වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයට, ගායනයට දස්කම් පාන සංජීව සාගරසේන

රංගනයට, ගායනයට දස්කම් පාන සංජීව සාගරසේන

රංගනය මෙන්ම ගායනය ද ප්‍රගුණ කළ ඔහු කලා ලොවට පය තබන්නට පෙරුම් පිරූයේ මීට වසර ගණනකට පෙරදීමයි. කොතෙකත් බාධක කම්කටුළු පැමිණිය ද අදත් ඔහුගේ එකම අභිලාෂය කලා ලොවේ කිරුළු පැළැඳීමයි. සංජීව සාගරසේන රංගනයේ මෙන්ම ගායනයේ ද විවිධ දක්ෂතා දක්වා තිබේ.

වැලිමඩ උපන් සංජීව වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම විවිධ කලා කටයුතුවලට සිය දායකත්වය ලබා දුන්නේය. ‘පරපෝෂිතයෝ’, ‘වැලන්ටයින්’, ‘නොම්බර දෙකේ චණ්ඩියා’ යන වේදිකා නාට්‍ය සඳහා වගේම ගෞතමි, මහතලා හටන, චක්‍රායුධ වැනි ටෙලි නාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය ලබා දී ඇත. තවද ආදරයේ නාමයෙන් චිත්‍රපටය සඳහා ද ඔහු රංගන වරම් ලැබීය.

රංගනයට සේම ගායනයේ ද දක්ෂතා හිමි සංජීව මේ වන විටත් එළිමහන් ප්‍රසංග සඳහා සිය දායකත්වය ලබා දෙමින් සංගීත ක්ෂේත්‍රයට පිවිස තිබේ. අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගී ගැයීමට වැඩි කැමැත්තක් දක්වන සංජීවගේ එකම බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමයි.