ගී අඹරේ තරු පෑයූ දෙරණ Music Award

පසුගිය සැන්දෑවක මෙරට සංගීත අඹර ආලෝකමත් කළ තරු කැට රාශියක් වාද්දුව ‘The Blue Water’ හෝටල් පරිශ්‍රයට රැස් වුණේ සිතෙහි බලාපොරොත්තු ගොන්නක්ම රඳවාගෙන.

මියුසික් වීඩියෝ ඇගයීමට ලක් කරමින් ලංකාවේ පවත්වන එකම සම්මාන උළෙල වන දෙරණ මියුසික් වීඩියෝ 2011 සම්මාන උළෙලේ උණුසුම විඳින්න ප්‍රවීණ, නවක භේදයකින් තොරව රැස්ව සිටි මේ පිරිස නැවුම් බලාපොරොත්තු සමඟින් කාලය ගෙවී යන අතරවාරයේ කාගේත් සිත් නොරිදෙන පරිදි පුංචි මඩ ව්‍යාපාරයක් ගෙන ගියේ දුකා. ඒ කියන්නේ දුක්ගන්නා රාළ. මේ මඩ ව්‍යාපාරය නිසා සමිතා ඉරාජ්ගේ පෙම්වතියන් ගැනත් රටටම කියන්න හැදුවත් ඉරාජ්ගේ බලවත් බැගෑපත් ඉල්ලීම මත සමිතා නිහඬ වුණා. හැබැයි ඉරාජ් සමිතාට අලි අනාථාගාරය කියලා නම් ඒ වන විට කියා අවසන්. මේ සියල්ල මෙසේ වෙද්දී දුකාගෙන් ඇරයුම් ලැබුණේ භාතිය සංතුෂ්ට. ඒ දෙන්නත් මුවින් සිනාසුණත් හිතේ නම් දෙගිඩියාවක් තිබුණා. වෙන්න යන දේ ගැන කොහොම වුණත් දුකා සංතුෂ්ට එල්ල කරන්න තිබූ මඩ ප්‍රහාරය නම් නවත්වන්න ඇත්තේ පැරැණි හිතවත්කම නිසා වෙන්නත් ඇති. මේ රසවත් සිදුවීම් සිදුවන අතරවාරයේදී සංගීත ක්ෂේත්‍රයට නොයෙක් අන්දමින් දායක වුණු පිරිස ප්‍රවීණයන් අතින් සම්මානයට පාත්‍ර වුණා.

2011 වසරේ හොඳම සංගීත වීඩියෝව - ඉරාජ් වීරරත්න (පොලීසිය)

අධ්‍යක්ෂණය – චමිල් පතිරණ

ජනප්‍රියම සංගීත වීඩියෝව (රන් සම්මානය -)

රොමේෂ් සුගතපාල (දිගු දෑස)

ජනප්‍රියම සංගීත වීඩියෝව (රිදී සම්මානය )

දමිත් අසංග (මට හීනයක්)

ජනප්‍රියම සංගීත වීඩියෝව (ලෝකඩ සම්මානය)

භාචි සුසාන් (අවසාන මොහොත මාගේ)

වසරේ ජනප්‍රියතම ජාත්‍යන්තර සහයෝගිතා

වීඩියෝව - භාතිය සහ සංතුෂ් සමඟ ආශා

බෝස්ලේ (දේදුන්න සේදී)

වසරේ ජනප්‍රියම සංගීත කණ්ඩායම - සෙන්ටිග්‍රේට්ස්

හොඳම ශ්‍රී ලාංකික පොප් වීඩියෝව - සන් ජේ බණ්ඩාර (ඩයමන්ඩ් ගර්ල්)

අධ්‍යක්ෂණය – දිලීප පී. සෝලංගආරච්චි

සංගීත වීඩියෝව තුළ හොඳම

නර්තන දායකත්වය ලබා දුන් ගායන ශිල්පියා -

දුෂ්‍යන්ත වීරමන් (දේදුන්න වාගේ)

ජූරියේ සම්මාන – කුමුදුනී ඩේවිඩ් සමඟ ග්‍රේෂන් පලිහක්කාර (දද සඳ)

අධ්‍යක්ෂණය - ශක්ති ජේ. හෙට්ටිආරච්චි

කසුන් කල්හාර -කඳුළු

අධ්‍යක්ෂණය – අමිල ගලප්පත්ති

සංගීත වීඩියෝව තුළ හොඳම රංගන දායකත්වය ලබා දුන් ගායන ශිල්පිනිය – නිරෝෂා විරාජිණී (පියානෝව)

සංගීත වීඩියෝව තුළ හොඳම රංගන දායකත්වය ලබා දුන් ගායන ශිල්පියා - සචින් පීරිස් (සුකුමාල සිරි)

හොඳම ශ්‍රී ලාංකික රැප් ඉදිරිපත් කිරීම – ක්‍රිෂාන් මහේසන් (පපරේ)

හොඳම ශ්‍රී ලාංකික දමිළ වීඩියෝව - සජිත් සමඟ ඉරාජ්, සුජීවා, මොහාන්, උපේකා, ප්‍රතාප් (ගොවි ගීතය)

අධ්‍යක්ෂණය – වසන්ත දුක්ගන්නාරාළ

චිත්‍රපටයක් ආශ්‍රයෙන් නිර්මාණය වුණු හොඳම සංගීත වීඩියෝව - උදය ධර්මවර්ධන (ලෙ පපියොනුවා චිත්‍රපටය)

හොඳම රූප රචනය සහිත ගීතය ඇතුළත් චිත්‍රපටය – උදයකාන්ත වර්ණසූරිය (චැලෙන්ජර්ස් චිත්‍රපටය)

හොඳම ශ්‍රී ලාංකික ආර්. එන්. බී. වීඩියෝව - ඉරාජ් සමඟ පේෂල (සිත්තිමනීලා)

අධ්‍යක්ෂණය – ප්‍රසාද් රණසිංහ

හොඳම ශ්‍රී ලාංකික රැගේ වීඩියෝව – ඉරාජ් වීරරත්න (පොලීසිය)

අධ්‍යක්ෂණය – චමිල් පතිරණ

හොඳම ශ්‍රී ලාංකික බයිලා වීඩියෝව -

අශාන්ති සමඟ ක්‍රිෂාන් (පපරෙ)

අධ්‍යක්ෂණය – ප්‍රසාද් රණසිංහ

හොඳම ශ්‍රී ලාංකික බයිලා වීඩියෝව - ලන්ත්‍ර පෙරේරා (මගේ ගර්ල් ෆෙ‍්‍රන්ඩ්)

අධ්‍යක්ෂණය – ප්‍රසාද් රණසිංහ

හොඳම ශ්‍රී ලාංකික රොක් වීඩියෝව - ඉන්ද්‍රචාප ලියනගේ (දෑසින්)

අධ්‍යක්ෂණය – මුවිඳු බිනෝයි

හොඳම අධ්‍යක්ෂක - මුවිඳු බිනෝයි (දෑසින්)

හොඳම තේමාව - නිරීෂා විරාජිණී (පියානෝව)

අධ්‍යක්ෂණය – ප්‍රදීප් ධර්මදාස

හොඳම විකල්ප වීඩියෝව - ALTERNATIVE video කසුන් කල්හාර (කඳුළු)

අධ්‍යක්ෂණය – අමිල ගලප්පත්ති

හොඳම ජාත්‍යන්තර සහයෝගීතා සංගීත

වීඩියෝව - රනිඳු සමඟජෙකස් (මේ ගත්මේ)

අධ්‍යක්ෂණය - සුන්තර් ප්‍රේමකුමාර්

හොඳම දේශාභිමානී ගීතය - සචින් සමඟ ඉරාජ්,

සුජීවා, මොහාන්, උපේකා, ප්‍රතාප් (ගොවි ගීතය)

අධ්‍යක්ෂණය – වසන්ත දුක්ගන්නාරාළ

හොඳම ක්‍රිකට් වීඩියෝව - ඉරාජ් වීරරත්න (ලයන් නේෂන්)

අධ්‍යක්ෂණය – නිලාන් කුරේ

හොඳම නර්තන සැලසුම්කරණය - ලසන්ත

ප්‍රමුදිත (බයිලා ගමුද රී මික්ස් කරලා)

නිලාන් මලිගස්පෙ (පියානෝව)

හොඳම කලා අධ්‍යක්ෂණය – ප්‍රවීන් හසිත් (දෑසින්)

හොඳම කැමරාකරණය – චින්තක සෝමකීර්ති (පියාමෝව)

හොඳම ශ්‍රී ලාංකික හිප් පොප් වීඩියෝව -  ක්ලෙව්ස් (ටුක් ටුක්)

අධ්‍යක්ෂණය – ඉන්දික වික්‍රමරත්න

හොඳම ශ්‍රී ලාංකික ඉංග්‍රීසි වීඩියෝව – රනිඳු සමඟ ආර්. ටී. එප් -I Got Ur No

හොඳම සංස්කරණය – කාවින්ද මුදලිගෙ (උල්කාපාතයක්)

හොඳම විශේෂ ප්‍රයෝග යෙදීම –  වයිඩ් ඈන්ගල් නිෂ්පාදන

මේ සියලු සම්මානලාභීන් අතරට මේකලා ගමගේත් එක්වුණා. නෙතින් නොදුටු ලෝකයක් උදෙසා හඬ අවදි කළ ඇය මෙදින සැඳෑවේ හොඳම නවක ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. එය මේකලා සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවයි. කෙසේ නමුත් ප්‍රවීණ, නවක භේදයකින් තොරව අපේ කලාකරුවෝ හුනස්නෙන් නැඟිට අත්පොළසන් නදකින් මේකලාට සුභ පැතුවේ ළයෙහි උපන් සැබෑ ළෙන්ගතුකමකින්මයි.

ප්‍රීමා කොත්තු මී අනුග්‍රහයෙන් ලබා දුන් සම්මාන

ප්‍රීමා කොත්තු මී නැඟී එන වසරේ තරුව – කේෂාන් ශෂින්ද්‍ර

වසරේ හොට් ඇන්ඩ් ස්පයිසි වීඩියෝව - රොෂාන් ප්‍රනාන්දු (සිහින සිත්තරාවි)

දිගු දෑස අමතක නොවන රොමේෂ්ට මතක සිටින ජනතා ප්‍රසාදය දමිත් අසංගගේ හීනයටත් සම්මානයක්
කුස පබාත් සම්මාන උළෙලේ දේදුන්න වාගේ පායන්න ආයේ ....
ඉරාජ්ගේ සහෘදයෙක් භාචි ගේ හඬ මෙසේ අවදි විය
නිවේදනයෙන් හැඩ කළේ අනර්කලී සමඟ සාරංග කමල් අද්දරආරච්චි සමඟ  රොෂාන් රණවන

නදීශා හේමමාලි සමඟ පබෝධා

මේ සිනහව දුකාගේ කතාවකටද?

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු