වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

දුර්ගා

රස මුසු වූ පෙම් කල්පනා
රස ඉල්ලා වැලපෙන්නා
හසරැල්ල මතින්- කඳුළැල්ල යටින්
ඔබ මුණ ගැසෙනා තුරු නොදැනී
තනි වූයෙම් මම හිත නුවනී

රකුසන් රඳනා ගිනියම් කතරේ
සිරවී උන් රණහංසියෝ
මුදවාලු කුමරාණනේ
කඳුළක් වේ දෝ ආදරේ
ගඟුලක් වැනි ජීවිතේ
මා පණ ගැන්වූ උණුසුම අතුරා
සැතපෙනු මැනවි නිදැල්ලේ
සොම්නස් මහ ද තොටිල්ලේ
වටහා ගත යුතු ජීවිතේ
පියඹා එනු ඇත ආදරේ

පද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය -ග්‍රේෂන් ආනන්ද
ගායනය – නීලා වික්‍රමසිංහ
අධ්‍යක්ෂණය -
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා