වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




‘ස්වර මන්ධාර’ නවක ශිල්පීන්ගේ හඬින්

 ‘ස්වර මන්ධාර’ නවක ශිල්පීන්ගේ හඬින්

ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ඕමාර් විසින් මෙහෙයවන ලද නවක ශිල්පීන් ශිල්පිනියන් ගේ හඬින් ගැයුණු ‘ස්වර මන්ධාර’ සංයුක්ත තැටිය මෙම මස 23 වැනිදා ඉරිදා පස්වරු 5.00 ට ශ්‍රීී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී දොරට වඩියි.

එදින පැවැත්වෙන සංගීත සැදෑවේදී සත්සර මුසු කරන්නේ ප්‍රවීණ සංගීතවේදී කලාශූරී ස්ටැන්ලි ඕමාර් විසිනි. නිෂ්පාදක ගායන ශිල්පි ටෝනි මන්තාරායි.

මහින්ද බණ්ඩාරනායකගේ ගීපද සංකල්පනා නෞචලී 21 දා එළිදැක්වේ

ප්‍රවීණ ජීව විද්‍යා දේශකවරයකු වන මහින්ද බණ්ඩාරනායක විසින් රචිත ගීත ඇතුළත් ‘නෞචලී’ සංයුක්ත තැටිය එළිදැක්වීම ලබන 21 වැනි දා පස්වරු 7.00 ට දෙහිවල එස්. ද. එස්. ජයසිංහ ශාලාවේදී සිදුකිරීමට නියමිතය රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක, සෝමපාල රත්නායක, ජයන්ත රත්නායක, මිල්රෝයි ධර්මරත්න, සුරේශ් මාලියැද්ද, වැනි ප්‍රවීණ සංගීත වේදීන් මෙහි සංගීත නිර්මාණය සඳහා දායක වී ඇති අතර වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, ජයන්ත රත්නායක, නෙලූ අධිකාරී, සමන්ත පෙරේරා, ගයත්‍රී ඒකනායක යන ප්‍රවීණ හා නවක ගායක ගායිකාවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ගායනා කරන ගීතයක් ද මෙහි ඇතුළත් වේ. වසර 30 ක පමණ කාලයක් පුරා ජීව විද්‍යා දේශකවරයකු ලෙස කටයුතු කරන මහින්ද බණ්ඩාරනායක විද්‍යා විෂයයන් පිළිබඳ කෘති මෙන්ම සොබාදහම පිළිබඳ වූ කෘතීන් ගණනාවක් ද එළි දක්වා ඇති අතර ‘මායා මන්ත්‍රී’ නමින් නිෂ්පාදනය කළ ටෙලි වෘත්තාන්තය ඉදිරියේ දී පුංචි තිරයෙන් දිග හැරීමට නියමිතය.කලා කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘නෞචලී (ඕලු මල)’ සංයුක්ත තැටිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගිවන ලෙස ඒ මහතා ඔබ සැමට ආරාධනා කර සිටියි. මහින්ද බණ්ඩාරනායක – 0771081440.