වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




‘මාරම්බරී’ දෙසැම්බර් 03 නාරම්මලදී

‘මාරම්බරී’ දෙසැම්බර් 03 නාරම්මලදී

‘මාරම්බරී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය දෙසැම්බර් 03 වැනිදා නාරම්මල ප්‍රජා ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රසංගයේ යුග ගායනා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ශ්‍රියා කාරියවසම් සහ ශාරන්‍යා ජයකොඩි ගෙනි. සුසිල් අමරසිංහ සංගීතය අධ්‍යක්ෂණය කරන අතර වසන්ත රෝහණ කථනයෙන් දායක වෙති.නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයීය ගුරු සුබසාධක සංගමය හා ආදි ශිෂ්‍ය සංගමය මෙය සංවිධානය කරයි.

උන්මාද චිත්‍රා අනුරාධපුරයේදී . . .

රෝහණ පී. ප්‍රනාන්දුගේ උන්මාද චිත්‍රා මේ මස 02 වැනිදා සවස අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයීය ශාලාවේදී වේදිකා ගතවේ.

ඉසුරු උදයංග, හසිනි අනුරුද්ධිකා, කීර්ති කොඩිතුවක්කු, ඩීමන් හෙට්ටිආරච්චි, මලිති හේවාවසම්, ජනක ප්‍රනාන්දු, සඳනි පබසරා මෙහි රංගන දායකත්වය සපයති.

සුහානි රාත් මුකේෂ් නමින් පිදෙයි

මේ මස 29 දා එනම් අද රාත්‍රී 10.10 ට ජාතික නාළිකාවෙන් දිග හැරෙන සුහානි රාත් වැඩසටහන වෙන් වෙනුයේ භාරත සිනමාවේ අග්‍රගණ්‍ය ගායක මුකේෂ් ගායනවේදියාණන්ටයි.

මෙය විනීතා කරුණරත්නගේ අධ්‍යක්ෂණයකි. යශෝධා විමලධර්ම ඉදිරිපත් කරන සුහානි රාත් හි පිටපත චම්පිකා දීපානි රණසිංහගෙනි.