වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ඔබේ අනගි ප්‍රතිචාර සටහන් 0752805047 යන දුරකථන අංකයට ක්ෂණිකව කෙටි පණිවුඩ අයුරින් එවිය හැකියි. ඒවා එවන්නේ කාටද, කුමන නිර්මාණයන්ට යන වගත් ඔබේ නමත් සටහන් කරන්නට මතක තබා ගන්න.

ප්‍රතිචාර ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ඔබේ තැපැල්පත් එවීමට පුළුවන.

ඉහත ලිපිනය තැපැල්පත්වලට අමතරව සටහන් පත්වලට වලංගුය.

මානවසිංහ කිවිඳුන්ට

පිනිබර වුන පොසොන් මහේ
මෙලොවට බිහි වූ කවි සිත
මානවසිංහ නම් කිවිඳුන්
බැතියෙන් සිහි කරමි මෙසේ
හෙළදිව නම් පුවත් පතට
කතුවරයකු ලෙස එක් විය
පන්හිඳට පණ පෙවූ නෙත
කලාවටම දිවි කැප කළ

ගලන ගඟකි ජීවිතයේ
වැලිතල අතරේ ගලා බසියි
ඔබ නිදනා සොහොන් කොතේ
ඇහැළ මලින් සෙවණ සදයි

කොලොම් පුරේ කවි සිතුවිලි
පන්හිඳකින් ගලපාලා
කෝමල රේඛා, වෙසක් මිහිර
පාඨක සිත වසඟ කළා
 

පී. ධම්මික දුමේන්ද්‍ර

පාමංකඩ

ගී හඬ ලස්සනයි

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමන් වන අනුර සේනානායක මහතා විසින් කලකට ඉහත දී ගැයූ ‘සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ’ ගීතය තවමත් බොහෝ අයගේ මතකයේ රැඳී ඇති බව නොඅනුමානය.

පසුගියදා රූපවාහිනී වැඩසටහනක ඔබේ රුව සහ හඬ දුටුවෙමු. එදා මෙන්ම ඔබේ ගී හඬ ලස්සනයි.
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

උපහාර

දේශීය සංගීතයට, දේශීය සිනමාවට ගායකයකු ලෙස සුවිශාල සේවයක් කළ අති දක්ෂ ගායකයකු වන හරූන් ලන්ත්‍රාට උපහාර දැක්වීම සංගීතයට කරන උපහාරයක් ලෙස සැලකේ.
 

නිමල් කුලසේකර

අඟුලාන.

දිගු ගමනක්

‘ෂා’ ගුවන් විදුලි නාලිකාව නැවත ඇරැඹීමත් සමඟ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රබෝධමත් වූවේය. හිරු ටීම් එකේ සහෝදර නාළිකාව වූ ‘ෂා’ හි කෙවින් ඇතුළු පිරිවරටත් එම නාළිකාව හිරු මෙන් දිගු ගමනක් යාමටත් ආසිරි පතමි.
 

ලක්මාලි

වරකපොළ.

මතකයේ රැඳෙන ගී

විශාරද මාලිනී බුලත්සිංහල අපට සිටිය දක්ෂම ගායිකාවකි. කලකට ඉහතදී අප අතරින් වියෝ වුවත් ඇය අප මතකයේ රැඳෙන ගීත රැසක් ඉතිරි කොට ගිය බව නම් රහසක් නොවෙයි.

ඔබ කොහේ හිටියත් අපට ඔබව අමතක නොවේ.
 

කරුණාදාස දොඩංගොඩ

ඇරැව්වල.

අනර්ඝයි

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ඉසුරු සංග්‍රාමය ටෙලි නාට්‍යයේ රෝහණ වීරසිංහ යොදා ඇති සංගීතය ඉතා අනර්ඝයි.
 

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ.

හොඳ ටෙලිනාට්‍යයක්

‘ෆෙංෂුයි ගෙදර’ කම්මැලිකමකින් තොරව නැරැඹිය හැකි ඒකාකාරී බවින් මිදුණු හොඳ නාට්‍යයක්. හැමෝගේම රංගනය ද උසස්.
 

සුජාතා ගුණවර්ධන

කඩවත.

නිරෝගී සුව පතමි!

ජීවන ගමන් මගේ සැත්තෑ වැනි උපන් දිනය සැමරූ ඉන්දීය මහා නළු අමිතාබ් බච්චන්ට නිදුක් නීරෝගි සුව පතමි. ඔහු භාරතයේ පමණක් නොව ලොව පුරා වෙසෙන රසවතුන්ගේ සිත් සතන් පුබුදුවාලූ මහා පුරුෂයෙකි.
 

රෝෂිණී ඩිල්රුක්ෂි ගෝමස්

මොරටුව.

අපූරු සුසංයෝගයක්

සිංහල සිනමාව තුළ විවිධ යුගයන් තුළ අපූරු සුසංයෝග බිහි විය. මෑත යුගයේ එසේ දක්නට ලැබුණු යුගලයක් වශයෙන් සුදේශ් වසන්ත පීරිස් සහ සුනිල් ටී. ප්‍රනාන්දු යන අයව හඳුන්වා දිය හැකිය.

ඔවුන්ගේ දායකත්වයෙන් බිහි වූ ජීවිතය ලස්සනයි චිත්‍රපටය රිදී තිරය ද ලස්සන කරනු ඇති.
 

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය.

මහත් සතුටකි

‘සුජාත දියණි’ කතා මාලාව අප මහත් ආසාවෙන් නරඹන්නෙමු. මෙහි භාෂා විලාශය, ආචාරශීලීත්වය සහ ගති පැවතුම් මනාව විදහා දක්වමින් එය විකාශය වීම අපගේ සිතට මහත් සතුටකි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල.

හඬින් මිලාන නොවූ

මිල්ටන් පෙරේරා

සඳ නැති විය හෙළ මිහිරැති ගී අඹරේ
මධුර හඬක මහිමය තරු පොකුරේ
දශක තුනහමාරක් නැළ වූ මිතුරේ
දෛවයෙ සරදමකි ඔබ නැහැ අප අතරේ

ඔබේ හඬයි විරහාවයි එක විලසයි
හිතේ දුකත් ඉවසන්නට බැරිව හැඩයි
හෙළ ගී ලොව ඔබ දැල් වූ පහන් සිලයි
අද වනතුරු ඉන් අප ආලෝකෙ ලබයි

සුමධුර රස ගීත බෙදූ ගඟක් වගේ
අදයි දැනෙන්නේ ඔබ නැති සංවේගේ
අමර සුවය පතනෙමු අප හැම වේලේ
ආයෙ වඩිනු මැන මිල්ටන් ගී මාලේ
 

ලක්ෂ්මන් රණසිංහ

වත්තල


මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

චන්න, යශෝධා නැවතත් පෙම්වතුන් වී පුංචි තිරයේ රඟපානවා දකින්න අප ආසයි.
 

අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්තොට.

වත්සලා දියලගොඩ මගේ ප්‍රියතම නිළියයි. ඇය ගොඩක් ලස්සනයි.
 

සංජීවනී, නුවර

වත්මන් රංගන ශිල්පීන් අතර ගයාන් වික්‍රමතිලක අති විශිෂ්ටයි.
 

සමන්ත ,කළුතර.

නව ගුවන් විදුලි සංඛ්‍යාන ඔස්සේ අපිට කඳුරට සේවය සහ කොත්මලේ සේවය ඇහෙන්නේ නැති වීම බලවත් පාඩුවකි.
 

කැකුණවෙල

අලව්ව.

වයි. එෆ්. එම්. හි සත්වැනි සංවත්සරයට සුබපැතුම්.
 

භාතිය

නුවර.

රූපවාහිනී නාලිකාවේ විකාශය වන සඳ දිය දෝතක් වැඩසටහන හොඳයි.
 

චම්පිකා

ගාල්ල.

ශෙරිල් හරි ආඩම්බරයි.
 

ශානි

ගාල්ල.

සුරේන්ද්‍ර,

අපි ඔබගේ කටහඬට හරිම කැමැතියි. ඔබේ අනුරාගිනී ගීතය ඉතාමත් ලස්සනයි. හැකි තරම් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න.

නන්දනී

වේරගම.

සිනමාවට උචිත නුවන් ගුණවර්ධනගේ හඬ වර්තමානයෙහි ප්‍රයෝජනයක් නොගෙන සිටීම අභාග්‍යකි.
 

කරු මන්දාවල

නාත්තන්ඩිය.

ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 නිවේදිකාවක වන තිලිණි පෙරේරාගේ ඉදිරිපත් කිරීම් මනරම්.
 

දිනේෂිකා

අම්පාර.