වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මතක පොත

මතක පොත

ලෙනින්ගේ කැමරාවට ජනප්‍රියම පෙම් යුවළ හසු වූ මොහොතක්

මේ වෙන කවුරුවත් නොව ලෙනින් මොරායස් සහ සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි සිනමාවේ ජනප්‍රියම පෙම් යුවළ විජය – මාලිනී කැමරාවට හසුකරමින්. ලෙනින් මොරායස් සිනමාවේ තමාගේම අනන්‍යතාවත් ගොඩ නගා ගත් දක්ෂ සිනමාකරුවෙක්. ඔහු අධ්‍යක්ෂණය කළ උන්නත් දාහයි මළත් දාහයි චිත්‍රපටය රූගත කිරීමේදී ගත් ඡායාරූපයක් තමයි මේ.

පසු කලෙක ගඟ අද්දර, අහසින් පොළවට වගේ චිත්‍රපට නිෂ්පාදනය කළ සුමති චිත්‍රපට සමාගමේ මුල් නිෂ්පාදනය වුණෙත් මෙම චිත්‍රපටයයි.

රස කතාකරුවන් එකතු වූ මොහොතක්

මේ රස කතාකරුවන් එකතු වූ මොහොතක්. සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, විකට නළු බී. එස්. පෙරේරා සහ හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය රූපසිංහ සහෝදරයන් දෙදෙනා. හතර දෙනාම සූරයෝ, අමල් බිසෝ, දැන් මතකද වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ නීල් රූපසිංහ. හොඳම වෙලාව, එදත් සූරයා අදත් සූරයා වැනි චිත්‍රපට නිෂ්පාදනය වගේම සංඛපාලි සම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළෙත් සරත් රූපසිංහ. සරත් රුපසිංහගේ කතාවකට තමයි මේ කට්ටියම රස වැටිල අහගෙන ඉන්නේ.