වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ගීතා යළි එන්න

හැඩකාර, දඟකාර ගීතා කුමාරසිංහගේ රංගනයන් කලකින් දක්නට ලැබුණේ නැහැ. ‘පාලම යට’ වැනි නිර්මාණයකින් යළිත් රිදී තිරය සරසන්නකෝ.

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

තිළිණයකි ජයන්ත රත්නායකට,

ළබැඳි සෙනෙහසින් ඔබ ලබා ගත් සංගීත ඥාණය නිසි ලෙස පරිශීලනයෙන් සුවහසක් රසික කැල වෙත දායාද කළ ‘ආදර පූජාසනේ’ ගී සමුදාය පියාණන්ට උපහාරයක් මෙන්ම, වරක් දෙවරක් නොව සිය දහස් වාරයක සවන් පිනවන්නට අප ලැබූ මාහැඟි තිළිණයකි.

රංජනී අමරසිංහ

වල්පොළ

වගකිවයුත්තන් සතු මෙහෙවරක්

දේශීය සිනමාවට ආදරය කරන කලාකරුවන්ට ආදරය කරන සිනමාවේ දියුණුව දකින්නට කැමැති ප්‍රේක්ෂක පිරිස් බොහොමයක් අප අතර සිටියි. ඉඳහිට හොඳ චිත්‍රපට කිහිපයක් දක්නට ලැබුණත් නරඹන්නන් සෑහෙන සංඛ්‍යාවක් නැරැඹුවත් සිනමා ක්ෂේත්‍රයේ දියුණුවක් නම් නොමැති බව නොරහසකි. කලාවට සම්බන්ධ කලාවට ආදරය කරන කිහිප දෙනෙක්ම රාජ්‍ය පාලන තන්ත්‍රයේ නියැලී සිටියි. එහෙත් අප අවාසනාවටදෝ සිනමා ක්ෂේත්‍රය කර්මාන්තයක් වශයෙන් ඉදිරියට ගෙන යාමට තවමත් නිසි පියවරයන් ගෙන නොමැත. මේ පිළිබඳ ප්‍රේක්ෂකයන් වන අප තුළ ද ඇත්තේ කණගාටුවකි.

යුද්ධය අද හමාර වී ඇත. දේශීය සංවර්ධනය සඳහා බොහෝ පිරිවැයක් වැය කරන මෙවන් යුගයක සැකසී ඇති සමාජ පසුබිමත් සමඟම හෙළ සිනමාවේද ප්‍රගතියක් අප බලාපොරොත්තු වෙමු. කලා මාධ්‍යයන් අතර ප්‍රබලම කලා මාධ්‍ය වන සිනමාව තුළින් ජීවිතයට හුදු විනෝදාස්වාදය පමණක් නොව බොහෝ ගැඹුරු යථාර්ථයක් සන්නිවේදනය කළ හැකි බව මැදහත් විචාරකයන් නිතර පෙන්වා දෙති. එබැවින් සිනමාව කර්මාන්තයක් වශයෙන් දියුණු කිරීම උදෙසා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වගකිවයුත්තන් සතු මෙහෙවරක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ධර්මා ඒකනායක

මාතලේ

ආදරය

ජනප්‍රිය යැයි සම්මත බොහෝ රංගන ශිල්පීන්ගේ ජීවිත දෙස එබී බැලීමේදී පෙනෙන කාරණයක් වනුයේ ඔවුන්ගේ කලා ජීවිතය තුළ දක්නට ලැබෙන මනුෂ්‍යත්වය සැබෑ ජීවිතය තුළ නොමැති බවයි.

එනමුත් රන්ජන් රාමනායක නමැති රංගන ශිල්පියා තුළ මෙකී මානව දයාව පෞද්ගලික ජීවිතය තුළ ද නොඅඩුව දක්නට ලැබීම සතුටට කරුණකි. තම රසිකයන්ට බෙහෙවින් ආදරය දක්වන ඔහුට පෙරළා ආදරය දැක්වීම පුදුමයට කරුණක් නොවේ.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

සුපිරි තරුව

සත්සර හුරු වූ දෑතට ගෙන ගිටාරය
වයනා විට දැණුනේ අම මිහිරක්ය
ගයා තනු හදා ගී පද ලිව්වාය
සුපිරි තරුව ක්ලැරන්ස් ඔබ විතරක්ය
 

දහම් පීරිස්

කටුගස්තොට

සාක්ෂි කුමටද

අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වූ ප්‍රසන්න විතානගේ යනු දක්ෂ නිර්මාණකරුවකු බව අප හොඳින් දන්නා කරුණකි. මම මෙහිදී ඔහුගේ විශිෂ්ට නිර්මාණ පසෙකලා ඉතාමත් සුවිශේෂී වූ වෙනත් කාරණයක් ගැන සඳහන් කරන්නට කැමැත්තෙමි. එනම් මොහුගේ සෑම චිත්‍රපටයකම ප්‍රධාන චරිතය රඟපෑ නළුවා හෝ නිළිිය මෙතෙර හෝ එතෙර සම්මානයකට හිමිකම් ච්මය.

මුලින්ම ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටයේ ඇනට්ගේ චරිතය රඟපෑ සබීතා පෙරේරාත්, ‘අනන්ත රාත්‍රියේ’ පියුමි වූ ස්වර්ණා මල්ලවආරච්චිත්, මෙරටදී සම්මානනීය වූ අතර ඉර මැදියමේ චමරි ලෙස රඟපෑ නිම්මි හරස්ගම, පවුරු වළලුහි වයලට් වූ නීටා ප්‍රනාන්දු, වන්නිහාමි ලෙස අප සිත් කම්පනය කළ ජෝ අබේවික්‍රමයන් මෙන්ම ආකාස කුසුම් හි සන්ධ්‍යා රාණි වූ මාලිනිය ද මෙරටදී මෙන්ම අන්තර් ජාතික වශයෙන් සම්මාන ලැබීය. සම්මානනීය වූ මචං චිත්‍රපටය මොහුගේ නිෂ්පාදනයකි.

මේ සම්මාන පෙළහර දෙස බලන කළ ප්‍රසන්න විතානගේ ගේ දක්ෂතාවයන් ගැන තවත් සාක්ෂි කුමටදැයි වැටහෙනු ඇත.
 

මංජුල පෙරේරා

බෑන්කඩ පාර,

පහළ කටුනේරිය

නිදුක් නිරෝගී සුවය!

මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය තනමින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සුගතපාල සෙනරත් යාපා හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපට සිංහල සිනමාවට තිළිණ කළේය.

කලක් රජයේ චිත්‍රපට අංශයේ උපදේශකවරයා ලෙස ද කටයුතු කළ ඔහුට මානව හිතවාදී කලාකරුකු වන විජය කුමාරතුංගයන් ඇතුළු කලාකරුවන් රැසක් කලා ලොවට හඳුන්වාදීමේ ගෞරවය ද හිමිවේ.

ගී පද රචකයකු ද වන ඔහු ගායනයෙහි ද දක්ෂයකි.

මෙම නිර්මාණකරුවා දැනට රෝගාතුර වී සිටියි. ඔහුට නිදුක් නිරෝගී සුවය පතමු.
 

එස්. රණසිංහ

රත්නපුර

අලුත් ගීත

ලංකාවේ අප දන්නා වැඩිම බොදු ගී ගැයූ ගායකයන් අතර මොහිදීන් බෙග් කලා ශිල්පියාට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. එවැනිම වූ බෞද්ධ ධර්මයට අනුකූලව ගී ගැයූ කලා ශිල්පියකු මයිකල් පීරිස්. ‘සංසාරේ බවේ දුකා’, ‘ගුණ ගී වරුසා’ ආදී අප ජීවිතයට වඩාත් උචිත ගී රැසක් අපට දායාද කළ ඔහු නවක පරපුරේ සංගීත කණ්ඩායම් සමඟින් කැසට් පට කිහිපයක්ම නිකුත් කළේය. ඔහුගේ අලුත් ගීත එළි දැක්විය යුතු කාලයයි මේ.
 

අජිත් ලක්මාල්

මීගමුව

සුබපැතුම්!

තූර්යා නාට්‍යයේ රාණිගේ චරිතයට ජීවය දෙන රම්‍යා වනිගසේකරට හදපිරි සුබපැතුම්.

ශාන්ති බන්දුනාථ

මහනුවර

ප්‍රශංසනීයයි

රුවන් මාලිගා ඇතුළු නාට්‍ය ගණනාවක චරිත මැවූ තරංග දිසානායකගේ රංගනය ප්‍රශංසනීයයි.

සුගත් ලාල්

මීගමුව
 

වසන්ති අපූරුයි

ඉන්දුවරිහී වයස්ගත පෙම්වතියක් ලෙස වසන්ති රන්වල රඟන අයුරු අපූරුයි.
 

දිල්මි චමෝදි උක්වත්ත
දිත්මි උක්වත්ත
ඉංගිරිය

 

 

මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

සිදංගනාවෝ ටෙලි නාට්‍යයේ චන්දික නානායක්කාර හොඳට රඟනවා.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ සම්පූර්ණ වෙනසක් පසුගිය දිනවල සිදු වුණා. පෙර ශිල්පීන් දැක් වූ දස්කම් දැන් අපට බලාගත නොහැකිය. අප තවමත් ආස පෙර ශිල්පීන් සිටි සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමටය.

දමයන්ති

හොරණ.

කසුන් චාමර දැන් ඔහුගේ පියා වූ රවීන්ද්‍ර යසස් වගේම දක්ෂයි.

ෆාතිමා

වැලිගම.

පියුමි බොතේජු හරිම හැඩකාරයි.

සුමේධ

ගල්නෑව.

ඩිනක්ෂි සහ ශේෂාද්‍රි යන දෙසෙහොයුරියන්ගේ රංගන හැකියාව අති උසස්. දිනෙක ඔවුන් ලංකාවේ දක්ෂ නිළියන් වේවි.

චමිල්

දික්වැල්ල

සොඳුරු සිනහවයි
කදිම රංගනයයි
ඔබයි අපේ පුංචි තිරයේ සිහින කුමරු. බොඳ මීදුම් අතරින් ආ සාරංග දිසාසේකර මේ කෙටි පණවුඩය ඔබ වෙනුවෙනුයි.

සංක

පානදුර

උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් අපේ ආදරණීය පබාගේ ජීවිතය වාසනාවන්ත වේවා.

ශාලිකා

වලස්මුල්ල

ස්වර්ණවාහිනියේ විකාශය වන සේපාළිකා ටෙලි නාට්‍යය තවත් දීර්ඝ කළොත් හොඳයි. ඒ තරමටම ඒක ලස්සනයි. මේ සමයේ හොඳම ටෙලි නාට්‍යය තමයි ඒක.

නිශාන්ති ජයරත්න

රත්නපුර

කාවිංග පෙරේරාගේ රංගනය දියුණු වෙලා.

පියුමාලි

මාවනැල්ල

දුලීකා මාරපන මේ යුගයේ පහළ වූ නිළියකි. ඇයට නිසි ඇගයීමක් ලැබුණාදැයි සැකයකි.

වජිරා

රාජගිරිය

උපාලි කන්නන්ගර නිහඬ වී කිමද. ඔබේ ගීවලට වශී වී ඇත අප තවම.

සරත්

මතුගම

සුජාතා දියණි කතාව අපව පිස්සු වට්ටවනවා.

අයිෂ්

ගම්පහ

ඉරෝෂයි නිරෝෂයි පේන්නවත් නැහැනේ. අක්කයි නංගියි කෙහෙද ගියේ.

වසන්ති ගමගේ

අවිස්සාවේල්ල

මිහිර, ආටක නාටකවල කරන චරිතය නියමයි.

සිසිර කුමාර

පනාගොඩ හමුදා කඳවුර

ස්වාධින රූපවාහිනී නාලිකාවේ ඉඳුවරී ටෙලි නාට්‍යයෙන් නවක නළු නිළියන් හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවයකි.

හර්ෂනාථ

නිකවැරටිය

සුරේෂ් ගමගේ නිරහංකාර කලාකරුවෙකි. කෝල් එකක් දුන්න ගමන් ආන්සර් කරනවා.

කරු මන්දාවල

නාත්තණ්ඩිය

සිසිර සේනාරත්න අමරණීය ගායකයකි.

නිමල් කුලසේකර

අගුලාන