වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 89

සිංහල සිනමා විස්තරය - 89

පළඟැටියෝ

තිරගත වූ දිනය – 1979 අපි‍්‍රයෙල් 27
ඉදිරිපත් කිරීම – වින්දන චිත්‍රපට
කතාව, තිරනාටකය, දෙබස්, නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය – වසන්ත ඔබේසේකර
තිර කතාව - ඒ ශ්‍රේණියේ තිර කතාවකි. චිත්‍රපට සංස්ථාවේ 100 % ණය ක්‍රමය යටතේ නිෂ්පාදිත ප්‍රථම චිත්‍රපටය
සහාය අධ්‍යක්‍ෂණය - සුරන්ජිත් ෆොන්සේකා
කැමරා අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය – ඇන්ඩෲ ජයමාන්න
කැමරා සහාය – බන්දුල කුරේ
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සහාය සංස්කරණය – විමල් තෙන්නකෝන්
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
ඇඳුම් නිර්මාණය - ස්වර්ණා ඔබේසේකර
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - වී. ශිවදාසන්
සංගීත අධ්‍යක්‍ෂණය – ඩී. ආර්. පීරිස්
ගීත ප්‍රබන්ධය - හෙන්රි ජයසේන

ගීත සංඛ්‍යාව - 01

මල් පිපුනට ලොව මල් කුමටදෝ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක

ධවන කාලය – පැය 2 විනාඩි 30

නළු නිළියන් – ධර්මසිරි බණ්ඩාරනායක (සරත්) ධම්මි ෆොන්සේකා (කුසුම්) රන්ජන් මෙන්ඩිස් (ටෙනිසන්) මර්සි එදිරිසිංහ (සෝමක්කා) හෙන්රි ජයසේන (ගුණදාස මුදලාලි) රන්ජිත් යායින්න (ලාල්) ෆර්ල් වාසුදේවි (සොපි අක්කා) දෙනවක හාමිනේ (සරත්ගේ මව) සුනේත්‍රා සරච්චන්ද්‍ර (සරත්ගේ ලොකු නංගී) දමයන්ති ජයසූරිය (සරත්ගේ පොඩි නංගී) යූ. ආරියවිමල්, වික්‍රම බෝගොඩ, රංජිත් සුරංග, සෝමපාල හේවාකපුගේ, හේමන්ත හේවගේ

ප්‍රදර්ශනය – මැජස්ටික්, ක්‍රවුන්, ඕඩියන්, දෙමටගොඩ – මානෙල්, නිව් මෙට්රෝ - නුගේගොඩ ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.
 


දිවි තිබෙන තුරු

තිරගත වූ දිනය – 1979 මැයි 04
ඉදිරිපත් කිරීම – ඇසෝසියේටඩ් ෆිල්ම්ස් ප්‍රොඩියුෂර්ස්
කතාව, තිර රචනය, දෙබස්, අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය – එන්. පී. ජයතිස්ස
කැමරා අධ්‍යක්‍ෂණය – නිමල් පෙරේරා
සහාය කැමරා - ලලත් ගුණවර්ධන
සංස්කරණය – එස්. එම්. නිසාර්
වේශ නිරූපණය - සනත් සී. ජයවර්ධන
කලා අධ්‍යක්‍ෂණය - හේමබන්දු
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්‍ෂණය – තිලක් කරුණාතිලක

ගීත - සුවඳ නොමැති මල් පියකරු වේනම් – එන්. පී. ජයතිස්ස (සරත් විමලවීර)
සිනාසෙන මුහුණෙහි කඳුළු - ඩබ්ලිව්. ස්ටැන්ලි ද සොයිසා (සිරිල් ඒ. සීලවිමල)

ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන

නළු නිළියන් – මාලිනී ෆොන්සේකා (සුමනා) එන්. පී. ජයතිස්ස (සිමියොන්) ඩොමී ජයවර්ධන (බර්ටි මහත්තයා) දෙනවක හාමිනේ (මංගො ආච්චි) පියදාස ගුණසේකර, ඩේවිඩ් ධර්මකීර්ති, නෙලී ප්‍රනාන්දු, ෆ‍්‍රැන්සිස් පෙරේරා, ට්‍රිලීෂියා ෆොන්සේකා, දයානන්ද ගනේගොඩ, ජෙසිකා වික්‍රමසිංහ, ශි‍්‍රයානි ෆොන්සේකා, ගාමිණී ගනේගොඩ, දයානන්ද ජයවර්ධන, ටියුඩර් කරුණාතිලක, ශීලා සුරවීර, ශීලා සමරවීර, විජයපාල ජයකොඩි, අමිතා කුමාරි, සිසිර කුමාරතුංග.

ප්‍රදර්ශනය – එල්ෆීන්ස්ටන්, ඉම්පාලා, ට්‍රියෝ - දෙහිවල, වේල්ස් - මහනුවර, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී.

ප්‍රදර්ශන කාලය – ප්‍රදර්ශනය ඇරඹී දින 07 කදී මුල් ශාලා 04 කට සීමා විය. එල්ෆීන්ස්ටන් දින 20 ක්ද, වේල්ස් දින 28 ක්ද තිරගත විය.
 


රජ කොල්ලෝ

තිරගත වූ දිනය – 1979 මැයි 18
ඉදිරිපත් කිරීම – රුහුණු චිත්‍රපට
කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය – ගුණසිරි සේනානායක
තිරනාටකය සහ දෙබස් - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. වී. හේමපාල
සංස්කරණය – කාලිංග ද සිල්වා
සැකසුම - ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සංගීත අධ්‍යක්‍ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගීත සංඛ්‍යාව - 05

ගීත – ඔබේ සිහින හංස සේනා - ධර්මදාස, ලතා වල්පොල
රජවෙලා රජ කොල්ලෝ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සම්මා සම්බුදු වූ පූජිත - මොහිදීන් බෙග්
සුරලොවින් ද ආවේ පියඹා - ධර්මදාස, ලතා වල්පොල
ජීවන ගීතේ දුක්මුසු රාවේ – එච්. ආර්. ජෝතිපාල

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් – ලයනල් දැරණියගල (පාල) ශි‍්‍රයානි අමරසේන (මව හා ශි‍්‍රයානි) ජෝ අබේවික්‍රම (සේන) පියදාස ගුණසේකර (පියා) බැප්ටිස් ප්‍රනාන්දු, පියදාස විජේකෝන්, ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, තලතා ගුණසේකර, තිලකා දැරණියගල.

ප්‍රදර්ශනය – ගාමිණී, ෆ්ලාසා, රුක්මණී, අනූෂා - මහරගම, ඕඩියන් – මහනුවර, රාජ් -මීගමුව ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමාහල් 15 කදී.
ප්‍රදර්ශන කාලය – රුක්මණී හි දින 20, ගාමිණී හි දින 28, ෆ්ලාසා හි දින 50ක් වශයෙන් ද තිරගත විය.
මංගල දර්ශනය - සිනමාස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ පී. ආර්. පද්මරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව වත්තල නිල්මිණි සිනමා ශාලාවේ දී
 


මුවන් පැලැස්ස

තිරගත වූ දිනය – 1979 මැයි 25
ඉදිරිපත් කිරීම – ලින්ටන් චිත්‍රපට
නිෂ්පාදනය – මුණිදාස සිල්වා
අධ්‍යක්‍ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා
නිෂ්පාදන සහාය - රෝහිත ද සිල්වා
තිර රචනය සහ දෙබස් - ධර්ම ශ්‍රී මුණසිංහ
සහාය අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය – මූ. අරුක්ගොඩ
කැමරා අධ්‍යක්‍ෂණය – ඩැනී. ඩබ්ලිව්. පතිරණ
සංස්කරණය – එම්. පී. රූපසේන
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්‍ෂණය – ඇහැලියගොඩ සෝමතිලක, ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්‍ෂණය - හෙන්රි ජයසේන, රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
ගීත පටිගත කිරීම – ලාල් දිසානායක
වෙඩි පිපිරවීම් මෙහෙය වීම - ජොනී ඩී. හුඩ්
සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්ම ශ්‍රී කල්දේරා, අජන්තා රණසිංහ

ගීත – ලස්සන හිමවතේ – ඩබ්ලිව්. ඩී. අමරදේව
පාළු ගමේ පාළු පැලේ - ටී. එම්. ජයරත්න, මාලනී බුලත්සිංහල
රොයි රොයි රෝයි – මාලනී බුලත්සිංහල
නාමලී කුමාරී – මාලනී බුලත්සිංහල, නිරංජලා සරෝජිනී
පැළඳ කඩුකස්ථාන – එම්. එස්. ප්‍රනාන්දු සහ පිරිස

ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන

නළු නිළියන් - රෙක්ස් කොඩිප්පිලි (කදිරා) මාලිනී ෆොන්සේකා (නාමලී) වොලී නානායක්කාර (උක්කුබණ්ඩා) වීනා ජයකොඩි (සිළිඳු) හියුගෝ ප්‍රනාන්දු (ආරච්චිල) රත්නාවලී කැකුණවෙල (මැණිකේ) ගැමුණු විජේසූරිය (වෙද මාමා) ධර්ම ශ්‍රී මුණසිංහ (මල්හාමි මාමා) ෆෙ‍්‍රඩී සිල්වා (පිනා) දේවිකා කරුණාරත්න (බිසෝ) පියදාස විජේකෝන් (වැදි නායක) ලිලියන් එදිරිසිංහ (වැදි නායිකාව) එස්. ඒ. ජේමිස් (පුංචිරාල) කිංස්ලි දිසානායක (උංඩියා) රැල්ප් විජේකෝන් (හඳුනා) දයානන්ද සල්වතුර, සිරි පතිරණ, චම්පා අරුක්ගොඩ, සරණපාල ජයසූරිය, සුසිලා කුරගම, මෝතිලාල් ගුණසේකර.

ප්‍රදර්ශනය – එල්ෆීන්ස්ටන්, ඉම්පාලා, ට්‍රියෝ, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල ඇතුළු 1 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය – මුල් ශාලා 15 තුළම දින 60 පිරුණු අතර සිනමා ශාලා 05 ක් තුළ දින 100 පිරුණි.

1980 පැවති 10 වන සරසවිය සම්මාන උළෙලේ 79 වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස පාඨක ඡන්ද 45239 ලබා මුල් තැනට පත්වුන අතර හොඳම ගායනයට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.