වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රංගන ශිල්පී සාලිය රණවීරගේ දියණියන් දෙදෙනාගේ විවාහය එකම දිනක

රංගන ශිල්පී සාලිය රණවීරගේ දියණියන් දෙදෙනාගේ විවාහය එකම දිනක

චිත්‍රපට නිෂ්පාදක සහ රංගන ශිල්පී සාලිය රණවීරගේ දියණියන් දෙදෙනාගේ විවාහයන් එකම දිනක මාතර නන්දිමා උත්සව ශාලාවේදී සිදු විණ.

එහිදී සාක්ෂි ලෙස අත්සන් තැබුවේ රොබින් ප්‍රනාන්දු සහ සේමිණී ඉද්දමල්ගොඩයි. මේ අසිරිමත් අවස්ථාවට ක්ෂේත්‍රයේ සහෘදයින් රැසක් සහභාගී වී සිටියහ.

සිතාරා සනීර යුවළ සමඟ රොබින් ප්‍රනාන්දු, සේමිනී ඉද්දමල්ගොඩ

මෙලනි, හසින්ත යුවළ සමඟ මානාලියන්ගේ මව ශාන්ති, පියා සාලිය

අංග රචනා ශිල්පී ගාමිණී කොස්තාගේ පුත් විවාහ වූ දා

අංග රචනා ශිල්පී ගාමිණී කොස්තාගේ පුතණුවන් උදිත ඊසානත කොස්තා පසුගියදා යුග දිවියට ඇතුළත් වුණා. ඔහුගේ අත ගත්තේ දිනේෂා ප්‍රියන්තිකා ද සිල්වායි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උදිත වෙනුවෙන් විවාහයේ සාක්ෂියට අත්සන් තැබුවා.

උදිත මේ වන විට වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ සේවය කරනු ලබනවා.