බුද්ධි මතක මං පෙත දිගේ

පසුගිය දවසක හැන්දෑවේ අපේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයකු, සිනමාහල් හිමියකු වන බුද්ධි කීර්තිසේනයන් කොළඹ කොටුවේ බ්‍රිස්ටල් වීදිය පැත්තේ ඇවිදින අයුරු අපට පෙනුණා.

වර්තමානයේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති ධුරය හොබවන බුද්ධි, රාජකාරි කටයුත්තක් සඳහා කොටුවට පැමිණ තම මෝටර් රථය පැමිණෙන තුරු ඇවිදිමින් සිටියා.

හැබැයි බුද්ධිගේ හිත තිබුණේ එතන නොවේ. කලකට ඉහත පුවත්පත් කලාවේදියකු හැටියට තම ජීවිතය ඇරැඹූ ටයිම්ස් මන්දිරය දිහාවෙයි.

එදා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කැටුව බ්‍රිස්ටල් වීදියේ අවන්හලට ගොඩ වුණ අන්දමත්, එවැනි උගතුන් හරහා ලබාගත් දැනුම් සම්භාරය, ජීවිත කාලය මුලුල්ලටම තමන්ට අත්වැලක් වූ අන්දමත් බුද්ධි සිහිපත් කළේ මහත් සොම්නසිනි. එපමණක් නොවේ මේ පැරැණි යටගියාව සිහිපත් කරමින් තමා එදා ආ ගිය බ්‍රිස්ටල් වීදියේ ‘තෝසේ’ කඩේට ගොඩවීමටත් බුද්ධි අමතක කළේ නැහැ.

වික්ටර් හා සමවන වෙන කවුරු

වික්ටර් රත්නායකයන්ගේ හැත්තෑ වෙනි ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රසංගයක් පසුගියදා පැවැත්වුණා. එම ප්‍රසංගය අතරමගදී එය සංවිධානය කළ ‘සිරස’ වික්ටර් රත්නායකයන් මවිත වන දෙයක් ඉදිරිපත් කළා. ඒ ‘මැඩම් සුසාඩ්’ කෞතුකාගාරයේ ඉටි රුව පරදවන මෙරට නිර්මාණ ශිල්පියකුගේ දස්කමින් නිර්මාණය වුණු ඉටි රුවක්. වික්ටර් ගේ හා අනුරුවේ කිසිදු වෙනසක් නම් පෙනෙන්න තිබුණේ නැහැ.

අපට මේ ගැන කිව්වේ ප්‍රවීණ ගීත නිබන්දක කුමාරදාස සපුතන්ත්‍රියි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු