නැගෙනහිර එකළු කරන සරසවිය වන්නවානවිල්

සුපර් නයිට් 23 වැනිදා ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලයේ ලේක්හවුස් ශාඛා කාර්යාලය විවෘත කිරීම නිමිති කර ගනිමින් පැවැත්වෙන ‘සරසවිය වන්නවානවිල් සුපර් නයිට්’ සංගීත රාත්‍රිය මෙම මස 23 වැනිදා රාත්‍රී 7.30 ට ත්‍රිකුණාමලය මැක්ශේෂයර් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සේනක ක්‍රිස්බන් ඇතුළු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමඟින් රොඩ්නි වර්ණකුල, කේ. සුජීවා, චාමර වීරසිංහ, අසංක දේවමිත්‍ර, මැණික් චන්ද්‍රිකා, පෝල් ප්‍රනාන්දු, සූරිය කුමාර මුත්තලගේ, කලාවතී, ලක්ෂ්මන් හිල්මි, නාමල් උඩුගම, ටෝනි හසන්, ජොලි සීයා, ශ්‍රී ශංකර්, ප්‍රදීපන් යන ශිල්පීහු ගායනයෙන් සහභාගි වෙති. නර්තනය ප්‍රදීපා ආරියවංශ ප්‍රමුඛ නර්තන කණ්ඩායමයි. හමීඩියා පොත් හළ සහ දැන්වීම් කාර්යාලය සාදර අනුග්‍රාහකත්වය සපයන මෙම සංගීත ප්‍රසංගයේ සංවිධාන අනුග්‍රාහකත්වය දරන්නේ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේයි.

කුමාර රත්නායකගේ සිතුවම් දැක්ම 16 දා සිට

නූතන චිත්‍ර ශිල්පීන් අතර ලාංකේය සිතුවම් කලාවේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටිනා කුමාර රත්නායක දෙස්, විදෙස් චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පැවැත් වූ යොවුන් චිත්‍ර ශිල්පිියෙකි.

සිතුවම් කලාවේ නව මං සොයා යන ඔහුගේ භාව ප්‍රකාශන එළි දැක්මක් මාර්තු 10 සිකුරාදා සවස 3.00 සිට 7.00 දක්වා ද 17, 18 දිනයන්හී පෙ. ව. 10.00 සිට ප. ව. 7.00 දක්වා ද කොළඹ 07 ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී පැවැත්වේ.

මේ චිත්‍ර ප්‍රදර්ශනය නැරැඹීම සඳහා කුමාර සහෘද කලා රසිකයන් වෙත විවෘත ආරාධනාවක් කරනු ලබයි. නොයෙක් තේමාවන් යටතේ කුමාර විසින් අඳින ලද සිතුවම් දෙසීයකට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබේ.

මා පෙම් බැඳි භාරතය අඟහරුවාදා දොරට වඩී

‘ඕලන්ද සිරකරුගේ ලංකා චාරිකාව’ කෘතියෙන් පරිවර්තනයට පිවිසි පාලිත ජයකොඩිගේ අලුත්ම ග්‍රන්ථය ‘මා පෙම් බැඳි භාරතය’ මෙම මස 20 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

මිරර් නිකුත් වේ

ප්‍රියන්ත ජයරත්නගේ ප්‍රධාන සංස්කරණයෙන් හා තුසිත ජයසුන්දරගේ සම සංස්කරණයෙන් හැඩවන මිරර් සඟරාවේ ජනවාරි, පෙබරවාරි, මාර්තු තෛ‍්‍රයිමාසික කලාපය දැන් නිකුත් වී ඇත.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු