වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය - 79
 

‘ඇගේ ආදර කතාව’

තිරගත වූ දිනය – 1977 සැප්තැම්බර් 23

ඉදිරිපත් කිරීම – එස්. එෆ්. ටී චිත්‍රපට

නිෂ්පාදනය – මොහොමඩ් එච්. ඕමාර්

කතාව, තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර

අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර

කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්

සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය – පියදාස විජේකෝන්

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ / අජන්තා රණසිංහ

ගීත - ඔබ මාගේ නෙත් දෙක වාගේ – ජොතිපාල/ සුජාතා / සිරි පෙරේරා

ඒ තරහා වී යනවාදෝ – එච්. ආර්. ජෝතිපාල

රන්වන් සිනාපෑ මනෝ මාලිගාවේ – එච්. ආර්. ජෝතිපාල

ඈත බලා පාවේ වලා - ඇන්ජලින් ගුණතිලක / සිරි පෙරේරා

බැන්ද ආදරේ ශෝක සදන්නේ – ඇන්ජලින් ගුණතිලක

සංතෝසේ සංගීතේ දෙන්නම් –එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

ගොයම පීදුනා සැප පෑදුනා - එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

ඔබ මාගේ නෙත් දෙක වාගේ – සුජාතා අත්තනායක

ගීත පොත් - ශාන්ති පොත්හල- මරදාන

නළු නිළියන් – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (සිරිපාල), සෝනියා දිසා (සුදු මැණිකේ), නාත් ගුණසේකර (රුවන්), ගීතා කුමාරසිංහ (කාන්ති), ශාන්ති ලේඛා (රුවන්ගේ මව) පියදාස විජේකෝන් (මහතුන්), බැප්ටිස් ප්‍රනාන්දු (සමාජ ශාලා මැනේජර්), මාක් සමරනායක, ඇන්තනි සී. පෙරේරා, බී. ඇස්. පෙරේරා, එඩී ජූනියර්, තෙරේසා වීරසිංහ, ශිරෝමාලා, චන්ද්‍රලාල් ජයවර්ණ, පර්ල් වාසුදේව, හර්ෂණ නානායක්කාර

ප්‍රදර්ශනය – ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය.


‘මරුවා සමඟ වාසේ’

තිරගත වූ දිනය – 1977 සැප්තැම්බර් 30

ඉදිරිපත් කිරීම – පිරමීඩ් චිත්‍රපට

නිෂ්පාදනය – එච්. කේ. සිරිසේන

කතාව, තිර රචනය, දෙබස්, සංස්කරණය සහ

අධ්‍යක්ෂණය – ටයිටස් තොටවත්ත

කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න

සහාය අධ්‍යක්ෂණය – හරිශ්චන්ද්‍ර වීරසිංහ

සහාය නිෂ්පාදනය සහ නිෂ්පාදන අධිකාරි -

තිස්ස නාගොඩවිතාන, කුමාරි නාගොඩවිතාන

වේශ නිරූපණය – රංජිත් මතඟවීර / ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි

වෙඩි පිපිරවීම් - ජොනි ඩී. හූඩ් සැකසුම – විජය චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

නිෂ්චල ඡායාරූප – ලෙස්ලි අමරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – අර්නස්ට් සොයිසා (ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය)

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගීත - මගේ අම්මා බුදු වේවා පැතූ - මොහිදීන් බෙග්

තැටිය මැද්දේ කළු කරාපු - එම්. එස්. ප්‍රනාන්දු / එච්. ආර. ජෝතිපාල ඇතුළු පිරිස

තෝසේ මසල වඩේ – ඒ. ඊ. මනෝහරන් / තිස්ස නාගොඩවිතාන ඇතුළු පිරිස

බඹර කලාපයේ පලිඟු විමානයේ - මිල්ටන් මල්ලවආරච්චි / ඇන්ජලින් ගුණතිලක

ශෘංගාරේ ආදරේ – ලතා වල්පොල

මා හදේ සිනා සාගරේ – ඉන්ද්‍රාණි පෙරේරා / තිස්ස නාගොඩවිතාන (මෙම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන ලදී)

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන / ආනන්ද පොත්හල - මරදාන

ගීත තැටි - සරස්වතී

නළු නිළියන් :

විජය කුමාරණතුංග (මරු සිරා), ගීතා කුමාරසිංහ (රන් මැණිකා), රෙක්ස් කොඩිප්පිලි (සීමන් අප්පු), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (දෙකේ කනුව), හෙන්රි ජයසේන (පොලිස් අධිකාරි), හියුගෝ ප්‍රනාන්දු (මුදලාලි), ඩී. ආර්. නානායක්කාර (කොර හිඟන්නා), ජෙනිටා සමරවීර (නාමලී), රත්නාවලී කැකුණවෙල (ජස්ටින්ගේ මව), විමල් කුමාර ද කොස්තා (ජස්ටින්), දෙනවක හාමිනේ(පිස්සි), සෝමසිරි දෙහිපිටිය (පියදාස), ගැමුණු විජේසූරිය (සයිමන්), ටයිටස් තොටවත්ත (පුවත්පත් වාර්තාකරු), ගාමිණී ගනේගොඩ (පච්චේ), ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, බන්දුල ගලගෙදර, ඒ. ඊ. මනෝහරන්, සරණපාල සූරියආරච්චි, විජය කොරයා, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගෝ, බර්ටි ගුණතිලක, ඇග්නස් සිරිසේන, සිසිර කුමාරතුංග, එඩී. අමරසිංහ, රොනල්ඩ් ෆොන්සේකා, පියදාස විජේකෝන්, බී. ඇස්. පෙරේරා

ප්‍රදර්ශනය – හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය.

මංගල දර්ශනය – මරු සිරාගේ බිරිඳ රන් මැණිකාගේ ප්‍රධානත්වයෙන් සැවෝයි සිනමා ශාලාවේදී.


ටොම් පචයා

තිරගත වූ දිනය – 1977 නොවැම්බර් 11

ඉදිරිපත් කිරීම – ආර්. එස්. චිත්‍රපට

නිෂ්පාදනය – අයි. එම්. ඉබ්‍රාලෙබ්බේ / සුමනා අමරසිංහ

සම අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා / ස්ටැන්ලි පෙරේරා

තිර නාටකය – ඇලන්සන් මෙන්ඩිස් / ස්ටැන්ලි පෙරේරා

කතාව සහ දෙබස් - ඇලන්සන් මෙන්ඩිස්

සංස්කරණය – එම්. පී. රූපසේන / කාලිංග ද සිල්වා

වේශ නිරූපණය – ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

නැටුම් - සුනීතා කුරුකුලසූරිය

ඇඳුම් නිර්මාණය - සුමනා අමරසිංහ

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා / ශාන්ති සිරිබද්දන

සැකසුම –ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

නිශ්චල ඡායාරූප – ධර්මදාස අමරසිංහ / එම්. ඒ. දිසානායක

නිෂ්පාදන කළමනාකරු - මෙරිල් ප්‍රනාන්දු

නාමාවලිය – රංජිත් සිරිවර්ධන

සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් දළුගම

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ජෝර්ජ් ලෙස්ලි රණසිංහ / ධර්මසිරි ගමගේ /ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත -

අහසට බයේද පොළවට බයේද - රෝයි ද සිල්වා / ෆෙ‍්‍රඩී සිල්වා

සුපුන් චන්ද්‍රා ගෙනත් මිදුලේ - ෆෙ‍්‍රඩී සිල්වා

හදේ ප්‍රේම ආශා - ජෝතිපාල / සුජාතා (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

ඔබේ පෙම්වන්ත රූපේ - එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

මාගේ දෑස ලං වී බලා - ඇන්ජලින් ගුණතිලක

නෝනා කාගේද කාගේ – මිල්ටන් පෙරේරා / ඇන්ජලින් / ෆෙ‍්‍රඩී / සුජාතා

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -

සුමනා අමරසිංහ, රෝයි ද සිල්වා, ෆෙ‍්‍රඩී සිල්වා, බන්දු මුණසිංහ, දොන් සිරිසේන, රුක්මණී දේවි, විමලා කුමාරි, ෆරීනා ලායි, පියදාස ගුණසේකර, ජයසේකර අපොන්සු, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, වී. ටී. ජී. කරුණාරත්න, විජය නන්දසිරි, චන්ද්‍රා දේවාදිත්‍ය, සබීතා පෙරේරා, නීලකන්ඩන් මුත්තයියා

ප්‍රදර්ශනය –

ලිබර්ටි, ගාමිණී ඇතුළුව දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී.


නිවෙන ගින්න

තිරගත වූ දිනය – 1977 නොවැම්බර් 18

ඉදිරිපත් කිරීම – කුන්ඩන්මාල්ස් චිත්‍රපට

නිෂ්පාදනය - ගෝප් ජීවන්ත්‍රම්

අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක

තිර නාටකය – ඇන්ටන් අල්විස්

කතාව - ටී. බී. ඉලංගරත්නගේ ‘නිවෙන ගින්න’ නවකතාව ඇසුරිනි

කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ

සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්

සංස්කරණය – එම්. පී. රූපසේන

වේශ නිරූපණය - රෝහන මුදන්නායක

කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල

සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය - ස්පිරෝ ඇන්ඩ් සෙලීනා / එස්. මලල්

නාග නැටුම් - ශ්‍රී ජයනා / ෆරිනාලායි

සැකසුම – විජය චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – එස්. සාරංගරාජා / කේ. බාලසුබ්‍රමනියම්

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

නිශ්චල ඡායාරූප - බෝධි විජේසිංහ

සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන්

ප්‍රේමරත්න – රංජිත් යාපා ද අල්විස්

ගීත සංඛ්‍යාව - 06

ගීත -

චංචල දෑසක වාසනා

- වික්ටර් රත්නායක / සුජාතා අත්තනායක (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)

රඟන්න ආසයි සුරල් නඟාලා - ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

දෑසේ සරාගී දෑසේ - ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

මා හද වාවනු බෑ - නන්දා මාලිනී(ධර්මසිරි ගමගේ)

හැපි බර්ත්ඩේ ටූ යූ - ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)

හදක් සොයන් යමින් ගමන් – වික්ටර්

රත්නායක / සුජාතා අත්තනායක (ඔගස්ටස් විනයාගරත්නම්)

ගීත පොත් – ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -

රොබින් ප්‍රනාන්දු, ශ්‍රියානි අමරසේන, ජෝ දඹුලුගල, ඇග්නස් සිරිසේන, ස්වර්ණා කහවිට, චන්ද්‍රලාල් ජයවර්ධන, සුමනා අමරසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, අග්‍රා සජීවනී, ශ්‍රියානි ෆොන්සේකා, රංජිත් සුරංග, පියදාස විජේකෝන්, කුවින්ටස් වීරකෝන්, බන්දු මුණසිංහ, සීතා කුමාරි, ෆරීනා ලායි, සේනාධීර කුරුප්පු, ශිරානි කුරුකුලසූරිය

මංගල දර්ශනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපති උපසේන මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැවෝයි සිනමා ශාලාවේදී නොවැම්බර් 18 සවස 6.00 ට පැවැත්විණ.

ප්‍ර‍්‍රදර්ශනනය - සැවෝයි ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමාශාලා 17 කදී