අර්ජුනගෙන් පැන විසඳුම්

මීගමුවේ සුදත් නිශාන්ත

ඈතින් ඈතට චිත්‍රපටයේ දමයන්ති ෆොන්සේකාට පෙම් කරන තුන් දෙනා ගෙන් එක් අයෙක් ලෙස රඟපානුයේ විමල් කුමාර් ද කොස්තා බව දනිමි. අනිත් දෙදෙනා ලෙස රඟපානුයේ කවුරුන්ද?

ඈතින් ඈතට චිත්‍රපටයේ දමයන්ති ෆොන්සේකා රඟ නොපාන වග දනිමි.

එහි රඟපානුවේ රසාදරී ෆොන්සේකා යි. එහි රඟපාන නළුවන් දෙදෙනා කරුණාරත්න හඟගවත්ත සහ හරිස් ජයරත්න යි.

හැඳල පාලක සමන් පෙරේරා

ග්‍රේෂන් ආනන්ද සහ ඇන්ජලින් ගුණතිලක ගයන සීතාදෝ මේ කැකුළී ගීතය ඇතුළත් චිත්‍රපටය කුමක්ද?

රජ වැඩ කාරයෝ

රාගම දඬුව අශෝක ප්‍රනාන්දු

එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මොනවාද?

සුරයහන ගිනි ගනී,ගිනිගත් මධු සමය,රෝස පැටික්කී,සිනාසුනා ආදරෙන්,ස්වීට් ඒන්ජල්

කළුතර දකුණ දොඩංගොඩ එන්.ඩී.ඉසෙඩ් සිරිවර්ධන

ඉයන් ෆ්ලෙමිංගේ ජේම්ස් බොන්ඩ් නවකතා කීයක් සිනමාවට නැගුණාද?මෙයින් ඔබ වඩාත් කැමතිම චිත්‍රපටය කුමක්ද?

කැසිනෝ රෝයල් සිට ද ලිවිං ඩේලයිට්ස් දක්වා වූ ඉයන් ෆ්ලෙමිං විසින්ම රචනා කරන ලද ජේම්ස් බොන්ඩ් නවකතා 14ම සිනමාවට නැගුණා.එමෙන්ම නිල වශයෙන් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 22ක් තිර ගත වුණා.එහි ඉතිරි නවකතා වෙනත් රචකයන් අතින් රචනා වූ ඒවා.

23 වැන්න ලබන සැප්තැම්බරයේ තිර ගත වීමට නියමිතයි.මේ අතරින් ඔන් හූ මැජස්ටික් සර්විස් සහ ඔක්ටොපුසි යන චිත්‍රපට යුගලට හැර සෙසු චිත්‍රපට සියල්ලටම මම කැමතියි.

ගාල්ලේ විජය ගලප්පත්ති

1990 වසරේ රූ ගත කළ ස්වාමි භක්ති,අංජලී.ක්‍රිකට් කැප්ටන් යන චිත්‍රපට වලට මොකද උනේ?

මේ අතරින් ස්වාමි භක්ති සහ අංජලී යන චිත්‍රපට යුගලම වැඩ නිම වුණා.ක්‍රිකට් කැප්ටන් නම් වැඩ නිම වූයේ නැහැ.මුල් චිත්‍රපට දෙක තිර ගත නොවූයේ ඇයි දැයි දන්නේ නැහැ.

ගම්පොල විරාජ් දිමිතිර ප්‍රනාන්දු

රන්මුතුදූව චිත්‍රපටයේ එක් පිටපතක්වත් ලංකාවේ නැත්නම් එහි ඩීවීඩී පට තිබෙන්නේ කෙලෙසද?

රන්මුතුව චිත්‍රපටයේ පිටපතක් ස්වාධීන රූපවාහිනිය මගින් 1980 වසරේ විකාශය කළා. එහි වී.එච්.එස් පිටපත් ඒ දවස්වල විකාශය වද්දී නීතියට පරිබාහිරව ඇතැමුන් පිටපත් කර ගෙන අලෙවි කළා.

අද ඩීවීඩී බවට පත්ව ඇත්තේ එයින් උපුටා ගත් පිටපත් බව ඒවා නරඹද්දී පෙනෙනවා. සංදේශයේ පවා පිටපත අද ඇත්තේ ඒ ආකාරයෙන්

ඉහල තල්ැවේ ආනන්ද වික්‍රමාරච්චි

බටහිර ගොපළු චිත්‍රපට රඟපෑමෙන් කීර්තිමත් වූ ක්ලීන්ට් ඊස්ට්වුඩ් පසුකලක සිනමාකරුවකු බවට පත් වුනත් ඒවා ප්‍රේක්ෂකයන් අතර පෙර සේ වැළඳ ගත්තේ නෑ නේද?

