වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

මුහුදු ලිහිණි

ක්ෂිතිජ ඉමේ සිඳු ගැඹරේ
කරදිය අඳුරු ජලාසේ
අකුණු වැදී හබල බිඳී
වැලපෙන අඳුරු තලාවේ
රුවල් ඉරී ඔරුව කිඳී යාදෝ
පවන් රැලේ මෙතෙර බලා ඒදෝ

දියඹේ සත්වන රළ කැලඹේ
ලන්තෑරුම් එළි නිවි නිවි දිලෙනා
අගාධ සයුරේ තැවෙනා
ඔරුවක ඡායා යළි නේන ගමනේ
කළුවර විනිවිද ඇදේ . . .

වෙරළේ කකියන වැලි කතරේ
පෙරගිය උන්ගේ පියවර රේඛා
කාටත් රහසේ මැකෙනා
ලෙන්ගතු දෑසේ බෙලහීන බැල්මේ
ඇදියන් රුව ඔරු කඳේ . . .

පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – එච්. එම්. ජයවර්ධන
ගායනය – පණ්ඩිත් අමරදේව ඇතුළු පිරිස