වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී

ගාමිණී

අද ඔබ හිටියා නම් හැත්තෑහත් වසරකි. එහෙත් වසර ගණනාවක් පුරා ඔබ නැතැයි සිතන්නට අප මැළිවෙමු. එහෙත් ගතවූ කාලය මුළුල්ලේ ඔබ අපට කතා කළේ නැත.

ගැඹුරු හඬින් එහෙත් හිත පුරා ඉතිරී යන ආදරයෙන් ඔබ අපේ දුක සැප විමසූ අයුරු කිසි කලෙක අපට අමතක වන්නේ නැත.

අපේ සිනමාවට ස්ව අභිමානයෙන් ගොඩනැඟෙන්නට ඔබ කළ මෙහෙය අමරණීය එකකි. අසමාන පෞරුෂ්‍ය මෙන්ම අභිමානවත් රංග පෞරුෂයද මතු පරම්පරා ගණනාවකට ඉතුරු කළ සදාකාලික සිහිවටනයකි.

ඔබ නැතැයි සිතෙන හැම මොහොතකම ඔබ අප අතර ඇතැයි සිතා සැනසෙන්නට අපි අද හැඩ ගැසී සිටිමු. දේශීය සිනමාවට ඔබට සම කළ හැකි අන් කවරකු හෝ මතු දිනක බිහිනොවන බව නම් අපි පසක්කොට සිටිමු.

සුබ උපන් දිනයක්

ලාංකික සිනමාවේ මහා කිවිඳිය සිනමා රූපයෙන් කවිගෙතූ ඔබට නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා!