වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

වසන්තයේ දවසක්

මාල ගිරා ගෙල
මාල පොටක් වැනි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙළා
රුව දිලෙනා ලීලේ

වතුසුදු මල සේමා
වත රූ සිරි බෝමා
කෝල කොමළ වරුණේ
සිත බැඳුණා ළඳුනේ

කදිම උවම් යොදලා
කවි සී පද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ
කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ?

පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය – ටී. එම්. ජයරත්න හා ලතා වල්පොල
අධ්‍යක්ෂණය – ටී. අර්ජුන