කරළිය

මාර්තු 15 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මඟුල් පරස්ථාව සමඟ ඒකට මට හිනා හිනා’ දෙහිවල එස්. ද එස්. ජයසිංහ රංග ශාලාවේ.

* ලලිතා සරච්චන්ද්‍රගේ ‘රත්නාවලී’ රත්නපුර නගර ශාලාවේ.

16 වැනිදා

* ආනන්ද විද්‍යාලයීය 2000 කණ්ඩායමේ ව්‍යාපෘති අරමුදලට ආධාර පිණිස නාලක විතානගේ ගේ ‘බ්‍රේකින් නිවුස්’ මරදාන ටවර් රඟහලේ.

* ජයලත් මනෝරත්නගේ ‘ගුරු තරුව’ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේ.

නාමෙල් වීරමුණිගේ කන්දොස්කිරියාව හා හෙයියන්මාරුව රත්නපුර නගර ශාලාවේ.

17 වැනිදා

* ජයලත් මනෝරත්නගේ ‘තල මල පිපිලා’ මරදාන ටවර් රඟහලේ.

18 වැනිදා

* සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ මරදාන ටවර් රඟහලේ.

* මොරටුව සෙත් සෙවණ සුබසාධන සංගමයට ආධාර පිණිස සුනිල් ශ්‍රී ගේ ‘බූවල්ලා’ මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ.

* උදයසිරි වික්‍රමනායකගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ කරාපිටිය වෛද්‍ය විද්‍යාලයීය රංග ශාලාවේ.

20 වැනිදා

* ‘රත්නාවලී’ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ.

* අනුර මාපිටිගමගේ පරපෝෂිතයෝ

මෙම මස 19 වැනිදා – බදුල්ල විශාකා උසස් බාලිකා මහ විදුහල් රඟහලේ, 20 වැනිදා – බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය රඟහලේ, 21 වැනිදා – බදුල්ල ධර්මදූත මධ්‍ය මහා විද්‍යාලයීය රඟහලේ වේදිකා ගතවේ.
 

ගම්පහට නාට්‍ය වැස්සක්

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය නාට්‍යය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘වැස්ස’ නාට්‍යය උළෙල මෙම මස 18 වන දින සවස 3.30 ට හා 6.30 ට විද්‍යාලීය රංග ශාලවේදී පැවැත්වේ. එදින සමිත් රවිහාරගේ ‘හීනයක් ද මේ’, ‘මගෙ හිත වමාරයි’ සහ අකිල සෙනවිරත්නගේ ‘ලාස්ට් තුරුම්පුව’, ‘අහස ඉඹිනවාමයි’ යන කෙටි නාට්‍යන් වේදිකා ගත වේ.

මෙම නාට්‍ය සියල්ල වේදිකා ගත වෙන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය නාට්‍ය සංගමයේ නිෂ්පාදනයන් ලෙසිනි. වැස්ස නාට්‍ය උළෙල සමිත් රවිහාර, සිසිල දිල්ශාන්, පසිඳු ඉන්දීවර, ගොවින්ද විශ්වනාත්, පුන්සර කුමාර, ඉසුරු සම්පත්, ගයත්‍රි ගුරුසිංහ සහ නලින් සංජීවගේ රංගනයෙන් හැඩවේ.
 


මධූර් සන්ධ්‍යා අද

ශ්‍රී ලංකා තාගෝර් සංගමය හා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් රබීන්ද්‍රනාත් තාගෝර්තුමන් සිහි කරමින් ඉදිරිපත් කරනු ලබන ‘මධූර් සන්ධ්‍යා’ ප්‍රසංගය අද දින (15 වැනිදා) ප. ව. 5.00 සිට 7.00 දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

විවිධ වූ අංග කිහිපයකින් සැදුම් ලත් මෙම ප්‍රසංගයේදී රබීන්ද්‍ර ගීත ඉදිරිපත් කරනු ලබන්නේ තිළිණ රුද්‍රිගූ හා ශිෂ්‍යාවන්ය. රබීන්ද්‍ර නර්තනය - ජයවන්ති පනීභාරත සහ ශිෂ්‍යාවන් ද, එස්රාජ් වාදනය හා තබ්ලා වාදනය - සුජීව රණසිංහ හා පේෂල මනෝජ් ද, රබීන්ද්‍ර නර්තනය - සේනාරත්න පතිරණගේ සිසුවියන් ද, සන්තූර් වාදනය – ආචාර්ය කරුණාරත්න කිරිවත්තුඩුව ද ඉදිරිපත් කරනු ලැබේ.

මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංස්කෘතික කටයුතු හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සහභාගි වන අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් අශෝක් කේ. කාන්තා සහභාගි වේ.

උදේනි ධම්මිකා මියයයි

චිත්‍රපට හා රූපවාහිනී නිළි උදේනි ධම්මිකා රංගන ශිල්පිනිය පසුගියදා රිය අනතුරකින් මිය ගියාය.

ඇය වැටෙන් එහා, කිඳුරංගනා, ඉතිං ඊට පස්සේ, අමරපුරය, සසර බැඳි බැමි, ගිනි පුලිඟු, දෝණි ආදී ටෙලි නාට්‍යන්හි මෙන්ම ආකාස කුසුම්, බිඳුණු හදවත, කිං හන්තර්, දමිළ චිත්‍රපට දෙකක් ඉදිරියෙහි තිරගතවීමට නියමිත සුපර් සික්ස්, විජය කුවේණි චිත්‍රපට සඳහාත්, වෙළෙඳ දැන්වීම් සඳහාත් රංගනයෙන් දායක වූ තැනැත්තියකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු