වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ඔබේ අදහස්, යෝජනා, චෝදනා, සංකල්පනා, විවේචන, අගය කිරීම් වෙනුවෙනි ප්‍රතිචාර පෙදෙස නිබඳව වෙන්වනුයේ. පුවත්පත කියවමින් සිටින අතරතුර ඔබට කලාව පිළිබඳ අදහසක් ඇති වුවහොත් නොපමාව 0757413731 යන දුරකතන අංකයට ක්ෂණිකව එස්. එම්. එස්. කළ හැකියි. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය සුපුරුදු පරිදි තැපැල්පත් වෙනුවෙන් විවෘතව පවතියි.

හෙළ නිළි රැජනට කවි පැතුමක්

හෙළ නිළි රැජන මාලිනිය වෙනුවෙන් හබරාදූව ගාමා ගාමිණී සුබසිංහ ලියා එවූ පැදි පෙළකි මේ.

මාලිනියේ අපගේ සෙනෙහෙලතාවියේ
සිංහල රිදී තිරයේ අප අග රාජිණියේ
ඉමිහිරි පෙම්බර මධුබඳුණ ඔබයි
රසික අපේ මේ මුළු හද සන්තානේ

රුවින් ගුණයෙන් අගතැම්පත් ලලනාවියේ
රැඟුම් ගැයුම් නැටුමින් නිති පෝෂණියේ
දිදුළන රන් ආකාස කුසුම ඔබයි
රසික අපේ සිනමා ජීවිතයේ

රිදී තිරයේ පුංචි තිරයේ දේශපාලනයේ
අවිහිංසක හසරැල් සමඟින් ජීවිතයේ
දීර්ඝායු වී දිගුකල් වැජඹී
පතනා පැතුමන් ඔබටයි හෙළ නිළි රාජිණියේ


හරූන්ලන්ත්‍රා විශිෂ්ටයි

හරූන් කුමාර් ලන්ත්‍රා එදා සිට මේ දක්වා ගයා ඇති සෑම ගීතයක්ම සවනට හරිම රසවත්. මධුරතම කටහඬින් චිත්‍රපට රැසකටම ගී ගැයූ හෙතෙම තබා ඇති මතක සටහන් සැබවින්ම අමරණීයයි. නිරහංකාර ඉතාම චාම් මිනිසකු, නිහඬ කලා ශිල්පියකු ලෙස ඔහු ඉතිහාසයට එක් වී හාමරය.

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව.


නදීකා ගුණසේකරට

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය අවසානයේ සිනමාවට පැමිණ චංචල රේඛා, අධිෂ්ඨාන, බැද්දේගම, රිදී නිම්නය, යහළු යෙහෙළි, වජිරා, අහිංසා, ඡායා, හොදින් නැතිනම් නරකින්, යසෝමා වැනි සිනමාපටයන්හි රංගනයෙන් ඔබ සිනමා තුළ තැබූ මතක සටහන් රසික අප මතකයේ සදා රැඳී තිබේ. නිළියක ලෙස එදා විශිෂ්ට භූමිකාවක් රැඟූ ඔබට කලා ක්ෂේත්‍රය තුළ ඔබ සතු විපුල දැනුමෙන් මෙහෙවරක් කිරීමට අවකාශ ලැබේවායි රසික මම පතමි.

රොහාන් සෙනෙවිරත්න - නවලෝක රෝහල


සංඝදාස අමරණීයයි

කලාකරුවන් හඳුනන - කලාවටම හිතැති

කලාවටම සේවය කළ කලා ලංකා පදනමේ හිටපු සභාපති, ටී. එම්. සංඝදාසයන් අපෙන් වෙන් වී මෙම මස 19 දිනට දෙවසර කි. එතුමාණන්ගේ ගුණ අනුස්මරණය මෙසේ සමරමු.

ඩඩ්ලි ගෝමස්- මොරටුව,


බිමල් නියම නළුවෙක්

බිමල් ජයකොඩි, නියම නළුවෙකි. ඔහුට මෙතරම් සම්මාන ලැබෙන්නෙත් ඒවාට නිර්දේශ වන්නේ එහෙයිනි.

පාලක සමන් පෙරේරා
හැඳල.


ඇන්ජලීන් ඔබ අපේමයි

සොහොයුරෝ සිනමාපටයෙන් ගී අඹරේ පෑයු පහන් තරුව ඔබයි.

දයාබර ඇන්ජලීන්, ඔබේ ගී නදින් අපි අද ද මුසපත් වෙමු

රත්නසිරි අමරසේකර- පානදුර.


නෙළුම් අනර්ඝයි

නෙළුම් පෙරේරාටයි මේ.

කිඳුරාංගනා හි පුංචි අම්මා සහ භාර්යාවෝ හී නැන්දම්මාගේ චරිතයන් ඔබ රඟපෑ අයුරු ඉතා අනර්ඝයි.

මොරීන් අශෝකා සහ මල්කි ඉමාෂා

පානදුර


මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

රොෂාන් ප්‍රනාන්දුගේ ගීතවලට අපි හුඟක් කැමැතියි. ඔහුගේ මේ දිනවල ප්‍රචාරය වන ‘ඔයා නිසා හඬලා’ ගීය ඉතාම රසවත්.

හර්ෂ

ප්‍රේමය නම් සඳ එළිය සේ අචින්ත වූත්, රාගයෙන් තොර වූත් ආදරයේ විරහවත්, සිතක් හැඬ වූ වේදනාවත් අපිට ගීයෙන් ගැයූ නන්දා මාලිනිය සැබවින්ම මෙරටට සම්පතකි.

කෞෂිකා - නුගේගොඩ.

දෙරණ ඩ්‍්‍රම් ස්ටාර් දෙවැනි අදියරෙහි කිරුළ දැරූ උපේකා නිර්මාණි සංගීත ලොවට මැණිකක් වගෙයි. විසිල් හඬින් ගී වාදනය කළ හැකි හැකියාව මම අගය කරමි.

පවිත්‍රා - බෙලිඅත්ත.

ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වැඩසටහන මෙහෙය වූ සාලිය සත්‍යජිත් දැන් කිසිදු නිර්මාණයක දකින්නට නොමැති වීම කනගාටුවකි.

පාතිමා - වැලිගම.

අර්ජුන කමලනාත්ව ටෙලි සිතුවමකින් දක්නට ලැබෙනවා නම් සතුටුයි. සිනමාවේම පමණක් සිර වී සිටිනවාට නම් මා අකැමැතියි.

සිසිර කුමාර

සාරංග දිසාසේකර කවදා හෝ දිනෙක පුංචි තිරයට නැතිවම බැරි අයකු වේවි.

නිර්මාණි - ආඬිඅම්බලම.

බොරළු පාර ටෙලි නාට්‍යයෙහි අයෙෂ් ලෙස රඟන ජගත් මනුවර්ණගේ රංගනය පරිපූර්ණයි. කිසිදු අඩු පාඩුවක් නොමැත.

සිසිර විජේසූරිය - වත්තල.

පබළු ටෙලි සිතුවමේ සයුරි වූ අයෝධ්‍යා මිහිරාවි විවාහයෙන් පසුව රංගනයට ආවෙ නැත්තේ කිමද?

ඉරේෂා - කෑගල්ල.

දුෂ්යන්ත් වීරමන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා මම සුබපතනවා.

තරුෂි රාගම.

උදාරිත් ලස්නනයි. ඇයගේ බබාත් ලස්සනයි.

නදීරා ගම්පහ.

මෙවර සිග්නිස් සම්මාන උළෙලේ උත්තමාචාර සම්මානයෙන් පිදුම් ලැබූ චන්ද්‍රිකා සිරිවර්ධන මැතිනියට ආසිරි පතමි.

මංජුල පෙරේරා

පහළ කටුනේරිය.

කුස පබා මෙරට බිහි වූ විශිෂ්ටතම නිර්මාණයකි. එවන් නිර්මාණයක් කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාණෙනි, නැවතත් පූජා යොදා චිත්‍රපටයක් කරන්න.

අසංක සුරාජ්

දෙමටගොඩ.

සංගීතාගේ රුව නැති සිනමාව පාළුයි.

සේන

කෝට්ටේ.

අමරණීය ජෝති නැති අඩුව අපට තවත් දැනේ.

තුෂාර

දිවුලපිටිය.

හේමාල් රණසිංහගේ නර්ථනය බොලිවුඩ් තරු පරාද කරයි.

රසංගි

කළුතර.

නොදැක ඉන්න බෑ ඔබේ ආදරේ ගීය ගැයූ රුවන් හෙට්ටිආරච්චිගේ කටහඬ නොඅසා ඉන්න බෑ.

මිතුන් - කුලියාපිටිය.