වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ගෝතමී පතිරාජ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ චිත්‍රපට මොනවාද?

ඒ. ජී. සුමනසේකර – ගරාගොඩ, යටියන්තොට.

ජනක සහ මංජු, තනිතරුව යන චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිත රඟපෑවා.

නැසී ගිය විකට නළු එඩී යාපා ගැන යමක් කියන්න.

ලකී යාපා, 13 කණුව, මොරටුව.

ඔහු දැනට මොරටුව 13 කණුව ජීවත්වන ලකී යාපාගේ දයාබර පියාණන්. මේ තාත්තත් පුතත් දෙදෙනාම එකට චිත්‍රපටයක රඟපෑවා.

මෙරට ප්‍රදර්ශනය කළ දෙබස් කවන ලද මුල්ම සිංහල චිත්‍රපටය කුමක්ද?

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද.

මන ප්‍රයත්නය චිත්‍රපටය.

මෑතක රූපවාහිනී වැඩසටහනක දී චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි ප්‍රකාශකර සිටියා වර්තමානයේ හැකියාව පැත්තෙන් නිළියන් නළුවන්ට වඩා ඉදිරියෙන් සිටින බව. මම ද එයට එකඟ වන නමුත්, එසේ වීමට හේතුව කාන්තාවකට කුමන හෝ ක්‍ෂේත්‍රයක ලැබෙන සහයෝගය පිරිමි පාර්ශවයට නොලැබෙන නිසා සිදුවන්නක් ද?

ජනක ඉලුක්කුඹුර – කඩවත.

ඒකට එකම හේතුව කැපවීම.

අපේ ප්‍රධාන පෙළේ සිනමා පුවත්පත වන ‘සරසවිය’ තුළ සිනමා විචාරයක් අඩංගු නොකරන්නේ මන්ද? ඒ තුළින් නළු නිළියන්, නිෂ්පාදක, අධ්‍යක්‍ෂවරුන් සමඟ සරසවියට ගැටෙන්නට සිදුවන නිසාද?

ජේ. ඉලුක්කුඹුර - සූරියපාලුව.

ගැටෙන්නට සිදුවන නිසා නොවෙයි. සාහිත්‍ය විචාරයෙන් තොර නූතන සිනමා විචාර හා සිනමා සාහිත්‍ය පිළිබඳ විචාරකයන් හමු නොවන නිසා.

භාරතයේ ජනප්‍රිය වූ දෝස්ති චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ අසිත් සෙන් තවමත් ජීවතුන් අතර සිටිනවාද?

මොහොමඩ් අරුෆ් - මහරගම.

දෝස්ති චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ අසිත් සෙන් නොවේ. එය අධ්‍යක්‍ෂණය කළේ සත්‍යන් බෝෂ්.

එදා සිංහල චිත්‍රපට බොහොමයක මොහිදීන් බෙග් ගේ පසුබිම් ගීතයක් තිබුණා. අද චිත්‍රපටවල නැත්තේ ඇයි?

සරත් රණසිංහ – කපුගොඩ.

කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් මියගොස් දැන් වසර ගණනක් ගත වුණා. කොහොමද ජීවතුන් අතර නැති බෙග් මාස්ටර් අලුත් චිත්‍රපටවල ගී ගයන්නේ සරත්.