තවත් තරුවක්

තවත් තරුවක්

‘ජිස්මි 2’ සමඟින් බොලිවුඩයට නවක තාරකාවක් පායන්නීය. ඇය අමෙරිකානු, කැනේඩියානු සම්භවයකට හිමිකම් කියන සනී ලියොන්ය.

තිස් හැවිරිදි සනී මේ දිනවල හින්දි බස හදාරන්නීය.

‘මට ඇහෙන හැම හින්දි වචනයක්ම යළි උස් හඩින් කෑගසා කියනවා. මිනිස්සු මට පිස්සු කියලා හිතනවා ඇති. ඒත් ‘ජිස්මි 2’ වෙනුවෙන් මං නොකරන දෙයක් නෑ’ සනී පවසන්නීය.

මුලින්ම ඇය ජර්මානු බේකරියක සහ ආදායම් බදු සහ විශ්‍රාම වැටුප් පිළිබඳ ආයතනයක සේවය කර තිබේ. පසුව මෝස්තර නිරූපිකාවක, සමලිංගික චරිත රඟන්නියක ලෙස ඇය ප්‍රකට වූවාය. 2011 දී ඉන්දියාවේ ‘බිග් බොස්’ රියැලිටි වැඩසටහනට සහභාගි වීමෙන් පසුව ‘ජිස්මි 2’ හි රඟන්නට ඇයට ඇරැයුම් ලැබුණි.


ඇසිපිය හෙළ පමණින් නොවෙති මධුරී

මධුරී ඩික්සිත්, කොපමණ බලා සිටියත් එපා නොවන රුවකට හිමිකම් කියන තාරකාවකි. මේ රුව ඉටි රුවක් වුණොත් . . . එදෙස බැලූ කෙනකුට ඇසිපිය ගසන්නට නම් අමතක වෙනවා සිකුරුයි.

මැඩම් සූසාඩ්ගේ කෞතුකාගාරයේදී මධුරී ඩික්සිත් පසුගියදා ඉටි රුවක් බවට පත් වූවාය. තමන් ඉටි රුවක් බවට පත්වීම ගැන මධුරී සිටින්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසිනි. සූසාඩ්ගේ ඉටි කෞතුකාගාරයට යාමට වරම් ලැබූ හත්වැනි තරුව, මධුරීය. අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, රිතික් රොෂාන්, සල්මන් ඛාන්, ඓශ්වර්යා රායි, කරීනා කපූර් මීට පෙර ඉටි රූ බවට පත් වූ තරුය.

ඉටි රුව තැනීම ඇරැඹුණු දිනයේ සිට මධුරී කැමැත්තෙන්ම ඊට හවුල් වූවාය. නිර්මාණකරුවන්ට ඡායාරූප සොයා දුන්නාය. මධුරීගේ සතුට කෙතරම් ඉහ වහා ගොස් ඇත්දැයි කිවහොත් ඇය ඉටි රුවට ඇන්දවීම සඳහා ඇයගේ අලංකාර සාරියක් පවා තිළිණ කළාය.

ඉටි රුව නිර්මාණය කිරීමට මාස හතරක් ගත වී ඇති අතර අමෙරිකානු ඩොලර් 150,000 ක් වැය වී තිබේ.


එදා හේමා මෙදා කත්‍රිනා

‘සීතා ඕර් ගීතා’

1972 වසරේදී ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටයකි.

සීතා, ගීතා යන එක හා සමාන රුව රැගත් නිවුන් සොයුරියන්ගේ චරිත රඟපෑවේ හේමා මාලිනීය. සිනමාපටය තිරගතවීමත් සමඟ හේමා මාලිනී, බොලිවුඩයේ ‘සිහින කුමරිය’ ලෙසින් තවදුරටත් ස්ථාවර වූවාය. හේමාට සිය වෘත්තීය ජීවිතයේදී හොඳම නිළිය ලෙසින් ලැබුණු එකම ෆිල්ම් ෆෙයාර් සම්මානය ලැබුණේ මෙහි රංගනයටයි. සිනමාපටය 1976 දී සෝවියට් ජනපදයේ ද සාර්ථක ලෙස තිරගත කෙරිණ.

අතිශය ජනාදරයට පත් ‘සීතා ඕර් ගීතා’ යළි බොලිවුඩයේ ප්‍රතිනිර්මාණය වෙයි. මෙවර සීතා සහ ගීතා බවට පත් වන්නේ කත්‍රිනා කායිෆ්ය. කත්‍රිනා නිරන්තරයෙන්ම හේමා මාලිනීගේ එම රංගනයන් අගය කරමින් කතා කරන්නීය. ඇය හේමා රැඟූ චරිතය යළි රඟන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නීය.

නව ‘සීතා ඕර් ගීතා’ නිර්මාණය කරන්නේ මුල් ‘සීතා ඕර් ගීතා’ ඬෂ්පාදනය කළ ජී. පී. සිප්පිගේ මුනුබුරන්ය.


මෙන්න කන විදලා

බොහෝ විට සිනමාවේදී සිදුවන්නේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේය. ඉම්රාන් ඛාන්ටත් ඒ නීතිය පොදුය. කන් විදින්නේ කාන්තාවන් වුණත් ඉම්රාන්ට නළුවකු වීම නිසා කන් විදීමට සිදු විය.

‘මාතෘ කි බිජ්ලී කා මන්දෝලා’ සිනමාපටයේ චරිතයට ඉම්රාන් පසුගියදා කන් විදීමට සිදු විය. කන් සිදුරු කිිරීමෙන් පසු ආසාදනය වීම නිසා ඔහු ඉවසාගත නොහැකි තරම් වේදනාවට පත් වී තිබේ. ඉන්පසු ඔහුට පැළැඳූ රන් බෝල කරාබු ගලවා, කරාබු සවි කිරීමට සිදු විය. සිනමාපටය පුරාම ඔහු පෙනී සිටින්නේ කරාබු පැළඳගෙනයි.

මේ සිදුවීමෙන් පසු අධ්‍යක්ෂවරයා කරාබු ඉවත් කරන ලෙස පැවසුවත් ඔහු ඊට අකැමැති වී තිබේ.

ඉම්රාන් ඛාන් රංගනයට කෙතරම් කැප වී සිටිනවා ද යන්නට මේ ප්‍රතික්ෂේප කිරීමම හොඳ නිදසුනකි. විසි නව හැවිරිදි ඉම්රාන්ගේ සිනමා දිවියට තවමත් වසර හතරකි.

ඔහු රැවුල වවාගෙන, කරාබු පැළඳගෙන රඟපාන ‘මාතෘ කි බිජ්ලි කා මන්දෝලා’ විකට සිනමාපටයකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු