FEEDBACK

සුනිලුනි උමංදාවට

මහාචාර්ය සුනිල් ආරියරත්නට,

පන්සිය පනස් ජාතක පොතේ කුස ජාතකය ඇසුරින් තැනූ කුස - පබා සිනමා සිතුවම ඔස්සේ ප්‍රේක්ෂක සිත්වල සදා අනුස්මරණීය මතක සටහන් තැබූ ඔබතුමන්ට උම්මග්ග ජාතකයේ එන ශ්‍රේෂ්ඨ චරිත යුවළක් වූ මහෞෂධ පඬිතුමා සහ අමරා දේවි ඇසුරින් සිනමා නිර්මාණයක් කිරීමට මා ඇරැයුම් කරමි.

හර්ෂනාථ බණ්ඩාර -

නිකවැරටිය.

අංජුලා දැන් කෝ?

වැඩිපුර දඟකාර චරිත රඟන අංජුලා රාජපක්ෂ මේ දිනවල පුංචි තිරයේ දකින්නට නොලැබීම කනගාටුවට කරුණකි.

ගීතානි ජයසිංහ

කුලියාපිටිය.

ගී අඳෙනා

බොහෝ සිංහල ගීත අතරට අඳෙීනාවන් ද නිර්මාණය වී තිබේ. ඒවා අඳෙීනා මිසක ගීත නොවේ. ඒවාට අපේ අප්‍රසාදය.

මනෝජ් වින්දන- කොට්ටාව.

ප්‍රේම් යළි හමු වෙමු

හෙළ ගීත ක්ෂේත්‍රයට ඔබගෙන් ලද දායකත්වය මිල කළ නොහැකිය. එමෙන්ම මධුර මනෝහර කටහඬ එක්තැන් කළ යුගයේ හොඳම නිවේදකයකු ලෙස ඔබව කිසිම දිනෙක අමතක කරන්නට බැහැ. ඒ තරමටම ඔබ දක්ෂයි. ඔබ සතු කුසලතා රැසකි. කලා ක්ෂේත්‍රය බැබැල වූ හැටි මට මේ වනතුරු මතකයි. දයාබර ප්‍රේම්, ඔබ යළිත් අප අතරට කවදා හෝ එන්න.

මිල්ටන් ප්‍රනාන්දු

මිනෙරෝ, උතුරු මූදුකටුව.

වර්තමාන ටෙලි නාට්‍ය කතා

මව්පියන් දුක් මහන්සි වී හදන දරු දැරියන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සියලු කැපවීම් කළ මව්පියන්ට දරුවන් ලොකු මහත් වූ පසුව ඔවුන්ව මට්ටු කරන ඔවුන්ගේ දෙනෙතට කඳුළු ගෙනෙන හිතුවක්කාර, නොගැළපෙන ආදර සම්බන්ධකම් මත දිග හැරෙන ටෙලි නාට්‍ය තුළ මව්පියන් දරුවන් ඉදිරියේ අසරණ වීම ලාංකේය සමාජයේ මෙතෙක් පැවති සිරිත් විරිත් ඉවත දමා අලුත් සංස්කෘතියක් බිහි කිරීමට මඟ පෙන්වීම ඉතා ශෝචනීය කරුණක් ලෙස මා දකිමි.

බී. පී. සමරපාල - උඩවෙල, කල්එළිය.

වසන්ත කාලයට තුති පුද

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ මේ වසන්ත කාලයයි ටෙලි නාට්‍යය සෙනසුරාදා හා ඉරිදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ. මා මෑත කාලයේ පුංචි තිරයේ දුටු තුති මල් පිදිය යුතු කලා නිර්මාණයකි එය. එහි රංගන දායකත්වය සපයන නළු නිළියන්ගේ රංගනය කතාවට ගැළපෙන, චරිතවලට සාධාරණයක් කරන බව මෙම නාට්‍ය නරඹන අපට හැඟේ.

මීගමුවේ

අජිත් ලක්මාල්

හීන හතට නොඉවසිල්ලෙන්

සෙනසුරාදා දිනය තෙක් අප ඉන්නේ නොඉවසිල්ලෙන්. ඒ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ දිග හැරෙන ආශා සහ රොෂාන් අයියා ගෙන එන හීන හත බලන්න.

අනූෂා ලක්මාලි - මැද්දගොඩ.

දුප්පතාගේ හිතවතාට පිහිට වෙමු

සිංහල සිනමාවේ රජකම් කළ තවත් රසවතකු අසරණව කල් ගෙවන බව සැලවීමෙන් අප හදවත් කම්පාවට පත් විය. දෛවය මිනිසාට මෙතරම් සරදම් කළ ද ඔහු අප වෙනුවෙන් කළ සේවය සුළුපටු නොවේ. ඇති හැකි අය රූපවාහිනී කැමරාව ඉදිරියේ දන් දී දාන පාරමිතාව පුරද්දී සුවහසක් ජනතාවගේ සිත් සතන් සැනසූ මෙවැනි මිනිසුන්ට එවැනි දානපතීන්ගේ දෑස යොමු නොවීම කනගාටුදායකය.

බැප්ටිස් ප්‍රනාන්දු නම් මේ ආදරණිය හිතවතාට සහයෝගය දීම ඔහුට ආදරය කළ සැමගේ යුතුකමකි.

සමන් ගාල්ලගේ

කැටපල.

කමල් තව තවත්

කමල් දේශප්‍රිය සපුමලී ටෙලි නාට්‍යයයෙහි රඟපාන චරිතය ඉතාම රසවත්. හොඳයි, තවත් එවන් නිර්මාණවලට දායක වන්න.

ජාඇළ

කළඑළිය

පාතිමා මාවතේ

සරත් සේනාධීර

වෙනස නැවුම්

ස්වාධීන රූපවාහිනියේ බදාදා රාත්‍රියේ විකාශය වන ‘වෙනස’ අපට නැවුම් අත්දැකීමක් මෙන්ම විශාල දැනුම් සම්භාරයක් ලබා දෙන රූපවාහිනී නාලිකාවක කලාතුරකින් දකින්නට ලැබෙන වැඩසටහනකි.

මත්තේගොඩ - අජිත් ජෝතිය කරසිංහ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු