Q & A

සිකුරු හතෙන් පස්සේ ගිරිරාජ් කෞෂල්‍ය,

මේ දිනවල විකාශය වන ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ඉතාම තාත්ත්විකයි. ඒ ගැන යමක් කියන්න. එමෙන්ම ‘සිකුරු හත’ මෙන් චිත්‍රපටයක් නැවත නිර්මාණය කිරීමට අදහසක් නැතිද?

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය.

සිකුරු හත මෙන් පිටපතක් ලියන්න මට පසුගිය කාලයේ ගැළැපෙන අදහසක් මතු වුණේ නැහැ. නමුත් දැන් ඒ සඳහා වස්තු බීජයක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී එය නිර්මාණයක් බවට පත් කරන්න උත්සාහ ගන්නවා.සිහින පුරය ටෙලි නාට්‍යයේත් කියැවෙන්නේ මේ සමාජය තුළ සිදුවන සත්‍ය සිදුවීම් හාස්‍යයෙන් ඉදිරිපත් කිරීමයි. ඇත්තටම එහි යටි අරුත හාස්‍ය නොව මේ සමාජයේ ගැඹුරු ඛේදාන්තයයි.


උපාධියෙන් පස්සේ ලංකාවේ

සෞම්‍ය ලියනගේට,

ඔබ ප්‍රතිභාපූර්ණ නළුවෙක්, නාට්‍ය හා රංග කලා කථිකාචාර්යවරයෙක්. නමුත් රටින් පිට වී ඕස්ට්‍රේලියාවේ සිට කුමක් කරන්නේද? ඇයි මෙරටට නොඑන්නේ?

ශානක විජේසූරිය - කළුතර.

මම විදේශ ගත වූයේ මගේ ආචාර්ය උපාධියේ කටයුතු සඳහායි. තවත් අවුරුදු තුනකින් මම ලංකාවට එනවා. මේ ආචාර්ය උපාධිය කරන්නෙත් නාට්‍ය හා රංග කලාව ගැනයි. ඉගෙන ගන්නා දේවල්, පරීක්ෂණ කරන දේවල් ලංකාවට ආපසු ඔබ සැම සමඟ බෙදා හදා ගන්නවා.


ටෙලියක් ගැන හිතලා නැහැ

බෙනට් රත්නායකට,

සුළඟ, ඉර හඳ යට වැනි චිත්‍රපට තිළිණ කළ ඔබ ටෙලි නිර්මාණයක් හෝ චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නැතිද? ලිපිනයත් ලබා දෙන්න.

ලක්ෂ්මන් විතාරණ

තෙල්දෙණිය.

මගේ ලිපිනය නො: 28, ඇතුල් කෝට්ටේ, කෝට්ටේ. ළඟදී සිනමා නිර්මාණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ටෙලි නිර්මාණයක් ගැන නම් තවම තීරණයක් නැහැ.


නාට්‍ය පෝලිමේ

සේමිණී ඉද්දමල්ගොඩට

සුගිය කාලයේ ඔබ නාට්‍යයක රඟපාන බව ජනමාධ්‍යවලට පැවසුවත් එහෙම නාට්‍යයක් තවම ආවේ නැත්තේ ඇයි?

චන්ද්‍රසිරි මානවඩු

අම්බලංගොඩ.

මම පසුගිය දිනවල රඟපෑ නාට්‍ය ගණනාවක් විකාශය වීමට නියමිතයි. නෙතු පියන තුරා, අමුතු මිනිස්සු ආදී නාට්‍ය ගණනාවක් ඒ අතර තියෙනවා. මෙගා නාට්‍ය පෝලිම නිසා මේ නාට්‍ය විකාශය වීම අතරමඟ නැවතිලා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව