වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ගෞරවාන්විත සුන්දරත්වය

ජීවමාන සිනමා කිවිඳීයට මුද්දරයක්

ගෞරවාන්විත සුන්දරත්වය

හෙළ සිනමා කිවිඳීය ලෙස විරුදාවලි ලත් මෙරට විශිෂ්ටතම සිනමාවේදිනිය ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගියදා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එදා සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර හරහා සිනමාවට පැමිණි ජීවන් කුමාරතුංග අද තැපැල් සේවා අමාත්‍යවරයා ලෙස මෙම අවස්ථාවට එක්වීම ඉතා සුවිශේෂී අවස්ථාවක්.

සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් නිමැවුුණු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කළ අවස්ථාව
සුමිත්‍රා පීරිස් විසින් එදා ගඟ අද්දර සිනමා කෘතියෙන් සිනමාවට හඳුන්වා දුන් නළු ජීවන් කුමාරතුංග අද තැපැල් සේවා අමාත්‍යවරයා ලෙස එතුමිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය පිළිගැන් වූ අයුරු
හෙළ සිනමාවේ දැවැන්ත චරිතයන් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ මේ විශිෂ්ට සිනමාවේදිනිය සුමිත්‍රා පීරිස්ගෙන් එදා මේ සමරු සටහන් ලබා ගනීමට සැරසුනේ නිළි රැජන මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවආරච්චි සහ ගීතා කුමාරසිංහයි. සිංහල සිනමාවේ ප්‍රවීණ තරු මේ දැවැන්ත චරිත සමඟ එක් වූ මෙම ඡායාරූපය සුවිශේෂ වන්නේ නිරතුරුව මෙවැනි දසුන් නෙත නොගැටෙන නිසායි.