වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




ම ත ක පො ත

ම ත ක පො ත

හොඳම වෙලාව කීයද?

විවේකයක් ලද මොහොතක් . . .

මේ ඡායාරූපය ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කළ ‘හෙඳම වෙලාව’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එදා ලද පොඩි විවේකයකදී ගත් එකක්. හෙලන් කුමාරි, මාලිනී ෆොන්සේකා, එඩී ජයමාන්න, සෝනියා දිසා, ක්‍රිස්ටි ලෙනාඩ්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, වී. වාමදේවන්, ඇන්ටන් ග්‍රෙගරි, බී. එස්. පෙරේරා, රෝලන්ඩ් ප්‍රනාන්දු, කරුණාරත්න අබේසේකර, ආරියරත්න කහවිට ඇතුළු පිරිස තමයි මේ සතුටු සාමිචියට එකතු වෙලා සිටින්නේ.

දෙබසට අලුත් ආලෝකයක්

මාස්ටර් මොනවා කියනවද කියල මට තේරෙන්නේ නැහැ . . . මේ එම්. මස්තාන් අධ්‍යක්ෂණය කළ ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ රසවත් දෙබසක්. ක්ලැරිස් ද සිල්වා සමඟ හියුගෝ ප්‍රනාන්දු මේ ආලෝක පරීක්ෂාව කරන්නේ එදා විජය චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පී ඒ. වී. එම්. වාසගම්. වාසගම් අද කැනඩාවේ පදිංචිව සිටින අතර මේ සොඳුරු මතක ඉතිරි කරල හියුගෝ මාස්ටර් නම් අප අතහැරලා ගිහින්.