වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




"ස" ඩී වී ඩී 22 එළි දකී

"ස" ඩී වී ඩී 22 එළි දකී

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ සමාප්ති ප්‍රසංගයේ සංගත (C. D) සහ රූප සංගත තැටිය (D. V. D)ජනගත කිරීම මෙම 22 වැනි සෙනසුරාදා සවස 6.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘ලක් මැදුර’ පරිශ්‍රයේදී සිදු කෙරේ.

මෙම උළෙලේදී මහාචාර්ය සරත් විජේසූරිය විසින් වික්ටර්ගේ ගී මග පිළිබඳ විමර්ෂණාත්මක දෙසුමක් පැවැත්වීමට නියමිතය. එහිදී වික්ටර් රත්නායකයන් ‘ස’ ප්‍රසංගයට ගයනු ලැබූ මියුරු ගීත කිහිපයක් ද සජීවීව ගායනා කරනු ලබයි. යුග ගායනා නිර්මලා රණතුංග ගෙනි. එම සංගීත සන්ධ්‍යාව හැඩ වෙන්නේ ජයන්ත රත්නායකගේ මියුරු සත්සර රාවයන්ට අනුවය.

ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ සහ ජනප්‍රිය නිවේදිකා සඳමාලි හේවානායක විසින් නිවේදන කටයුතු මෙහෙයවති. මෙම C. D සහ D. V. D යුගල බෙදා හරිනු ලබන්නේ L. R මියුසික් ආයතනය මගිනි.