වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවනේ දින 50 සපුරයි

දරුවනේ දින 50 සපුරයි

සුනිල් ටී. ප්‍රනාන්දුගේ නවතම සිනමා නිර්මාණය වන ‘දරුවනේ’ චිත්‍රපටය මේ වන විට අති සාර්ථකව දින පනහ පසු කරමින් සිටී.

ළමුන් පිරිසක් වටා ගෙතුන දරුවනේ චිත්‍රපටය වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.

ජනක කුඹුකගේ, ජයලත් මනෝරත්න, දුලීකා මාරපන, නදීකා ගුණසේකර, විශ්වනාත් කොඩිකාර, තිසුරි යුවනිකා, ෂයන් පෙරේරා සහ යොහාන් පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

විජය – කුවේණි රට යයි

මේ වන විට අති සාර්ථකව දින එකසිය තිහක් පුරා ආරම්භක සිනමාහල් හි තිරගතවන විජය – කුවේණි චිත්‍රපටය චීන බසට හඬ කවා චීනය, සිංගගප්පූරුව, තායිලන්තය, මියන්මාර් ඇතුළු රටවල් ගණනාවක ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙයි.

එහි මූලික වැඩ කටයුතු මේ වන විටත් ඇරැඹී ඇති බව එහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් පවසයි.

මේ දිනවල විජය කුවේණි චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා එහි අධ්‍යක්ෂ සුගත් සහ නිෂ්පාදක ගයාන් රණධීර සහ රංගන ශිල්පී සරත් දික්කුඹුර චිත්‍රපටය රැගෙන යුරෝපය සහ මැද පෙරදිග රටවල සංචාරයක යෙදෙමින් සිටියි.