සළ රූ ගී සර

බිත්ති හතර

අතීත සිහිනය මිය යන්නේ
නිරුදක කතරක සටහන් සේ
උදෑසනක එක් පිනිබිඳුවක් දෝ
හිරු එනතුරු රන් දෑත් සලන්නේ

සඳ හිරු ගිලිහුනු අහසේ
මිලාන අඳුරු අනන්තේ
වලාකුලක් යට සැඟව ගියාදෝ
අප අතරේ පිපි සිනා සමන්වැල්

සෙනෙහස සේදුනු දෑසේ
ජීවය නොමැත දිලෙන්නේ
අගාධයක් මැඳ සඳක් වුණාදෝ
මතක රටා වෙත සිහින රැහැන් වැල්

පද රචනය – බණ්ඩාර විජයතුංග
සංගීතය – ජස්ටින් ටොරිංටන් අබේවර්ධන
ගායනය – නීලා වික්‍රමසිංහ
අධ්‍යක්ෂණය - පරාක්‍රම ද සිල්වා

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු