සිංහළ සිනමා විස්තරය

සිහින ලොවක්

තිරගත වූ දිනය – 1972 සැප්තැම්බර් 08
කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය – සිරිල් වික්‍රමගේ
කලා අධ්‍යක්ෂණය, සංස්කරණය, නිෂ්පාදනය – ලාල් දිසානායක
ඉදිරිපත් කිරීම – දිසානායක චිත්‍රපට
කාර්මික උපදෙස් හා කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරු - වෝල්ටර් සේනානායක
සහාය අධ්‍යක්ෂණය – නිමල් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගූ - සරසවි චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල
ගීත ප්‍රබන්ධය – මහගම සේකර
ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ත්‍රී සිස්ටර්ස් (මල්ලිකා, ඉන්ද්‍රාණි, අයිරාංගනී)

ගීත සංඛ්‍යාව - 05
ගීත:
ගාලා සුවඳ රස අඳුන් - ත්‍රී සිස්ටර්ස්
මී පුප් ලදින් - නන්දා මාලිනී
අපි යනවෝ - සනත් නන්දසිරි
අවදි වෙයන් - වික්ටර් රත්නායක
මා මළ පසු සොහොන් කොතේ - ඩබ්. ඩී. අමරදේව

නළු නිළියන්:
සිරිල් වික්‍රමගේ, දයා තෙන්නකෝන්, විමල් කුමාර් ද කොස්තා, ඉන්ද්‍රාණි පෙරේරා, ධර්මදාස කුරුප්පු, අයිවන් පණ්ඩිතරත්න, ෂර්ලි ගෝමස්, මල්ලිකා පෙරේරා, නන්ද ජයකොඩි, කාන්ති ද සිල්වා, එඩ්වඩ් වික්‍රමගේ, අයිරාංගනී පෙරේරා
මංගල දර්ශනය රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.
ආරම්භක ප්‍රදර්ශිත පිටපත් සංඛ්‍යාව 14.



ඉහත
ආත්මය

තිරගත වූ දිනය – 1972 ඔක්තෝබර් 05
ඉදිරිපත් කිරීම - ශ්‍රීධර චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – ජී. වී. ජේ. වික්‍රමසිංහ,
එච්. කේ. ධර්මදාස, ඩබ්ලිව්. එම්. සුමතිපාල
කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ඨ
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගපූර්
සංස්කරණය – එඩ්වින් ලීටින්
නිෂ්පාදන කළමනාකරු - සී. ඩබ්ලිව්. විදානගේ
නැටුම් – බියුලා ඩයස් කරුණාරත්න, එච්. ආර්. ජෝතිපාල
සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී, මිනෝන් ප්‍රනාන්දු
වේශ නිරූපණය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ණය - ස්ටීවන් ගුණතිලක, ලයනල් සිල්වා
නාමාවලිය සැකසුම – ලයනල් සිල්වා
රසායනය – අයි. ඒ. ජොහාර්

ගීත සංඛ්‍යාව - 04
අද පමණක් නොවේ අපට – නන්දා මාලිනි ගෝකුල
බා . . බා . . බා .. කොක් කොක් – එච්. ආර්. ජෝතිපාල, මිනෝන් ප්‍රනාන්දු
අනන්ත මහ සසර කතරේ - ඩබ්ලිව්. ඩී. අමරදේව
රන් මිණි මුතුවැල් - ඇන්ජලින් ගුණතිලක
ගීත පොත් – එම් කේ. පොන්නයියා පිල්ලේ සහ සමාගම, මරදාන

නළු නිළියන් -
ආනන්ද ජයරත්න, අනුලා කරුණාතිලක, ගැමුණු විජේසූරිය, රුක්මණී දේවි, ලැටීෂියා පීරිස්, රූබි ද මෙල්, ශාන්ති ලේඛා, ජී. එච්. ස්ටැන්ලි පෙරේරා, ඩී. ආර්. නානායක්කාර, බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, රොබින් ප්‍රනාන්දු, කුසුම් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, අනූෂා ගීතාංජලී, ස්ටැන්ලි ද සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, පියදාස විජේකෝන්, හර්බට් අමරවික්‍රම, පූජිත මෙන්ඩිස්, ඩේවිඩ් ධර්මකීර්ති, බියුලා ඩයස් කරුණාරත්න, ශ්‍රියාණි පෙරේරා



ආදරේ හිතෙනවා දැක්කම

තිරගත වූ දිනය – 1972 නොවැම්බර් 03
ඉදිරිපත් කිරීම - සමුද්‍ර චිත්‍රපට
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය – නීල් රූපසිංහ
කතාව, දෙබස් - ආරියරත්න කහවිට
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කැමරා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
සංස්කරණය - ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
කලා අධ්‍යක්ෂණය – ඒ. ජේ. වින්සන්ට්
වේශ නිරූපණය - කේ. සුබ්බයියා
පසුතල අධ්‍යක්ෂණය – ඩී. එස්. හෙට්ටිආරච්චි
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
රසායනය – එස්. තිරනාවුකරසු
(විජය චිත්‍රාගාරය)
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත රචනය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක, මොරිස් දහනායක, මිල්ටන් මල්ලවආරච්චි, ශිරෝමි ප්‍රනාන්දු

ගීත සංඛ්‍යාව - 11
අඬන්නෙපා සුදු මැණිකේ – එච්. ආර්. ජෝතිපාල
දෑසේ විමන් දොරින් - එච්. ආර්. ජෝතිපාල
ලස්සන දෙවල් පෙනෙන්නේ – එච්. ආර්. ජෝතිපාල
රෑ දහවල් මල් රැඟුම් - ජෝතිපාල / ඇන්ජලින්
ආදරවන්ති ලස්සන ආදරවන්ති – එම්. එස්. ප්‍රනාන්දු
සයිමන් අයියයි මාටින් අයියයි – එම්. එස්. ප්‍රනාන්දු
ගම්මානෙක පෙර සීතල පොකුණක – එම්. එස්. ප්‍රනාන්දු
ඔබට තිබෙන ආදරේ – එම්. එස්. ප්‍රනාන්දු
මගේ ජීවිතයම වටහා ගන්නට – මිල්ටන් මල්ලවආරච්චි
ආකාසේ රැස් විහිදා – ශිරෝමි ප්‍රනාන්දු
මුතු මිටක් පිරී ඇත්තේ – මොරිස් දහනායක
ගීත පොත්- එම්. කේ. පොන්නයියා පිල්ලේ සහ සමාගම - ආනන්ද පොත් හල – මරදාන

නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, කුමාරි නිලන්තිි, ඇන්තනි සී. පෙරේරා, මොරිස් දහනායක, එම්. එස්. ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, වෛජයන්ති මාලා, ශිරෝමි ප්‍රනාන්දු, ගුණපාල වීරසේකර, ශ්‍යාමා අල්ගම, කැරිල් ෆින්ඩර්, මයිකල් පෙරේරා


මිරිඟුව

තිරගත වූ දිනය – 1972 නොවැම්බර් 17
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය –
අමරසේන කුමාරසිංහ
කතාව හා දෙබස් - ධර්ම ශ්‍රී කල්දේරා
සහාය අධ්‍යක්ෂණය - කේ. ජී. එම්. සමරවීර
කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර
සංස්කරණය - උපසේන වීමලවීර,
සිරි කේ. විතාරණ
කලා අධ්‍යක්ෂණය – ඇල්බට් විමලරත්න
නාමාවලිය – දයා කරුණාරත්න
වේශ නිරූපණය – ඊබට විජේසිංහ
නිෂ්පාදන කළමනාකරණය හා නැටුම්
අධ්‍යක්ෂණය - හෙන්රි ප්‍රියසිංහ
නිශ්චල ඡායාරූප – කපිල ජයසේන පීරිස්,
කේ. එම්. ඩී. ආරියපාල
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගූ
රසායනය - ජෙරාඩ් ජයවර්ධන
සංගීත අධ්‍යක්ෂණය – ආර්. ඒ. චන්ද්‍රසේන
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
සිරිල් ඒ. සීලවිමල, හර්බට් එම්. සෙනෙවිරත්න
ගීත ගායනය – ඩබ්ලිව්. ප්‍රේමරත්න, ජී. එස්. බී. රාණි පෙරේරා, ලතා - ධර්මදාස වල්පොල ජේ. ඒ. මිල්ටන් පෙරේරා

ගීත සංඛ්‍යාව - 07
මිහිලියගේ තුණු සපුව පුරා - ඩබ්ලිව්.
ප්‍රේමරත්න – පද – කරුණාරත්න අබේසේකර
කිරි අයියේ ඔබ කොහේදෝ - ඩබ්. ප්‍රේමරත්න,
රාණි පෙරේරා -
සැංගීලා වන මල් මාලා - ලතා - ධර්මදාස වල්පොල – පද – හර්බට් එම් සෙනෙවිරත්න
දෙසදුන් සුවඳ මැකී යයි – ලතා වල්පොල –
ලස්සන මලකට ළං වී – ජී. ඇස්. බී. රාණි පෙරේරා
ගහ කොළ ළපලු පලවැල – ලතා, ධර්මදාස, ඩබ්. ප්‍රේමරත්න – පද – කරුණාරත්න අබේසේකර
සුවසෙත ලෝ සත සෑදු බුදු සාදු – ජේ. ඒ. මිල්ටන් පෙරේරා - සිරිල් ඒ. සීලවිමල
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ සහ සමාගම, ආනන්ද පොත්හල – මරදාන

නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, එඩ්නා සුගතපාල, සෝනියා දිසානායක, ස්ටැන්ලි පෙර්රා, ශේන් ගුණරත්න, තිලකසිරි ප්‍රනාන්දු, මල්ලිකා විජේතුංග, එල්. එම්. පෙරේරා, පියදාස විජේකෝන්, හෙන්රි පියසිංහ, පර්ල් කුරේ, දෙනවක හාමිනේ, ධර්ම ශ්‍රී ජේ දහනායක, ඉන්ද්‍රාණි පෙරේරා, අමරසේන කුමාරසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මියුරි සමරසිංහ, ඊ. එම්. පී. ගැමුණු, නවනන්දන විජේසිංහ, ඩබ්ලිව්. පී. වැල්ලවත්ත


වනරාජා

තිරගත වූ දිනය – 1972 දෙසැම්බර් 21
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - විලී බ්ලේක් – විලී බ්ලේක් චිත්‍රපට
සහාය අධ්‍යක්ෂණය – තලතා ගුණසේකර, ග්ලැඩ්වින් ප්‍රනාන්දු
තිර රචනය සහ කතාව - තිස්ස අබේසේකර
සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු
සංස්කරණ උපදේශක - සුමිත්‍රා පීරිස්
කලා අධ්‍යක්ෂණය - ආරියවංශ වීරක්කොඩි
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
නිෂ්පාදන කළමනාකරණය - වී. උපාලි පෙරේරා
නිෂ්චල ඡායාරූප – ජී. ඒ. ඇස්. විජේතුංග
පසුතල නිර්මාණය - ඩබ්. ඒ. ගුණසිරි
නැටුම් අධ්‍යක්ෂණය – කුලසිරි බුදවත්ත
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – නන්දා මාලිනී ගෝකුල
ගීත සංඛ්‍යාව - 01
නළු නිළියන් -
බැසිල් ද සේරම්, පර්ල් කුරේ, විජය කුමාරණතුංග, ලාල් හේවාපතිරණ, මෙත්තානන් ද සිල්වා, තලතා ගුණසේකර, ස්ටැන්ලි ද සිල්වා, හෙක්ටර් සිල්වා, සුනිලා ජයන්ති, ටෝනි කිං, ලොයිඩ් ජයතුංග, පියදාස ගුණසේකර, පියදාස විජේකෝන්, පූජිත මෙන්ඩිස්, ආතර් වැන්කියුලැම්බර්ග්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු