපණය - රෝහණ මුදන්නායක

සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය – එස්. මලල්

ශබ්ද පරිපාලනය – ඇස්. රාජා, කේ. බාලසුබ්‍රමනියම්

රසායනාගාර කටයුතු - ඇස්. තිරුනාවුකරසු, වී. සිවදාසන්

සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිෂ්පාදන කළමනාකාරිත්වය – ජයවීර ඒකනායක

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා

කාර්මික උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්

නිශ්චල ඡායාරූප - බෙරමි විජේසිංහ

ආලෝකකරණය - සෝමරත්න ඉඹුලේගම, සුනිල් ජයවීර

සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, ඔගස්ටස් විනයාගරත්නම්

ගීත - එදත් මාගේ අදත් මාගේ – වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක
සන්සුන් සුවෙන් සිටින්නේ – ඇන්ජලින් ගුණතිලක
ලෝකේ බෝලේ වගේ - ෆෙ‍්‍රඩී සිල්වා
මේ රෑ යෞවන – ඇන්ජලින් ගුණතිලක
කඩුපුල් පිපෙන්නේ – මිල්ටන් මල්ලවාරච්චි, ඇන්ජලින් ගුණතිලක ඇවිල්ලා ඇවිල්ලා - මිල්ටන් මල්ලවාරච්චි සහ පිරිස

නළු නිළියන් -

රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, ෆරිනාලායි, කුසුම් පෙරේරා, ශ්‍රියාණි ෆොන්සේකා, ෆ්‍රෙඩී සිල්වා, පියදාස විජේකෝන්, විජය නන්දසිරි, චන්ද්‍රලාල් ජයවර්ධන, කුවින්ටස් වීරකෝන්, මයිකල් සුබසිංහ, ජෝ දඹුළුගල, බන්දුල ශ්‍රී ගුණවර්ධන, ඩඩ්ලි වානගුරු, ඊ. එම්. පී. බණ්ඩාර, කීර්ති විතානගේ, හැරී විමලසේන, ටියුඩර් කරුණාතිලක, රංජිත්ලාල් වීරසිංහ

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන් – මරදාන, ඉම්පාලා - රාජගිරිය, ටි‍්‍රයෝ - දෙහිවල, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල, ටවර් - මෙරටුව, නිව් මිනර්වා - කළුතර, සරසවි – ගාල්ල, බ්‍රෝඩ්වේ – මාතර, සාගර – හලාවත, වේල්ස් - මහනුවර, සිත්තම්පලම් – අනුරාධපුරය, ජෝති - රත්නපුරය, මොඩර්න් – කුරුණෑගල යන සිනමා ශාලා 24 තුළදී ප්‍රදර්ශනය ඇරැඹිණ.

සැනසුම

තිරගත වූ දිනය – 1981 ජූනි 12

ඉදිරිපත් කිරීම – පැරඩයිස් මූවීස්

නිෂ්පාදනය – එම්. ඒ. ගෆූර්, බර්ටි තලගල, ප්‍රේම් ජයන්ත්, ලෙස්ලි ප්‍රේමසිරි, සිරි කේ. විතාරණ

තිර රචනය සහ අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා

කතාව - ඒ. ජේ. සොයිසා, එස්. ඒ. අලගේෂන්

දෙබස් - බර්ටි තලගල, ප්‍රේම් ජයන්ත්

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – ඒ. අයි. ජොහාර්

සැකසුම – ලංකා චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, සිරිල් ඒ. සීලවිමල

ගීත -

ආදරයේ මල් පිපිලා - එච්. ආර්. ජෝතිපාල, සුජතා අත්තනායක
උදේ මල් පිපේවි – ලතා වල්පොල
පොඩි පුතු රන්දා - සුජාතා අත්තනායක
පුංචි නීල දෑසේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, ධම්මිකා වල්පොල
ශෝක සුසුම් මෝරා - ලතා වල්පොල
සාක්‍ය මුණි බණ සොර - සනත් නන්දසිරි සහ පිරිස

නළු නිලියන් -

රෝයි ද සිල්වා, ශ්‍රියානි අමරසේන, සුමනා අමරසිංහ, රුක්මණී දේවි, අශෝක පොන්නම්පෙරුම, යූ. ආරියවිමල්, හර්බට් අමරවික්‍රම, බී. ඇස්. පෙරේරා, කමනී අමරසිංහ, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, ප්‍රියදර්ශනී පුෂ්පකුමාරි, එඩ්වින් පෙරේරා, ෆීලික්ස් ප්‍රේමවර්ධන

ආරම්භක ප්‍රදර්ශන ශාලා:

ගාමිණී, ෆ්ලාසා, අනූෂා - මහරගම, සමුද්‍රා – වත්තල, රාජ් – මීගමුව, විජයන්ති – කඩුවෙල, චිත්‍රා - කළුතර, එස්. කේ. සිනමා - මාතර, ඕඩියන් – මහනුවර, ටජ්මහල් - මාතලේ, සිනෙස්ෆෝ - කුරුණෑගල, ටාසන් – කෑගල්ල, මහලේකම් – කුලියාපිටිය, විජය – අම්පාර

වජිරා

තිරගත වූ දිනය – 1981 ජුනි 26

ඉදිරිපත් කිරීම – ශිවන්තිකා චිත්‍රපට

නිෂ්පාදනය – වයි. එම්. කරුණාතිලක, රංජිත් පලන්සූරිය

අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න

කතාව, දෙබස්, තිර නාටකය – ආනන්ද සිරිසේන

සහාය අධ්‍යක්ෂණය – ආනන්ද සිරිසේන

කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා සහාය – ජයනාත් ගුණවර්ධන

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි

සංස්කරණ සහාය - දළ සේයාපට සැකසුම – ඩෙන්සිල් ජයවීර

අංග රචනය – එස්. පී. කොස්තා සහාය -කේ. ඩී. සිරිපාල

කලා අධ්‍ය්‍යක්ෂණය – එරල් කෙලී

සටන් අධ්‍යක්ෂණය – විල්සන් කරුණාරත්න

ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී.)

ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, නිිමල් රණවක, ගාමිණී හේරත්, ලලිත් පාලිත සිල්වා

කැමරා සහාය – ඇස්. ටී. හේමපාල, රෝහිත බටගොඩ, ජගත් හරිස්චන්ද්‍ර, යාපා විජය බණ්ඩාර, ආර්. ආරියදාස, කේ. පී. ප්‍රේමසිරි

එළිමහන් ශබ්ද විසිරණය – බර්ටි රුද්‍රිගු

කැමරා හා ආලෝක උපකරණ – ඩී. එන්. එෆ්. සී. සිනේවික්විප්

සංස්කරණ මැදිරි පාලක – ක්ලිෆඩ් ජෑන්ස් (සිංහගිරි චිත්‍රපට සමාගම)

ප්‍රධාන රසායන ශිල්පී – වී. සිවදාසන්

රසායන සහාය – රන්දෙනි ජයවර්ධන, බී. ආර්. රාජා, පී. කේ. පියදාස

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

නාමාවලිය – සෝමසිරි හේරත්

නාමාවලි විශේෂ ප්‍රයෝග - ගිවා ස්ටුඩියෝ

නිෂ්පාදන කළමනාකාරිත්වය – හරිශ්චන්ද්‍ර රාජපක්ෂ, එච්. ජී. වින්සන්, ඒ. ජී. ගාමිණී

පුපුරණ ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය – කරුණාදාස අතුරුගිරිය

නිශ්චල ඡායාරූප - පොටෝක්‍රොම්

සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක

ගීත-දෙනෝ දාහක් නුවන් අතරේ – නන්දා මාලිනී – පද රචනය – කුලරත්න ආරියවංශ
නිල්වලා පීරලා - වික්ටර් රත්නායක, නන්දා මාලිනී – පද රචනය - සුනිල් සරත් පෙරේරා
කඳුළු අකුරු පෙළ - වික්ටර් රත්නායක – පද රචනය – ධර්මසිරි ගමගේ
සිඟිති තොලින් මා - වික්ටර් රත්නායක – පද රචනය – අරිසෙන් අහුබුදු
මා ගයන ගීතයේ - වික්ටර් රත්නායක – පද රචනය – චන්ද්‍රසේන කිරිවත්තුඩුව
පාළු මුහුදේ හැපී – වික්ටර් රත්නායක – පද රචනය – දයා ද අල්විස්

මෙහි ගීත කැසට් පටය සිංග් ලංකා ලේබලය යටතේ නිකුත් විය

නළු නිළියන් -අමරසිරි කලංසූරිය (නිමල්),නදීකා ගුණසේකර (වජිරා), ගෝතමී පතිරාජ (මධුරී), මැණික් කුරුලසූරිය (කමනි), මර්වින් ජයතුංග (ෂෙල්ටන් අයියා), සනත් ගුණතිලක (නිව්ටන් අයියා), නිමල් දයාරත්න (ලලිත්), සෝමසිරි දෙහිපිටිය (වජිරාගේ පියා), ඇග්නස් සිරිසේන (වජිරාගේ මව) ශාන්ති ලේඛා (නිමල්ගේ මව), යූ. ආරියවිමල් (පප්ප මහත්තයා), දොන් සිරිසේන (එළාරිස්), වින්සන් කරුණාරත්න (ජෝන්), වින්සන්ට් වාස් (කමනිගේ පියා), ලකී ඩයස්,රංජිත් සුරංග, පිියසේන අහංගම, ලියෝනි කොතලාවල, පියදාස විජේකෝන්, චන්ද්‍රා කළුආරච්චි, සුනිල් බණ්ඩාරනායක, ධම්මික ප්‍රියදර්ශන, ශ්‍රීනාත් මල්්දෙනිය, පාලිත නුගලියැද්ද

අතිරේක හඬ ගැන්වීම් – කුසුම් පීරිස්, නෙරංජලා සරෝජිනි, ලිලානි පෙරේරා, නෙල්සන් පීරිස්

ආරම්භක සිනමාශාලා - රිට්ස් - බොරැල්ල, අශෝකා – ග්‍රෑන්ඩ්පාස්, රොක්සි - වැල්ලවත්ත, මානෙල් - මොරටුව, ජයන්තා - ගම්පහ, ලැවීනියා - නුගේගොඩ, රත්නාවලී - ජාඇල, නිව් ඉම්පීරියල් - අවිස්සාවේල්ල, නිව් සීගිරි – මහනුවර, ක්වීන්ස් - ගාල්ල, අනුර – අම්බලන්ගොඩ, නිව් සිනමා - කුරුණෑගල, ශ්‍රී ලංකා - වෙන්ප්පුව, ශ්‍රීමහල් - කුලියාපිටිය, මිලානෝ - කෑගල්ල