වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

කරළිය

සැප්තැම්බර් 20 වැනිදා

* ජාලිය රාජපක්ෂගේ ‘සොකරි’ කොළඹ 07 නව නගර ශාලාවේ

21 වැනිදා

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ කුලියාපිටිය නගර ශාලාවේ

* ධනුෂ්කා නයන කුමාරිගේ ‘ජනේලයෙන් පනින්නද’ කොළඹ 07 ලයනල් වෙන්ට්ඩ් රඟහලේ

22 වැනිදා

* සුනිල් චන්ද්‍රසිරිගේ ‘ආදරණීය සංවාදයක්’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

* ඩී. කුමාරගේ ‘මාෂා සහ වළහා’ හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේ

* දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරි බෑනා සමඟ ජසයා සහ ලෙන්චිනා’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

* සරත් කොතලාවලගේ ’නරි බුරති’ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ

* ‘රූකඩ රාජ්ජේ’ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ

23 වැනිදා

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

25 වැනිදා

සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ ත්‍රිකුණාමලය විවේකානන්ද විදුහල් රංග ශාලාවේ

26 වැනිදා

‘දෙයියොත් දන්නේ නෑ’ කන්තලේ අග්‍රබෝධි ජාතික විදුහල් රංග ශාලවේ

‘හතේ කාමරේ’ ගලහිටියාවේදී වේදිකාවට

ලියෝ තෝල්ස්තෝයි ගේ  ‘The Exiled’ ඇසුරින් සුමිත් සුරංග නිර්මාණය කළ ‘හතේ කාමරේ’ වේදිකා නාට්‍යය මෙම මස 22 වැනිදා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගතවේ.

ප්‍රියන්ත පෙරේරා, වසන්ත ප්‍රේමකුමාර, මහින්ද ශ්‍රී උපුල්, නයනි සමරවීර, දයාරත්න, සරත් ජයසිංහ, සරත් සිල්වා, වසන්ත බණ්ඩාර, ගයනී ක්‍රිශාන්ති, සතක්ෂා, දර්ශන අබේසිංහ, වජිර, රාජා පෙරේරා, මන්රුචි චතුරංග යන ශිල්පීහු මේ නාට්‍යය සඳහා රංගනයෙන් සහභාගි වෙති. කුමාර ගලහිටියාව වේශ නිරූපණයෙන් ද, උපුල් මදනායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද නිර්මාණය වන ‘හතේ කාමරේ’ සුමෙර කලා සහෘද සංසදයේ ඉදිරිපත් කිරීමකි.

‘සියලු සත්වයෝ’ මරඳගහමුලට එති

කීර්ති විතාරණගේ ‘සියලු සත්වයෝ’ වේදිකා නාට්‍යය මෙම මස 23 වැනිදා මරඳගහමුල සණස ශාලාවේදී වේදිකා ගත වේ.

මෙහි නිහාල් විතානගේ, සේන ගුණවර්ධන, ජයරත්න රූපසිංහ, පද්මා පෙරේරා, කීර්ති විතාරණ, උපුල් හේවාවිතාරණ, හෙන්රි ප්‍රේමරත්න, ජසින්තා ද සොයිසා, බුද්ධි සචින්ත, චාමිකර, චමත්කා යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.