කරළිය

පෙබරවාරි 24 වැනිදා

* ඩී. කුමාරගේ ‘මාෂා සහ වලහා’ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ

* සරත් කුලාංගගේ ‘දෙයියෝ සාක්කි’ ගලේවෙල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ.

25 වැනිදා

* චන්ද්‍ර ශ්‍රී පෙරේරාගේ ‘ගැහැනියක් වෙන්දේසියේ’ හොරණ බුලත්සිංහල ශ්‍රවණාගාරයේ

* සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ බදුල්ල පුරහලේදී

26 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ මොරටුව බෞද්ධ මන්දිරයේ

* සෝමලතා සුබසිංහගේ විකෘති පස්සර මධ්‍ය විද්‍යාලයීය රංග ශාලාවේදී

* මධ්‍යම පළාත් කාන්තා වාණිජ මණ්ඩලයේ සුබ සාධක සංගමයට ආධාර පිණිස සුනිල් ශ්‍රීගේ ‘බූවල්ලා’ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේ.

* ගම්පොල ජිනරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස ජයලත් මනෝරත්නගේ ‘බූරුවා මහත්තයා’වික්‍රමබාහු විද්‍යාලයීය ශාලාවේදී.

28 වැනිදා

* ප්‍රසන්න විතානගේ ගේ ‘දෙබිඩ්ඩෝ’ අනුරාධපුර

ස්වර්ණමාලි බාලිකා විදුහල් රංග ශාලාවේ.

29 වැනිදා

* ජයලත් මනෝරත්නගේ ‘බූරුවා මහත්තයා’ ගල්ගමුව ජාතික පාසලේදී.


නාට්‍ය උළෙලේ සම්මාන දිනුවෝ

රාජ්‍ය නාට්‍ය උළෙල හතළිස් වැනි වරටත් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත් විණ. එහිදී සම්මානයට පාත්‍ර වූ නාට්‍යකරුවන් මෙසේයි.

දිගු නාට්‍ය -
හොඳම නළුවා ප්‍රියන්ත හොඳම නිළිය ප්‍රසාදිනි
හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය අතුල ජයසිංහ

හොඳම නළුවා - ප්‍රියන්ත සිරිකුමාර – ග්ලැඩියේටර් ප්‍රේමය

හොඳම නිළිය – ප්‍රසාදිනි අතපත්තු - ජනේලයෙන් පනින්නද

හොඳම සහාය නළුවා - තුමිඳු දොඩම්තැන්න – අද වගේ දවසක ඇන්ටිගනී

හොඳම සහාය නිළිය - සමාධි ලක්සිරි – අද වගේ දවසක ඇන්ටිගනී

හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය – ධනුෂිකා නයනකුමාරි – ජනේලයෙන් පනින්නද

හොඳම නාට්‍ය – ජනේලයෙන් පනින්නද

හොඳම නාට්‍ය පිටපත ( ස්වීය නොවන) – ආරියවංශ රණවීර – අද වගේ දවසක ඇන්ටිගනී

හොඳම නාට්‍ය පිටපත – උදයසිරි වික්‍රමරත්න - සුද්දෙක් ඔබ අමතයි

හොඳම රංගාලෝකය – ප්‍රසන්න මහගමගේ, චන්දන අලුත්ගේ

හොඳම රංගවස්ත්‍ර නිර්මාණය - දිල්කි පෙරේරා - බෝනිකි ගෙදර

හොඳම පසුතල නිර්මාණය – උපමාලී මුණසිංහ – ජනේලයෙන් පනින්නද

හොඳම අංග රචනය – දිල්කි පෙරේරා - බෝනිකි ගෙදර

හොඳම වේදිකා පරිපාලනය – විජිත් නුවන්– ජනේලයෙන් පනින්නද

හොඳම සංගීත නිර්මාණය - ලලිත් වික්‍රමරත්න – සුද්දෙක් ඔබ අමතයි

හොඳම රංග වින්‍යාසය – දසුන් පතිරණ – හැපි ජර්නි

කෙටි නාට්‍ය

හොඳම නළුවා - ජනක මුණසිංහ – බල්ලො දෙන්නෙක්

හොඳම නිළිය - රොනිකා චාමලි - අඳුර සහ එළිය

හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය - අතුල ජයසිංහ – ඩාක්නස්

හොඳම නාට්‍ය - මගේ කාලයේ වීරයෙක්

හොඳම නාට්‍ය රචනය - සංජීව රොෂාන් - ඩීසන්ට් දෙන්නෙක්

හොඳම සංගීත නිර්මාණය - තරිඳු ගමගේ - මගේ කාලයේ වීරයෙක්

හොඳම රංගාලෝකය - හේවගේ බන්දුල – ඩාක්නස්

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය - සංජීව රොෂාන්- ඩීසන්ට් දෙන්නෙක්

හොඳම පසුතල නිර්මාණය - අතුල ජයසිංහ – ඩාක්නස්

හොඳම අංග රචනය – චාමර අනුදත් – බල්ලෝ දෙන්නෙක්

හොඳම වේදිකා පරිපාලනය – චානක බණ්ඩාර, කලීල් එම්. යමින් – ඩීසන් දෙන්නෙක්

ජූරියේ විශේෂ සම්මානය - රොහාන් ද සිල්වා,(අපි)


සෝමලතා සුබසිංහට හොරණින් උපහාරයක්

හොරණ ළමා රසඥතා කමිටුව සංවිධානය කරනු ලබන සෝමලතා සුබසිංහ උපහාර උළෙල සහ ළමා නාට්‍ය ප්‍රදර්ශනය අද සහ හෙට දිනයන්හිදී හොරණ ශ්‍රීපාලි විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදිනයන්හි වේදිකා ගත වන්නේ ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ ළමා නාට්‍ය දෙකක් වන ‘පුංචි අපට දැන් තේරෙයි’ සමඟ ‘තොප්පි වෙළෙන්දා’ යන නාට්‍ය ද්විත්වයයි.


සම්මානනීය නාට්‍ය යුගලක් හෙට පන්නල

2011 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා, හොඳම රචනය, හොඳම සංගීතය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම රංගභූමි පාලනය යනාදී සම්මාන 06 ක් දිනා ගත් සොඳුරු ලොකුපෝතාගම ගේ ‘නුවන්ගේ මිතුරෝ හත්දෙනා’ ළමා නාට්‍යය හා පැරැණි උපදේශාත්මක සාහිත්‍ය ඇසුරින් නිර්මාණය කළ ‘නිධානය’ නාට්‍ය ද්විත්වය හෙට (24) දින පන්නල පුරහලේදී වේදිකා ගතවේ.

සීමාසහිත වයඹ කේ. ජී. ඩබ්ලිව්. මඟී ප්‍රවාහන පොදු බස් සමාගමේ සේවක සුබසාධක සංගමයට ආධාර පිණිස පැවැත්වෙන මෙම නාට්‍ය ගිරිඋල්ල ළමා හා යොවුන් නාට්‍ය පාසලේ ඉදිරිපත් කිරීමකි.


මේ අවුරුදු කාලේ දෙතැනක

රන්වල උඩු පිලේ ‘මේ අවුරුදු කාලේ’ මෙම මස 25 වැනිදා බී. එම්. අයි. සී. එච්. හි පිහිටි කමතේදී සහ 26 වැනිදා අගලවත්තේදී පැවැත්වේ.

සහන් රන්වල ඇතුළු උඩුපිල මෙන්ම ජනනාත් වරකාගොඩ ද මෙවර සංදර්ශනයට එක්වන අතර බී. එම්. අයි. සී. එච්. සංදර්ශනය සඳහා ඉසුරු ජයරත්න සහභාගි වන්නේ ආරාධිත ශිල්පියෙකු ලෙසය.

මෙයට ජනශ්‍රැති පර්යේෂණ මහින්ද කුමාර දළුපොත ඉදිරිපත් කරන ජන ක්‍රීඩා වැඩසටහනක් ද ඇතුළත්ය. දේශීය ජන ගී, නර්තන, බෙර වාදන, ජන ක්‍රීඩා ආදියෙන් සුසැදි ‘මේ අවුරුදු කාලේ’ ජනප්‍රිය ගීත හා නව ප්‍රාසාංගික ගීත ගණනාවකින් සමන්විතය.


දුම්බර නිලමේ 26 දොරට වඩී

ගුණරත්න ඒකනායකගේ ‘දුම්බර නිලමේ’ නම් නවතම කෘතිය මෙම මස 26 වැනිදා සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී පෙරවරු 9.00 ට දොරට වඩී.

 

ඇලන් සහ අයිස් දෙවිවරු 28 දා නිකුත් වෙයි

පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායකගේ අලුත්ම පරිවර්තනය ‘ඇලන් සහ අයිස් දෙවිවරු’ මෙම මස 28 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

සරච්වන්ද්‍ර නාට්‍ය පෙළක්

* මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මගුල් පරස්තාව සමඟ ඒකට මට හිනා හිනා’

23 වැනිදා – ටවර් රඟහලේ

24 වැනිදා – මතුගම ශ්‍රවණාගාරයේ

28 වැනිදා - කුරුණෑගල නගර ශාලාවේ

29 වැනිදා – ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවේ රංග ගතවේ.


කලා භූමියේ ගී මිණ මාර්තු පළමුවැනිදා

කලා භූමි සංගීත නිකේතනය ඔස්සේ රෝහණ වීරසිංහ සංගීතවේදියාණන් ඇතුළු ඇදුරු මඩුල්ල හැකියාවෙන් සහ උසස් රස වින්දනයකින් යුත් මිනිසුන් දැයට දායාද කිරීමේ සේවය වසර 20 කට ආසන්න කාලයක් සිදු කළේ නිහඬවමය.

‘කලා භූමි ආදි සිසු හවුල’ මාර්තු මස 1 වැනිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී ‘කලා භූමි ගී මිණ’ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන්නේ බොහොම යහපත් චේතනාවෙන්. මෙම ප්‍රසංගය මඟින් ලැබෙන්නා වූ මුදලින් කලා භූමි සංගීත නිකේතනයේ දක්ෂතම සිසුවාට හෝ සිසුවියට භාරතයට ගොස් වැඩිදුර සංගීත අධ්‍යාපනය ලබන්නට ශිෂ්‍යත්වයක් ලබා දෙනවා.

මෙම සත්කාර්ය වෙනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ප්‍රදීපා ධර්මදාස, නිර්මලා රණතුංග, ආනන්ද වීරසිරි, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ නිරෝෂා විරාජිනි සිය දායකත්වය ලබා දෙන්නේ ද කිසිදු අය කිරීමකින් තොරවයි.

සුසිල් අමරසිංහ ප්‍රමුඛ මියැසි කැල සංගීතය මෙහෙය වන කලා භූමි ගී මිණ ප්‍රසංගයේ ප්‍රවේශපත් නුගේගොඩ සහ මහරගම සරසවිය යන පොත්හල්වලින් දැන් ඔබට ලබා ගත හැකියි. - නිශංකා

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව