වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයට – නිවේදනයට එක සේ දක්ෂ

රංගනයට – නිවේදනයට එක සේ දක්ෂ

අශේන් සකුන්ත හෙට්ටිආරච්චි

අශේන් සකුන්ත හෙට්ටිආරච්චි නම් පුංචි කලාකරුවාව ඔබට හමු වන්නේ සිරස කිඩ්ස් ෆස්ට් වැඩසටහන ඔස්සේ. 2009 සිට මේ දක්වා ඔහු එහි නිවේදන කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි. අශේන් රංගනයට ද පිවිසිලා. ඔහුගේ දඟකාර රුවින් ඔපවත් වූ වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම දකින්නට හැකියි.

අශේන් කොළඹ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලේ හයවැනි වසරේ ශිෂ්‍යයෙක්. පාසලේදිත් නිවේදන කටයුතු කරන්නමළු ආස. ඒ හින්දයි සිරස ආයතනයට සම්බන්ධ වෙලා තියෙන්නේ. වසර ගණනාවක් කිඩ්ස්් ෆස්ට් වැඩ සටහනේ විවිධ අංගයන් කිසිදු පැකිළීමකින් තොරව මෙහෙයවන ඔහුට රංගනයටද ආරාධනා ලැබිලා.

අශේන්ගේ මුල්ම රංගන දායකත්වය සැපයූ නිර්මාණය වන්නේ දෝණි චිත්‍රපටයයි. දඟකාර කොලු රෑනේ අශේනුත් එක් සාමාජිකයෙක්. ඉන් පසුව ළඟදීම විකාශය වීමට නියමිත ‘මලි 2’ අත්තම්මා ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතයකින්.

අත්තම්මා නාට්‍යයේ ඔහු බයිසිකලයක හැප්පෙන දර්ශනයක් තියෙනවලු. ඒක රූගත කරද්දී අශේන් හරියට බය වුණා කියලා අපි සමඟ කිව්වා. ඒ වගේම තියෙන දාංගලය නිසා නිෂ්පාදන කණ්ඩායමේ හැමෝගෙන්ම බැනුම් අහන බවත් පැවසුවේ හිනා වෙවී.

අශේන්ගේ අනාගත බලාපොරොත්තු දෙකක් තියනවා. එකක් තමයි පයිලට් කෙනකු වීම. අනික කලාවෙන්ම ඉදිරියට යෑම. මේ අංශ දෙකෙන් එකකින් ඔහු ජීවිතයේ ඉදිරිය දකින්න ලැහැස්තියි.

අශේන්ගේ පිය, ප්‍රදීප් හෙට්ටිආරච්චි. ඔහු සිනමන්ලේක්සයිඩ් හෝටලයේ සේවය කරනවා. මව චමිලා ගාලේ ආරච්චි. අශේන්ට අයියා කෙනකුයි මල්ලි කෙනකුයි ඉන්නවා. මේ අයගේ ආදරය මැද අශේන් කල් ගෙවන්නේ හරිම සතුටින්. ඒ වගේම නිරන්තරයෙන් උදව් පදව් කරන ආච්චියි සීයාවයි මතක් කරන්න ඔහු අමතක කළේ නැහැ.

16/1, කාක දූපත, මට්ටක්කුලිය කොළඹ 15 මේ ලිපිනය ඔස්සේ හා 0777634300 දුරකථන අංකයෙන් අශේන් හා සම්බන්ධවීමට පුළුවන.


සිරිතුංග පෙරේරාට උපහාර පිදේ

සිරිතුංග පෙරේරාගේ කලා දිවියට වසර හතළිස් අටක් සපිරීම නිමිතේතෙන් ඔහු විසින් වේදිකාව සිනමාව රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වය අරඹයා කළ අප්‍රමාණ සේවය අගයමින් කොළඹ කලා කවය, සිරිතුංග පෙරේරා රසික කැල සංවිධානය කරනු ලබන සිරි අසිරිය 48, සිරිතුංග පෙරේරා හතළිස් අට වසරක කලා පෙළහර අභිනන්දන උළෙල ඔහුගේ ජන්ම දිනයදා එනම් පෙබරවාරි 16 දින සවස 4.00 ට කොළඹ 07 නිදහස් චතුරස්‍රයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එදින ඔහු විසින් රචිත ස්වයං චරිතාපදානය දොරට වැඩීම, නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ අභිනවයෙන් අධ්‍යක්ෂණය කරනු ලබන සිරිතුංගගේ දෙවන සිනමා නිර්මාණයේ සමාරම්භය සිදුවූ අතර දශක පහකට ආසන්න කාලයක කලා දිවිය තුළ ඔහු කළ අප්‍රමාණ කැපවීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරිදාස, චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ, කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය යන අයගේ විද්වත් දෙසුම්වලින් උළෙල විචිත්‍රවත් විය.