ආනන්ද මා විශ්වාස කරන අන්දමට ක්ලීන්ට් ඊස්ට්වුඩ් නළුවා අබිබවා සිනමාකරුවා ඉස්මතු වුනා.

ඔහු නිර්මාණය කළ ග්‍රෑන් ටොරිනෝ, අන්ෆොගිවන්, ලෙටර්ස් ෆ්‍රොම් ඉවෝ ජිමා, මිලියන් ඩොලර් බේබි, ෆලෑග්ස් ඔෆ් අවර් ෆාදර්ස් වැනි චිත්‍රපට ලොව ඉහලම ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක් වුනා පමනක් නොවෙයි.

එම චිත්‍රපට හොලිවුඩ් සිනමාවේ බිහිවූ වඩාත්ම විශීෂ්ට චිත්‍රපට අතරට එකතු කරනන්ටත් සිනමා විචාරකයන් පවා මැලි වන්නේ නැහැ.

රත්මල් අගාර ඩී.එම්.සුනිල් ශාන්ත දිසානායක

භාරතීය සිනමාවේ ආරම්භය ලෙස හඳූන්වනුයේ කවදාද?එහි තිර ගත වූ මුල්ම චිත්‍රපටය කුමක්ද?

එරට සිනමාවේ ආරම්භය ලෙස සලකනුයේ 1913 මැයි 03 වැනිදායි. එදින දාදා සහාබ් පාල්කේ තැනූ රාජා හරිශ්චන්ද්‍ර සිනමාකෘතිය මුල් වරට තිරගත වූ දවසයි.

මොරටුව මොරටුවැල්ල හිලරි සිරි ලාල්ද අල්මේදා

හින්දි සිනමාවේ පතාක යෝධයකු වූ රාජ් කපූර් මුල්වරට රඟපෑ චිත්‍රපටය කුමක්ද?

11 හැවිරිදි වියේදී එනම් 1935 වසරේ දී රඟ පෑ ඉන්කියුලාබ් නම් චිත්‍රපටයයි.

රාගම වැලිසර සොයිසාවත්ත අයිලින් සෝවිස්

පැරණි හින්දි නිළියක් වන කාමිණී කෞෂල් ගැන විස්තරයක් දැන ගත හැකිද?

පසුගිය ජනවාරි 16 වැනිදාට අවුරුදු 85 පිරුණු කාමිඛී කෞෂල් උපත ලැබුවේ වත්මන් පාකිස්ථානයට අයත් ලාහෝර් නගරයේ දී උමා කාශ්‍යප් නමින්. පසුව ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිය ලද ඇය පසුව චේතන් ආනන්ද් ගේ නීච් නගර් චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් වුණා. එමෙන්ම ඇය ළමා කතා රචිකාවියක් ලෙසත් පතළයි.

1956 වසරේ හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ඇය ිදිනා ගත්තේ බිරජ් බාහු චිත්‍රපටය වෙනුවෙනුයි. ඇගේ සොයුරිය සිය දරුවන් බාල වියේදීම මිය ගිය හෙයින් ඇගේ සැමියා සමග විවාහ වන්නට ඇයට සිදු වුණා. එහෙත් කලක් දිල්ප් කුමාර් සමග ඇගේ සබඳතාවක් ඇතැයි කටකතා පැතිරුණා. ජේලර්,උප්කාර්,වාරිස්,සන්‍යාස් වැනි චිත්‍රපට රැසකම ඇය චරිත නිරූපනය කළා.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත කේ.පී.පියසේන

විජිත මල්ලිකා මුල් වරට හා අවසන් වරට රඟග පෑ චිත්‍රපට මොනවාද?

මුල් වරට රඟපෑවේ සූරයා චිත්‍රපටයේ. අවසන් වරට රඟපෑවේ හොඳීන් ඉන්න චිත්‍රපටයේ.

කෑගල්ල මැනිකේ විල්වල සහ තිලකරත්න විල්වල

ජනක් ජනක් ප්‍යාල් බාජි චිත්‍රපටයේ සංගීතය සැපයුවේ කවුරුන්ද?

වසන්ත් දේසායි

වත්තල පී.ජී.කමල් පද්මලාල් සහ සුරන්ජිත් ධම්මික ජයලාල්

සෙවන් නයිට් ඉන් ජපෑන් සහ දි අදර් සයිඩ් ඔෆ් මිඩිනයිට් චිත්‍රපට ඩීවීඩී ලබා ගත හැකිද?

අපොයි ඕනෑ තරම් තියෙනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු