වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සේනක ගේ “පුංචි බෲස්ලි” ට රංගන වරමක්

සේනක ගේ “පුංචි බෲස්ලි” ට රංගන වරමක්

සටන් නළුවකු මෙන්ම ආත්මාරක්‍ෂක සටන් කලාව පිළිබඳ ගුරුවරයකු වන සේනක විජේසිංහ ගේ කුලුඳුල් අධ්‍යක්‍ෂණය යටතේ නිර්මාණය කෙරෙන පුංචි බෲස්ලි සිනමා පටයේ රංගනයට කැමැති ඔබට අවස්ථාවක් ලබා දීමට සේනක තීරණය කොට තිබේ.

ලෝක ප්‍රකට සටන් නළුවකු වන බෲස්ලී ප්‍රිය කරන කුඩා දරුවකු වටා ගෙතෙන මේ සඳහා වයස අවුරුදු දහයත් විසිපහත් අතර සටන් කලාව ප්‍රගුණ කළ අයට අයදුම් කළ හැකිය. මේ සඳහා තමා ළඟදී ගත් ඡායාරූපයක් සමඟින් අයඳුම්පතක් 143/5, සාලාව පාර, මිරිහාන, නුගේගොඩ ලිපිනයට යොමු කළ හැකි අතර 0776333519 අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිවේ.