වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 90

සිංහල සිනමා විස්තරය - 90

රාං කුරුල්ලෝ

තිරගත වූ දිනය – 1979 ජුනි 07
ඉදිරිපත් කිරීම – විජය චිත්‍රපට
නිෂ්පාදනය – විජය රාජපක්‍ෂ, අයිරාංගනී රාජපක්‍ෂ
අධ්‍යක්‍ෂණය, තිර රචනය සහ සංස්කරණය – කිංස්ලි රාජපක්‍ෂ
දෙබස් සහ ගීත රචනය – උපාලි ධනවලවිතාන
අංග රචනය - රොහාන් මුදන්නායක
නැටුම් – උපාලි මෙත්තානන්ද
කරාටේ සටන් – දයාප්‍රිය පෙරේරා, සුනිල් මාරසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගෆූර්
නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. පෙරේරා
සංගීත අධ්‍යක්‍ෂණය – ටී. එෆ්. ලතීප්

ගීත – නීල දෑස පායා ඈත හිරුසේ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
රංගනියේ සත්සර ඔබ වේ – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
සුන්දරතාවේ ගම්මානේ – ලතා වල්පොල සහ පිරිස
රාං කුරුල්ලෝ රාං කිරිල්ලී කෝ - ලතා වල්පොල
සරාගී කතාවේ නුරාගී ලතාවේ – ලතා වල්පොල
දුක ශෝක සංකා - ලතා වල්පොල

ගීත පොත් – ආනන්ද පොත්හල – මරදාන

නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර (රාජේෂ්) මාලිනී ෆොන්සේකා (සුජාතා) රංජිත් සුරංග (රංජිත්) අශෝක පොන්නම්පෙරුම (පොලිස් පරීක්‍ෂක) ධර්මදාස හෙට්ටිගේ (සුජාතාගේ පියා) රුක්මණීදේවි (සුජාතාගේ මව) ශාන්ති ලේඛා, ශ්‍රියානි ෆොන්සේකා, ලිලියන් එදිරිසිංහ, ජෙනිටා සමරවීර, දොන් සිරිසේන, බී. එස්, පෙරේරා, ජයසේකර අෆොන්සු, උපාලි මෙත්තානන්ද, දයාප්‍රිය පෙරේරා, සිරිල් ජයසේකර, අනූෂා ගීතාංජලී, විමල් කුමාර් ද කොස්තා

ප්‍රදර්ශනය - සෙයින්ස්තාන්, විජිත – රත්මලාන, රීගල් - පානදුර, රීගල් - මීගමුව, පබ්ලික් හෝල් - ගම්පහ, කුවින්ස් - නුගේගොඩ ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී

ප්‍රදර්ශන කාලය – මහනුවර – රීගල් දින 28, විජිත - රත්මලාන දින 31, සෙයින්ස්තාන් දින 34 ලිඩෝ හි දින 47 ක් වශයෙනි.


වසන්තයේ දවසක්

තිරගත වූ දිනය – 1979 ජුනි 29
ඉදිරිපත් කිරීම – නැෂනල් ෆිල්ම් කොම්බයින්
නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය - ටී. අර්ජුන
නිෂ්පාදන සහාය - සිරිසේන විජේකෝන්
කතාව, තිර රචනය සහ දෙබස් - කුමාර කරුණාරත්න
අධ්‍යක්‍ෂණ සහාය - අයි. එන්. හේවාවසම්
කැමරා අධ්‍යක්‍ෂණය - සුමිත්ත අමරසිංහ
සංස්කරණය – එල්මෝ හැලිඩේ
වේශ නිරූපණය - රෙජී ද සිල්වා, ඩෙරික් සිල්වා
කලා අධ්‍යක්‍ෂණය - හේමපාල ධර්මසේන
නාමාවලිය - හේමචන්ද්‍ර පෙරේරා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - එස්, තිරනාවුකරසු
නිශ්චල ඡායාරූප – චාමිං පෙරේරා
සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ

ගීත – මාලගිරා ගෙල මාල පොටක් – ටී. එම්. ජයරත්න, ලතා වල්පොල
දේදුන්නෙන් එන සමනලුනේ - සනත් නන්දසිරි, ලතා වල්පොල
සඳ පෙම් පහනින් රෑයාමේ – ටී. එම්. ජයරත්න, ලතා වල්පොල
හීංසැරේ ඔබ ආවා - ඩබ්ලිව්. ඩී. අමරදේව, සුනේත්‍රා සරච්චන්ද්‍ර
කුජිත ගුදං රජකුල වංසේ - ටී. එම්. ජයරත්න සහ පිරිස

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය (වසන්ත) මාලිනී ෆොන්සේකා (මාලා) ජයසේකර අෆොන්සු (සරත්) ශි‍්‍රයානි ෆොන්සේකා (බිසෝ) ජෝ අබේවික්‍රම (සමන්තැන්න ආරච්චිල) රත්නාවලී කැකුණවෙල (මැණිකේ) සෝමලතා සුබසිංහ (මාලාගේ මව) චන්ද්‍රා කළුආරච්චි (කඩකාරිය) එස්. ඒ. ජේමිස් (වසන්තගේ පියා) සීතා කුමාරි (වසන්තගේ මව) සොමී රත්නායක (වසන්තගේ මිත්‍රයා) විමල් කුමාර් ද කොස්තා, ටී. එම්. ජයරත්න, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ලැටීෂියා පීරිස්, විල්සන් කරුණාරත්න, නීලවතුර විජේවර්ධන, ආනන්ද ෆොන්සේකා, බොනිපස් ප්‍රනාන්දු, ඒ. ජේ. ද.සොයිසා, ලෙනින් වික්‍රම

ධාවය කාලය – පැය 01 විනාඩි 50
මංගල දර්ශනය – චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
ප්‍රදර්ශනය – මැජස්ටික්, ක්‍රවුන්, මානෙල් - දෙමටගොඩ, ඕඩියන් – ගල්කිස්ස, නිව් මෙට්රෝ - නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – ක්‍රවුන්, මානෙල්, දින 40, මැජස්ටික් හි දින 45, වෙම්බ්ලි හි දින 54 වශයෙනි.
 


මොනර තැන්න

තිරගත වූ දිනය - 1979 ජූලි 12
ඉදිරිපත් කිරීම - ජය ශ්‍රී චිත්‍රපට
නිෂ්පාදනය - ඩබ්ලිව්. ජයතිස්ස, පියසීලී ජයතිස්ස
අධ්‍යක්‍ෂණය - යසපාලිත නානායක්කාර
කැමරා අධ්‍යක්‍ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය - සරත් සූරිය කුමාර, උපාලි බුලත්සිංහල, ආර්. ගනේෂන්, නිහාල් පෙරේරා, හැරල්ඩ් ප්‍රැටික්
කතාව, දෙබස්, තිරනාටකය - ධර්ම ශ්‍රී මුණසිංහ
සහාය අධ්‍යක්‍ෂණය - මූ. අරුක්ගොඩ, සුනිල්සෝම පීරිස්
සංස්කරණය - ටී. බවානන්දන්
සංස්කරණ සහාය - එම්. එස්. අලිමාන්, ජෝකීන් අප්පුහාමි, සුනිල්සෝම පීරිස්
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු සහාය නිමල් රාජපක්‍ෂ
කලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වා
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරීම - සෙන්ට් ජෝන්
ශබ්ද පරිපාලනය - නිමල් වීරක්කොඩි
ශබ්ද සහාය - ලයනල් ගුණරත්න, සිරිසේන පෙරේරා, පුංචිහේවා
රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය - මයිකල් පොන්නයියා, සමරසිංහ, වේලායුදන්
අතිරේක ශබ්ද - මෙල්රෝයි අල්මේදා
නිශ්චල ඡායාරූප - තල්පේ කුමාරසිංහ
නිෂ්පාදන කළමනාකරුවෝ - බී. ඩබ්ලිව්. පියදාස, කුමාරදාස ජයසිංහ
නිෂ්පාදන විධායක - රංජිත් රණවංශ
නිෂ්පාදන අධිකාරී - මූ. අරුක්ගොඩ
සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත – හඳ හාවුන් හදේ – නන්දා මලනී (අජන්තා රණසිංහ)
අම්බරේ දිලී දිලී – ටී. එම්. ජයරත්න (ශ්‍රී නිහාල් ජයසිංහ)
සෙවණේ කුඹුක් සෙවණේ – ඇන්ජලින් ගුණ
තිලක, ටී. එම්. ජයරත්න (ශ්‍රී නිහාල් ජයසිංහ)
අලුත ගෙනා මනමාලි - නිහාල් ජයවර්ධන, ටී. එම්. ජයරත්න, සුනේත්‍රා සරච්චන්ද්‍ර, නිරංජලා සරෝජනී (කරුණාරත්න අබේසේකර)

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

නළු නිළියන් – විජය කුමාරණතුංග (පියසෝම) මාලිනී ෆොන්සේකා (සඳා) රෙක්ස් කොඩිප්පිලි (රජ්ජුරුවෝ) රුක්මණී දේවි (බිසෝ) ඩොමී ජයවර්ධන (සිඩ්නි) අනෝජා වීරසිංහ (සුරංජි) පියදාස විජේකෝන් (හුරතලා මාමා) ධර්ම ශ්‍රී මුණසිංහ ( මුදලාලි) සෝනියා දිසා (ශ්‍රීයා) සුනිල්සෝම පීරිස් (හතා) මූ. අරුක්ගොඩ, වින්සන්ට් වාස්, මංජුලා විදාන, ඩී. ගුණපාල, දයානන්ද ජයවර්ධන, චාන්දනී ගුණතිලක, රත්නාවලී කැකුණවෙල, චන්ද්‍රා දහනායක, බී. ඩබ්ලිව්. ප්‍රේමදාස, නිහාල් ජයවර්ධන

ප්‍රදර්ශනය – ගාමිණී, ෆ්ලාසා, රුක්මණී, අනූෂා - මහරගම, රාජ් – මීගමුව, සමුද්‍රා - වත්තල ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා 10 ක දින 50 පිරුණ අතර, ගාමිණී, ෆ්ලාසා ඇතුළු සිනමා ශාලා 06 ක දින 70 ක් වශයෙනි.
 


එක හිත

තිරගත වූ දිනය – 1979 ජූලි 20
ඉදිරිපත් කිරීම – චන්දන චිත්‍රපට
නිෂ්පාදනය - සිරිල් විදානගම ආරච්චි, පද්මා විදානගමආරච්චි
කතාව, දෙබස්, තිරනාටකය සහ අධ්‍යක්‍ෂණය - කේ. එම්. ඩී. ආරියපාල
කැමරා අධ්‍යක්‍ෂණය – ඩිල්මන් ජයරත්න
සහාය අධ්‍යක්‍ෂණය - සිරිල් විදානගමආරච්චි
සංස්කරණය - සිරි කේ. විතාරණ
වේශ නිරූපණය - බෙනට් ජයතුංග, ඩෙරික් ප්‍රනාන්දු
සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි
නාමාවලිය - සාලිය ඩයස්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
සංගීත අධ්‍යක්‍ෂණය – වික්ටර් දළුගම
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර

ගීත – ඔබ මා පැතුවේ පැතුසේ - එච්. ආර්. ජෝතිපාල
මල්සරාගේ හීසැරේ වැදිලා - එච්. ආර්. ජොත්පාල, ඇන්ජලින් ගුණතිලක
ආරාධනා සේ ආවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
නොදුටු මිහිරක සිහින – හරූන් කුමාර් ලන්ත්‍රා

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් - ටෝනි රණසිංහ (නාලක) ශි‍්‍රයානි අමරසේන (අචලා) සිරිල් විදානගමආරච්චි (සිරිල්) ෆර්ල් කුරේ, දෙනවක හාමිනේ, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, විජය කුමාරණතුංග, කාන්ති ලංකා, බන්දුල කුසුම්සිරි, සරණපාල සූරියආරච්චි, රීටා රත්නායක, චන්ද්‍රපාල ෆර්ඩිනැන්ඩස්, ජී. වීරසිංහ

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, රත්නාවලී – ජාඇල ඇතුළු 03 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – අශෝකා සහ රොක්සි දින 34 ක් ද, රිට්ස් හි දින 41 වශයෙනි