වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

In Their Skin

ජෙරම් පවර් අධ්‍යක්ෂණය කළ ‘ඉන් දෙයා ස්කින්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් මිනිත්තු 97 ක ධාවන කාලය සහිත චිත්‍රපටයක්.

සෙල්මා බ්ලෙයාර්, ජෝෂා ආ ක්ලෝස්, ජේම්ස් ඩේරී, රැචල් මයිනර්, ඇලෙක්ස් ෆෙරිස් මෙහි චරිත නිරූපණය කරති.

සිය සිඟිති දියණිය අනතුරකට ලක්වීම සමඟින් පවුලකට මුහුණ දීමට සිදුවන සිදුවීමක් මෙහි පෙළ ගැසී ඇත.

The Watch

අසල්වාසී පුද්ගලයන් සිව් දෙනෙකු වටා ගෙතුන ‘ද වොච්’ විද්‍යා ප්‍රබන්ධ විකට චිත්‍රපටයක්.

ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ අකිවා සැඩෆර් විසින් අධ්‍යක්ෂණය කළ ද වොච් හි බෙන් ස්ටිලර්, වින්ස් වොග්න්, ජෝනා හිල්, රිචඩ් අයෝඩ්, රෝස් මේරි ඩිවිට්, විල් ෆෝර්ට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ද වොච් මිනිත්තු 102 ක ධාවන කාලයක් රැගත් චිත්‍රපටයක්.

Rise of the Guardians

‘රයිඩ් ඔෆ් ද ගාඩියන්ස්’ මිනිත්තු 97 ක ධාවන කාලයක් සහිත සජීවිකරණ පවුලේ චිත්‍රපටයක්.

පීටර් රැම්සේ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සඳහා ක්‍රිස් පයින්, ඇලෙක් බෝල්ඩ්වින්, හග් ජැක්මන්, ඉස්ලා ෆිෂර්, ජුඩ් ලෝ, ස්ටුවර්ට් ඕලන්, ඉසබෙලා බ්ලේක් හඬ දායකත්වය ලබා දෙති.

Citadel

‘චිටඩෙල්’ අද්භූත ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් මිනිත්තු 81 ක ධාවන කාලයක හොලිවුඩ් චිත්‍රපටයකි.

සීරන් ෆෝයි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇනියුරීන් බනාර්ඩ්, ජේම්ස් කොස්මෝ, වුන්මි මොසාකු, ජේක් විල්සන්, ඇමි ෂිල්ස් රංගනයෙන් දායක වෙති.

The Bay

‘ද බේ’ තවත් හොලිවුඩ් ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් මිනිත්තු 84 ක ධාවන කාලයක් සහිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්.

ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ බැරී ලෙවින්සන් අධ්‍යක්ෂණය කළ ‘ද බේ’ හි ක්‍රිස්ටින් කොනොලි, ජේන් මැක්නිල්, ක්‍රිස්ටෝපර් ඩෙන්හැම්, කීනර් ඩොනොහ්‍යු, මයිකල් බේස්ලි රංගනයෙන් දායක වෙති.

Rabba Main Kya Karoon

අම්රිත් සාගර් අධ්‍යක්ෂණය කළ ‘රබ්බා මේන් ක්යා කරූන්’ විකට හින්දි චිත්‍රපටයක්. ආකාශ් සාගර්, අර්ෂාඩ් වර්සී, පරේශ් රාවල්, රාජ් බබ්බාර්, රියා සෙන්, හිමානි ශිවපූරි, ශක්ති කපූර්, අනුරාධා පටේල් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

Four Two Ka One

‘ෆෝ ටු කා වන්’ විනෝදාත්මක හින්දි චිත්‍රපටයක්.

අන්වර් ඛාන් අධ්‍යක්ෂණය කළ ෆෝ ටූ කා වන් හි ජිමි ෂෙගිල්, රාජ්පාල් යාදේව්, නිඛිතා ආනන්ද්, සුසන්ත් සිං, මුරලි ෂර්මා, කෘරුෂ් ඩිබෝ, මුස්තාන් ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

It’s Rocking – Dard – E Disco

‘ඉට්ස් රොකින් ඩ්‍රැඩ් ඊ ඩිස්කෝ’ සහෝදරයන් දෙදෙනෙකු මුහුණ දෙන විවිධ සිදුවීම් පෙළකින් රසවත් වූ විනෝදාත්මක චිත්‍රපටයක්.

අශෝක් ත්‍යාගි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සඳහා බප්පි ලහිරි, අක්ෂේ කපූර්, රිතුපර්නා සෙන් ගුප්තා, ආර්යන් මේසි, ශක්ති කපූර්, අරූන් කපූර්, අරූන් භක්ෂි රංගනයෙන් එක් වෙති.